IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අභයගිරියේ කප්රුක් පූජාවක් : අ‘පුරේ වස විස නැති දන්සලක්

ගල්කිරියාගම ලංකා ගොවි සංසදය වෙසක් පොහොය දා අනුරාධපුර අටමස්ථානය මුල්කරගෙන පවත්වන කප්රුක් පූජාවේ හත්වැනි පූජාව ඵෛතිහාසික අභයගිරි මහ සෑයේ සිදු කළේය.

අඩි 1200ක් පමණ දික්වූ බෞද්ධ කොඩියක් මෙවර සෑය වටා ඇද මෙම පූජාව පැවැත්වීය.

ගොවි සංසදයේ සභාපති පතිරාජ විජේකෝන් බණ්ඩාර, එච්.එම්.පී.බී.හේරත්, පී.ජී.චන්ද්‍රපාල, වයි.වී.ධර්මදාස, ජේ.ජී.ජයතිලක මහත්වරුන් ප්‍රධාන ලංකා ගොවි සංසදයේ සාමාජික සාමාජිකාවෝ බුද්ධ වන්දනා ගී ගායනා කරමින් කප්රුක සෑය වටේ ප්‍රදක්ෂිණා කළහ.

අනුරාධපුර තිසාවැව සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති රිදියගම ඥානතිලක හිමියෝ කප්රුක් පූජාවේ අනුසස් පහදා දෙමින් ආගමික වතාවත් මෙහෙයවූහ.

මෙම ගොවි සංවිධානය අවුරුදු 16ක් පුරා අනුරාධපුර පුෂ්පදාන සංවර්ධන පදනමේ දන්සලක් ද පවත්වයි.

පෙර පෝ දිනයේ සිට පෝ දින දක්වා පවත්වන මෙම දන්සල පෙහෙවස් සමාදන් වන උවැසු උවැසියන් වෙනුවෙන් සංවිධානය කර ඇත. මෙවර රටේ ඇතිවූ ස්වභාවික ආපදා නිසා වෙනදා මෙන් වන්දනාකරුවන් අනුරාධපුරයට නොපැමිණි බව සභාපති විජේකෝන් බණ්ඩාර මහතා පවසයි.

ඉතිරිවූ වියළි ආහාර ද සමග බුලත්කොහුපිටියේ අවතැන්වූ පවුල් 328කට හා 120ක් පමණ වන සිසුනට පාසල් උපකරණද පළාතේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් ඇතිව බෙදා දීමට නියමිත බවද ඔහු කියයි.

kapruk20160522_103559 kapruk20160522_1035592 kapruk20160522_1035593kapruk20160522_10355946



අදහස් (0)

අභයගිරියේ කප්රුක් පූජාවක් : අ‘පුරේ වස විස නැති දන්සලක්

කුමාර Tuesday, 24 May 2016 02:32 AM

බොහොම අනුහස් ඇති පුණ්‍යකර්මයක් (නි)

:       0       0

සංජීව Monday, 23 May 2016 12:54 PM

අපිත් 2014දි රුවන්මැලි සෑයේ කප්රුක් පූජාවක් කෙරුවා... දේශපාලන කට්ටියට එක්කෙනෙක්වත් ආවේ නැහැ.. එන්න ආරාධනා කෙරුවෙත් නැහැ.. හරි හොදට වැඩේ කෙරුණා. (ර)

:       0       0

රජිත් මංජුල Monday, 23 May 2016 05:53 AM

දේශපාලුවෙක් සම්බන්ධ නැති උත්සවයක් කාලෙකින් දැක්කේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site