ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය නිලයෙන් ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ විශේෂ කාරක සභා වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය අද අහෝසි කළේය.
සලීන් මර්ෂුක් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිශ්ච මණ්ඩලය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට මැදිහත්වීමේ බලයක් අභියාචනාධිකරණයට නොමැති බවයි.
සබැඳි පුවත්
ශිරාණිගෙ පෙත්සම් හතරක් විභාගයට
තවමත් අග විනිසුරු බව ශිරාණි බණ්ඩාරනායක කියයි
දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
නිදොස් බව ශිරාණි බණ්ඩාරනායක කියයි
අග විනිසුරු නෙරපන යෝජනාව සම්මතයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවා අපිටම හොදයි ඉතින්..(දිල්)
පාර්ලිමෙින්තු කටයුතු වලට මැදිහත් වීමට බලයක් අධිකරණයට නැති බවට පංච පුද්ගල විනිශ්ච සභාව තීන්දු කිරීම අපි කවුරුත් අපේක්ෂා කල දෙයක්. (ත)
අපි වැඩකට ඇති දෙයක් කළොත් නරකද? (ත)
අපි මේවා ගැන අදහස් පල නොකර ඉම්මු. (ත)
අද මේ තීන්දුව තමයි නිවැරදි එක ලෙස අපි සැළකිය යුත්තේ. හැම වෙලේම බොරුව ඉස්මතුවෙන්නේ නැහැ. මේ තීන්දුව ගැන කණගාටු වෙන අය ලංකාවේම අය ලංකාවටම කරන කෙනෙහිළිකම් ගැන කනගාටු වෙනවද? (දී)
සත්‍යාට මොකද කට්ටියම බනින්නේ (දී)
ඔය කථාව හිටපු කථා නායක අනුර බණ්ඩාරනායක මහතාත් කිව්වා. (අ)
ශිරාණි බණ්ඩාරනායක මහත්මියට බියවන්න දෙයක් නැහැ සත්‍ය ජය ගන්නවා (දී)
ශිරාණි බණ්ඩාරනායක වගේ අපේ රටේ වටිනා විශිෂ්ට මානව සම්පතක් මේ වගේ විනාශ වෙන්න ඇරීම ජාතික අපරාධයක්. පාලකයන්ට අගේ වටිනාකමක් දැනෙන්නේ නැත්නම් ඒ අවස්ථාව ලෝකයටවත් ලබා ගන්න ඉඩ දිය යුතුය්. එය නීතියේ අභිවුර්දීයට කරන යහපතක්. (දී)
ඉතා බුද්ධිමත් පාඨකයන් ඉන්න බව අද තමයි මම දැක්ක එකම දවස. (ත)
ඉන්දියාවේ දුන්න තීන්දුව ගැන කට කරමු (අ)
පාර්ලිමේන්තුවේ සිටින්නේ මහජන කැමත්තනම් ප්‍රජාතන්ත්‍රවාදයේ දී මේ මහජන කැමැත්තට උඩින් කිසිවෙකුටත් ඉන්න බැහැ.තීන්දුව නිවැරිදි තීන්දුවක්. (ත)
ඔව් රූපසිංහ. ඔයා හරි. අර " ඇත්ත" ට සමාන නම තියෙන කෙනා නැති නිසා පාලුවකුත් දැනෙනවා. (දී)
මට නම් තියෙන ප්‍රශ්නය, පාර්ලිමේන්තුවේ ඉන්න පුද්ගලයින් නියම මහජන මතය නියෝජනය කරනවද නැත්නම් තමන්ගේ පුද්ගලික වාසියට වැඩ කරනවද කියන එකයි. (දී)
අනේ මන්දා මොනවා වෙනවාද කියලා (දී)
මට ඇත්තෙන්ම කනගාටුයි මේ තීන්දුව ගැන (දිල්)
කොහොමත් මෙහෙම තීන්දුවක් ලැබෙනවා කියල දන්නවා.(දිල්)
මෙතුමියට ඉක්මනින් දෙවියන්ගෙන් සදාරණයක් ලැබෙනවා.එක කාටවත් වෙනස් කරන්න බැහැ.(දිල්)
අධිකරණයේ ස්වාධීනත්වය රජය අතට ගත්තම සාධාරණ තීන්දු අපිට ලැබෙන්නේ නැ.මොනවා කරන්න ද? (දිල්)
හැන්දත් පින්ගානත් හට්ටියත් ඒගොල්ලෝ අතේ තියාගෙන කොහොම නම් බෙදාගන්න බැරිද ...සාධාරණය දෙවියන් අතේ ...අපි බලන් ඉඳිමු (දිල්)
අර හිටපු ජනාධිපතිතුමා සංෂිප්තව කිව්ව ගැහැණු පිරිමි කතන්දරේ. (අ)