ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ අතුරුදන් තක්කාලි ගෙඩි දෙකක් වසරකට පසු යළි හමුවුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ මීටර් 400 ක් ඉහළින් පෘථිවි කක්ෂයේය. මාරුවෙන් මාරුවට ගගනගාමීන් මෙහි ගොස් රැඳී සිටින්නේ විවිධාකාරයේ පර්යේෂණ සිදු කරමින් සහ නැවැතුම්පොළේ නඩත්තු කටයුතු සිදු කරමිණි.
2022 දී නාසා ගගනගාමී රූබියෝ දින 371 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියේය. එම කාලයේ ඔහු නැවැතුම්පොළේ පර්යේෂණාගාරයක, පස් භාවිතයට නොගනිමින් තක්කාලි වගාවක් ආරම්භ කළේය. පස් නොමැතිව බෝග වගා කිරීමේ ක්‍රමවේදය හැඳින්වෙන්නේ එක්ස් රූට්ස් යනුවෙනි.
අභ්‍යවකාශයේ පළමු තක්කාලි වගාව ලෙස ද රූබියෝගේ මෙම තක්කාලි වගාව සැලකෙයි. තක්කාලි ගසේ ගෙඩි හටගත් අවස්ථාවේදී, අභ්‍යවකාශයේ හටගත් පළමු තක්කාලි ගෙඩි ලෙස ඒවාට ලොකු ප්‍රසිද්ධියක් ද හිමිවිය.
එදා ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් නෙලාගත් රූබියෝ, ඒවා ප්ලාස්ටික් මල්ලකට දමා සීල් කර, තවත් කටයුත්තක නියැලී ආපසු පැමිණෙද්දී, පර්යේෂණාගාරයෙන් එම තක්කාලි ගෙඩි අතුරුදන් වී තිබුණි.
ශුන්‍ය ගුරුත්වය හේතුවෙන් ඒවා පාවී පර්යේෂණාගාරයේ බඩු මුට්ටු අතරේ සැඟවෙන්න ඇතැයි සිතා රූබියෝ දින ගණනක් ඒවා සොයන්න විය. ඒත් හමුවූයේ නැත.
කෙසේ නමුත් රූබියෝට චෝදනා එල්ල වන්න වූයේ තක්කාලි ගෙඩි දෙක ඔහු කෑමට ගන්න ඇතැයි කියාය. රූබියෝ තරයේ එය ප්‍රතික්ෂේප කරන්න විය. රූබියෝ යළි පෘථිවිය පැමිණියේ ද චෝදනාවට ලක් වී සිත් තැවුලෙනි.
ප්ලාස්ටික් මල්ල තුළ වියලුණ් තක්කාලි ගෙඩි දෙක වසරකට පසු පසුගිය දිනෙක මේ වනවිට අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන්ට හමුවී තිබුණි. නාසා ආයතනය ඒ බව දැනුම් දුන්නේ, රූබියෝගේ නිර්දෝෂීභාවය ඔප්පු කරමිණි.
ස්තුතිය - නාසා ආයතනයට
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අභ්‍යවකාශයේ අතුරුදන් තක්කාලි ගෙඩි හමුවෙලා
සරත් කුමාර Monday, 18 December 2023 12:44 PM
නාසා එකෙත් පිස්සු විකාර කාරයෝ ඉන්නවාද? තක්කලි දෙකක් නෑ කියලා චෝදනා කරන්ඩ? අනික ඒක කෑවයි කියමුකෝ.. ඉතින් ඒක හිටවපු මනුස්සයාමනේ කාලා තියෙන්නේ.. ඉතිං මොකද.. මළ විකාර..!
ගමේ එකාලා Monday, 18 December 2023 01:43 PM
මැදමූලනේ ගගනගාමියා යවපු රොකට් එක වැටිච්චි තැන ගැන ඔය වගේ ආරන්චියක් නැද්ද?
Dasa PMonday, 18 December 2023 08:54 PM
රොකට් එක මොනවා වුණත්, කුණු තක්කලි දැක්කාම මැදමූලන සීයාව මතක් වුණා...
Nimal Monday, 18 December 2023 03:19 PM
මීටර 400ක් උඩින් කිව්වාම, ප්ලේන්වල එහෙම හප්පන්නේ නැද්ද? කිලෝමීටර 400ක් නේද?
prabash Monday, 18 December 2023 05:31 PM
ලංකාවේ තක්කලි අභ්‍යාවකාශයෙන් ගේන ඒවා තරමටම මිල අධිකයි.
සමල්ක පෙරේරා Tuesday, 19 December 2023 12:09 AM
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ මීටර් 400 ක් ඉහළින්...ඒ කිය්න්නේ අඩ් 1400ක් වගේ.මම හිතන්නේ වැරදි Data එකක් වගේ.මොකද 11,000
සමල්ක පෙරේරා Tuesday, 19 December 2023 12:12 AM
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ මීටර් 400 ක් ඉහළින්,ඒ කියන්නේ අඩි 1400ක් වගේ.මම හිතන්නේ වැරදි දත්තයක් වගේ. සාමාන්‍ය passenger flight යනවා මීටර් 11000 වගේ උඩීන්
Buddhika Tuesday, 19 December 2023 05:44 AM
නාසා එකේ රාජපක්ස කෙනෙක් හිටියේ නම්.මොන තක්කලිද.එහෙනම් නාසා එකෙම අතුරුදහන් .පේනවා නේ එකෙක් රොකට් එකක් යැව්වා .කොහෙද කියලා තාමත් හොයනව.