ගල්කිරියාගම ලංකා ගොවි සංසදය වෙසක් පොහොය දා අනුරාධපුර අටමස්ථානය මුල්කරගෙන පවත්වන කප්රුක් පූජාවේ හත්වැනි පූජාව ඵෛතිහාසික අභයගිරි මහ සෑයේ සිදු කළේය.
අඩි 1200ක් පමණ දික්වූ බෞද්ධ කොඩියක් මෙවර සෑය වටා ඇද මෙම පූජාව පැවැත්වීය.
ගොවි සංසදයේ සභාපති පතිරාජ විජේකෝන් බණ්ඩාර, එච්.එම්.පී.බී.හේරත්, පී.ජී.චන්ද්‍රපාල, වයි.වී.ධර්මදාස, ජේ.ජී.ජයතිලක මහත්වරුන් ප්‍රධාන ලංකා ගොවි සංසදයේ සාමාජික සාමාජිකාවෝ බුද්ධ වන්දනා ගී ගායනා කරමින් කප්රුක සෑය වටේ ප්‍රදක්ෂිණා කළහ.
අනුරාධපුර තිසාවැව සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති රිදියගම ඥානතිලක හිමියෝ කප්රුක් පූජාවේ අනුසස් පහදා දෙමින් ආගමික වතාවත් මෙහෙයවූහ.
මෙම ගොවි සංවිධානය අවුරුදු 16ක් පුරා අනුරාධපුර පුෂ්පදාන සංවර්ධන පදනමේ දන්සලක් ද පවත්වයි.
පෙර පෝ දිනයේ සිට පෝ දින දක්වා පවත්වන මෙම දන්සල පෙහෙවස් සමාදන් වන උවැසු උවැසියන් වෙනුවෙන් සංවිධානය කර ඇත. මෙවර රටේ ඇතිවූ ස්වභාවික ආපදා නිසා වෙනදා මෙන් වන්දනාකරුවන් අනුරාධපුරයට නොපැමිණි බව සභාපති විජේකෝන් බණ්ඩාර මහතා පවසයි.
ඉතිරිවූ වියළි ආහාර ද සමග බුලත්කොහුපිටියේ අවතැන්වූ පවුල් 328කට හා 120ක් පමණ වන සිසුනට පාසල් උපකරණද පළාතේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් ඇතිව බෙදා දීමට නියමිත බවද ඔහු කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අනුහස් ඇති පුණ්‍යකර්මයක් (නි)
අපිත් 2014දි රුවන්මැලි සෑයේ කප්රුක් පූජාවක් කෙරුවා... දේශපාලන කට්ටියට එක්කෙනෙක්වත් ආවේ නැහැ.. එන්න ආරාධනා කෙරුවෙත් නැහැ.. හරි හොදට වැඩේ කෙරුණා. (ර)
දේශපාලුවෙක් සම්බන්ධ නැති උත්සවයක් කාලෙකින් දැක්කේ (බ)