ජර්මනියේ නව තානාපති ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පත්වී පැමිණියේය.
තානාපති කාර්යාලයේ සේවකයෝ නිල නිවසේදි ඔහුට සෙත් පැතීමේ පිංකමක් සංවිධානය කළහ.
බර්ලින් සම්බෝධි විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ විසින් සෙත් පිරිත් දේශනා කොට ඔහුට ආශිර්වාද කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නි)
රොෂාන් ද සිල්වා මහතාණෙනි, ඔබගේ නිරහංකාර වචන අගය කරමි (නි)
ජර්මන් වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තිබෙන්නේ ඇත්තටම කුමන නගරයේද ? (අ)
මේ තනතුරට යන ඔක්කොම විදේශ සේවයේ විභාග පාස් කල අයද ? නැත්නම් ,දේශපාලන පත්වීමද ? (අ)
විදේශ තානාපති සේවයට යන හැම කෙනෙක්ම බෞද්ධ විය යුතුද ? (අ)
කරුණාතිලක අමුණුගම කියන්නේ විදේශ සේවයේ බොහෝ අත්දැකීම් ඇති පළපුරුදු හා දක්ෂ නිලධාරියෙක්. මීට වසර කිහිපයකට ඉහතදී ජර්මනියේ ලංකා තානාපති හැටියට පත්ව ආ ටී.බී. මඩුවේගෙදර මහතාට පසු නැවත විදේශ සේවාවේ පළපුරුදු තානාපති කෙනෙක්ව ජර්මනියට පත්කර එවීම ශ්‍රී ලංකාවට මෙන්ම ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත් සුබ දායක දෙයක්. මඩුවේගෙදර මහතාට පැවරී තිබුනාක් මෙන්ම අමුණුගම මහතාවත් ස්විට්සර්ලන්තය සම්බන්ධව කටයුතු කිරීමට පත් කරන්නේ නම් එහි බොහෝ ධනාත්මක වටිනා කමක් තිබේ. අමුණුගම මහතා ට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්! (අ)
රොෂාන් ද සිල්වා මහතාණෙනි, නිලෙන් අඩු තනතුරකට පත් කරන්නේ ඇත්තේ බලෙන් අඩු නිසා වෙන්න ඇති (නදී)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාටයිඅමුණුගම මහතා දක්ෂයෙක් යැයි දැන ගැනීම සතුටට කරුණක්. ප්‍රශ්නය නම් ඔහු වැනි දක්ෂයෙකු විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධූරය දරද්දී, එයින් ඔහුව අයින් කර තානාපති ධූරය වැනි ලේකම් ධූරයට වඩා නිලෙන් අඩු තනතුරකට පත් කරන්නේ කුමන දක්ෂතාවය පදනම් කරගෙනද? දන්නේ නැති නිසයි අහන්නේ. ජර්මනියේ තානාපති ධූරයද ජ්‍යෙෂ්ඨ නැතිනම් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධූරයද? මම නම් සමත් වුණේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පමණයි. (අ)
අමුණුගම උණුසුම් සුබ පැතුම්. (නදී)
මා අසා ඇති පරිදි මෙතුමා වෘතියමය විදේශ සේවා නිලධාරියෙක් (Career Diplomat). විදේශ සේවය පිළිබඳව මනා පළපුරුද්දක් සහ දැනුමක් ඇති නිලධාරියෙක්. ජර්මනියට පැමිණි විටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම හොඳ ආරම්භයක්. ලකුණු දා ගන්නට දඟලන වංක වීරයින්ගේ බටර් ගෑම් වලට මෙතුමා සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් අසු නොවෙත්වා!!!! (අ)
කාට උනත් දැනගන්න කියන්නේ දැන් දැන් ඔය ජෝබ් දේන්නේ උගත් කමට නෙවි. කඩේ ගිය තරම අනුව. ඒ නිසා මේ පත්වීම් වලින් අපි ඉපදුන රටටත් වැඩක් නැහැ. අපි ජිවත් වෙන රටටත් වැඩක් නැහැ. ඒ අය බෙදාගෙන ඒ අයම කනවා. (නදී)
කරුණාතිලක අමුණුගම මහතා උගත් කමින් පරිපුර්ණ ,විදේශ සේවයේ මනා පලපුර්ද්දක් ඇති දක්ෂ,අවංක, කඩවසම් ,කාර්ය ශුර නිලධාරියෙක් !ජපානය,චීනය හා රටවල් කීපයකම තානාපති තනතුරු දරා විදේශ අමාත්‍යාංශයේ ලේකම් තනතුරක් දැරීමට උගත් කම මුල්වුවා මිස පත්වීමක් ලබා ගැනීමට කඩේ යායුතු පුද්ගලයෙක් නම් නොවේ !රටට සේවයක් ලබා ගතහැකි බලාපොරොත්තු වෙනවාට වඩා සේවයක් කිරීමට දක්ෂ ඔබතුමාට ශුභ ! (අ)
අපේ වගේ කුඩා රටක් නියෝජනය කිරීමට හැම රටකම තානාතිපති කාර්යාල අවශ්‍යයි මම හිතන්නේ නැත.මුළු යුරෝපයටම තානාතිපති කාර්යාල දෙකක් ඇති.(අ)
දැන් ඔය හැම රටකටම තානාතිපතිවරු දෙන එකේ බෘනායි වලටත් එක කාර්යාලයක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් (නදී)
හොදක් වෙනවානම් එපමණයි (දී)
රොෂාන් ද සිල්වා වාගේ මමත් අ.පො.ස සාමාන්‍ය පෙල විතරයි සමත්, එහෙම වුනේ කොහොමද යන්න අපට නොතේරෙන නිසා වෙන්න ඇති මෙතතනින් එහාට ඉගෙන ගන්න බැරි වුනේ. මටත් තේරෙනවා මේවා තේරුම් ගන්න අපේ සාමාන්‍ය පෙල දැනුම මදි කියලා. ජ්‍යෙෂ්ඨයන් ශ්‍රේෂ්ටයන් කිරීමටත් නොකිරීමටත් විශේෂ කම මාර්ග ඇති බව මට සිතේ.(දී)
රොෂාන් සිල්වා මහතා වෙත, ඔබ සත්‍ය ප්‍රකාස කිරීම ගැන මම සතුටු වෙමි. ඔබට සාමන්‍ය දැනුම නැති කම ගැන මම දුක් වෙමි. අමුණුගම මහතා අමත්යන්සයෙන් ගලවා මෙම තනතුර දුන්න නොව ඒ මහතා නියම ලෙස වයස 60 පැනපු පසු සේවයෙන් විශ්‍රාම ගියා. රට වෙනුවෙන් වැඩක් කල හැකි මෙවැනි පුද්ගලයින් විදේශ සේවයට එක් කිරීම ගැන සතුටු වෙමි. මෙතුමා මහජන චීනයේ තානාපති වසයෙන් ඉතා උසස් සේවයක් කල මහතෙකි. ඔබට ජය අමුණුගම මහතාණෙනි. (නදී)