
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවේ අභියෝග වලට මුහුණ දුන් අයුරින්ම දැන් බාහිරින් එල්ල වී ඇති අභියෝගයට මුහුණ දීමට ශක්තිය ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති කාර්යාලයේ දී අද විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය,
මැද පෙරදිග යුද තත්ත්වය නිසා අප රටේ ජනතාව තුළ නොසන්සුන්කාරී බවක් ඇතිවී තිබෙනවා. ජනතාව තුළ යම් අවිනිශ්චිත බවක් ඇතිව තිබෙනවා. මේ යුද්ධයේ දී අපේ ස්ථාවරය මධ්‍යස්ථ බවයි. අපේ ක්‍රියාමාර්ග සියල්ලේ ඒ මධ්‍යස්ථ බව ගැබ් වී තිබෙනවා. ඒ මධ්‍යස්ථ භාවයේ ප්‍රතිපත්තිය නිසා අප අද ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්ව තිබෙනවා. යුද්ධය කවර අන්තයට ගමන් කළත් අපේ මධ්‍යස්ථ බව ගිලිහෙන්න දෙන්නේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd