කිතුල් මදින්නන්ට බලපා තිබු සියලුම නීතීමය බාධාවන් ඉවත් කර ඇති බැවින් ඔවුන් රා පෙරන්නන් ලෙස අත්අඩංගුවට නොගෙන ඔවුන්ගෙන් රටට ලැබෙන නිෂ්පාදනයන් ලබා දීමට පොලීසිය සහය විය යුතු යැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කීය.
පෙරේදා (11) හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උපාධිධාරීන් 150 කට පත්වීම් ලබා දීමේ උත්සවයේදී අමාත්‍යවරයා එසේ කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ යෝජනාවක් ආචාර්ය අන්.ඇම්. පෙරේරා ගෙනා වෙලාවේ එතුමාව පට්ට ගැහුවා. කිතුල් කර්මාන්තයෙන් ජීවත්වන සැබෑ පිරිසට බලපත්‍රයක් ලබා දී ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරන ගමන්ම වටිනා නිෂ්පාදනයක් ජනතාවට ලබා දියහැකියි. සීනි නැති නියම කිතුල් හකුරු හොයා ගන්න අද කොයි තරම් මහන්සි වෙන්න ඕනද? මේකටත් කියයි රටටම කිතුල් රා පොවන්නයි හදන්නේ කියල. ඒත් මොකද, මිනිස්සු කසිප්පු වලින් ඇත්වෙනවා නම්.(නදී)
විරැකියාවෙන් පොළෙන. රැකියා ප්‍රශ්ණ දමමින් රජයට කරදර නොකරණ තමුන්ගේ හැකියාවන් ඔප නන්වමින් කසිප්පු පෙරන අයටත් මේවගේ සහනදායි වැඩපිළිවෙලක් ලබා දුන්නොත් නරකද?(නදී)
ගරු ඇමතිතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා. කිතුල් ගසට දුන් සහනය සම්බන්ධව. මෙම සහනයම පොල්ගසටත් දුන්නානම් ගම්බද ගොවියා පැණි, හකුරු ටිකක් හදා ගෙන අත මිට සරු කරගනී ,ගොවි තැනට අමතරව.(නදී)
මේ උපාධි පත්වීමි ලබා දුන්නේ රා මදින අයටද?(නදී)
උපාදිදාරීන්ට මාර සහනයක්නේ දීලා තියෙන්නේ.(නදී)
බනිස් මාමා, කොස් මාමා වාගෙ මේ අමාත්‍යවරයා 'රා මාමා' වෙයිද දන්නේ නැහැ.(නදී)
වරදක් දකින්නේ නැහැ මම (නි)
රා කියන්නේ ඖෂධයක්. හොඳ අදායමක් ලබන්න පුළුවන් දෙයක්. පුදුමේ කියන්නේ මෙතෙක් කලක් බලදාරීන් නීති දාලා තිබුනේ.කිතුල් හකුරු,කිතුල් පැණි නිෂ්පාදනය කරනවා නම් තමා හොද.රා විතරක් නම්???? (නි)
මා හිතනවා මෙපමණ කලකට පසුව ඇමතිවරයෙක් ගත් නිවැරදි තීරණයක් කියලා. රට තුල ජනතාවට අවශ්‍ය තරමට පොල් කිතුල් තිබියදී අවශ්‍ය පුද්ගලයට පිරිසිදු මත්පැන් ටිකක් සොයා ගැනීමට තියෙන ඉඩ ඇසිරීම අසාදාරනයි. ගසකට සාදාරන බද්දක් අයකලාම රජයටත් අදායමක් ලැබෙනවා. එතකොට රටට හොරෙන් ගෙන්වන හොර ස්පිරිට් වර්ගය කසිප්පු නිකන්ම නැති වෙයි. ඇමති තුමනි රට අභයන්තරයේ තිබෙන පොල්ගස් ගානට අවදානය යොමුකරන්න. නිවරදි දේ කරන්න. රටට ජය!(නදී)
ලංකාවට පදිංචියට යන්න හොද කාලේ ඇවිල්ලා. උදයට වැහෙන හවසට උතුරන ගහේ බඩු කොහෙද මේ රටවල් වල. (නි)
අමුණුගම මහතා වෙනුවෙන් කිතුල් හකුරු මුලක් සහ කිතුල් රා මුටිටියක් පිරිනමමු.(නදී)
බොහොම හොඳ දෙයක්, රා ටිකක් මැදල බීවත් මොකෝ ? විස්කි ,බ්‍රැන්ඩි කසිප්පු වගේ ශරීරයට අහිතකර නැහැනේ ඇඟ නිවෙනවා මිසක්.(නදී)
ඉතාම හොඳ කතාවක් කිතුල් රා හකුරු ,පැණි කර්මාන්තයේ අයට හොඳ කලක් යයි. පොලිස්කාරයන්ට ජරාව ලැබෙන ක්‍රමයක් අඩු උනා.(නදී)
එහෙනම් රා පොජ්ජක් බොන්න පුළුවන් බය නැතිව.(නදී)
මගේ සුදු මාමේ නැහැ බැහැ නොකියා රා පොඩ්ඩක් දී මා සනසාපන්.(නදී)
උපාසක සක සක, රා බෝතල් දෙක දෙක කීවලු (පැරණි කියමනක්).(නදී)
ප්‍රමාදවෙලා හරි මෙවැනි අදහසක් ගෙනාපු එක ලොකු දෙයක්. ඔය තහනම් නීතිය ගෙනාවෙ සුද්දො ඒ අයගෙ අරක්කු වෙළඳපොල රෑකගන්න. අපේ කලු සුද්දො ඒ නීතිය හොඳට පිළිපැද්දා මේ දක්වා. රා කියන්නෙත් බෝතල් වලට දාලා දහස් ගනන් වලට විකුනන වයින් වලටම තමයි.රා වල තියෙන අව පැහැය ඉවත් කරලා ක්‍රමවත් කෙරුවොත් හොඳ ආදායම් ලබන කර්මාන්තයක් බවට පත්වෙනවා.(නදී)
අපි තවමත් ප්‍රමාදයි. රා බිව්වත් අගුනයක් නැහැ. ඒනිසා කිතුල් මැදීමට ඇති සියලුම නීතිමය බාධා ඉවත්කරන්න ඕනෙ. (නදී)
මෙතුමාගේ අනුග්‍රහය යටතේ යෝජිත කැසිනෝ ව්‍යාපාරය සදහා කිතුල් සුරා සැපයීමට අවස්ථාවක් හෝ කිතුල් සුරා පානයට කලාපයක් හෝ වෙන්කර ගැනීමට උනන්දු වෙමු. (නදී)
විපක්ෂයේ ඇත්තු රා බීපු නාලාගිරිය වගේ කිපිලා එයිද දන්නේ නැහැ.(නදී)
එන්.එම්.පෙරේරා ,සරත් අමුණුගම දෙදෙනාම ආචාර්ය වරුන් නිසා තේරුම්ගියා, සීනි වලට පිටරටට දෙන මුදලුත්, ඉතුරු කරගෙන. සීනි පරිබෝජනයෙන් ලෙඩ වලිනුත් ජනතාව බේරගන්න. කිතුලේ නැග්ග මිනිහට තණකොළ කපන්න ගීයා නොකියා අගේට මුට්ටිය බාගන්න දැන් පුළුවන්නේ.(නදී)
කරන්න ගියහම කොහොම වෙයිද කොහොමද දන්නේ? අන්තිමට රාත් නැහැ. හකුරුත් නැහැ. පැණිත් නැති වෙයිද දන්නෙ නැහැ. බලමුකෝ. (නි)
අගය කළ යුතුයි (නි)
කාගේද පෙන දාන මේ රා කලේ? (නි)
කිතුලේ ඇති මනා රසයත්, එහි ඇති මනා ගුණයත් බොන උතුමන් මිසක් නොබොන අනුවන කතුන් නොමදත්. (නි)
හෙහ්..හෙහ්...හේ...හේරත්, එහෙනම් රාකටිටක් ගහන්න පුලුවන් වෙයි නේ (නි)