හැට අටවන ජාතික නිදහස් උළෙල ගාලු මුවදොර පිටියේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් දේශපාලන හා රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (04) පෙරවරුවේ උත්සවශ්‍රීයෙන් ආරම්භ විය.
‘එකම දැයක් මහ බලයක්‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින උළෙල පැවැත්වේ.
රට පුරා රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතන හා ස්ථාන වල නිදහස් දිනය වෙනුවෙන් සැමරීම් උත්සව සංවිධාය වී තිබිණි.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ලංකාවේ නිදහස් දින සැමරුමට සහභාගී වීමට නොකඩවා වසර 28 ක් මෙරටට පැමිණි 76 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක අද බෙන්තොටදී අපට මුණ ගැසිනි.
ජර්මනියේ අම්බර්ග් ගම්මානයේ පදිංචිකාරියක වන ඇය එලන් ගෝල් මහත්මියයි. ස්නායු රෝගයකට ලක්වීම නිසා වයස අවුරුදු 18 සිට දෙපා ආබාධිතව සිටින ඇයට වසර ගණනාවක් තිස්සේම ඇවිදීමට නොහැක. දැන් ඇය එහා මෙහා යන්නේ රෝද පුටුවක ආධාරයෙනි. ඇය ලංකාවට එන සෑම විටකම විශේෂයෙන් සැකසූ රෝද පුටුවක් රැගෙන එයි.
නොකඩවාම 1989 වසරේ සිට මේ දක්වා මෙලෙස ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙවරද ඇය මෙරට නිදහස් දින සැමරුමට සහභාගී වීම සඳහා ජනවාරි මස අග භාගයේදී ලංකාවට පැමිණ බෙන්තොට අවානි සංචාරක හෝටලයේ නතර වී සිටි. ඇය පැමිණි සෑම අවස්ථාවකදීම ලැඟුම් ගෙන ඇත්තේ මේ හෝටලයේ වීමද විශේෂත්වයකි. මෙම හෝටලයේදී සෑම වර්ෂයකදීම විදේශීය සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 4 වෙනි දින උත්කර්ෂවත් අන්දමින් නිදහස් දිනසැමරුම් උළෙලක් පැවැත්වෙයි. මෙවරද එම උළෙල එලන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.
ඌව පළාත් සභාව බදුල්ල දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලය සහ ජාති ක තරුණ සේවා සභාව සංවිධානය කළ ඌව පළාත් ප්‍රධාන උත්සවය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදි
හික්කඩුව ප්‍රදේශයේද නිදහස් සැමරුම් සංවිධානය කර තිබිණි
මහනුවර දඅද නිදස් දින සැමරුම් සංවිධානය වී තිබිණී. එහිදී ශ්‍රි දළදා මාලිගාවේ මහමලුවේ ඇති මහාමාන්‍ය ඩි එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු විය.
කොළොන්නාව නගර සභාව සංවිධානය කළ නිදහස් උත්සවය කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ය.
අශ්ව කරත්තයකින් ඔහු උත්සව භූමියට පැමිණීම විශේෂ සිදුවීමක් විය.
පුත්තලම දිස්ත්‍රික් නිදහස් උත්සවය පුත්තලම නගර මධ්‍ය යේ පිහිටි රමණීය කලපු තීරයේදී අද උදෑසන පැවැත්විණී.
මිනුවන්ගොඩ ප්‍රදේශයේද ජාතික නිදහස් සැමරුම් උළෙලක් පැවැත්විණි.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් ලංකාවට ජයවේවා! (බ)
මොනවද මේ මෙවට් ලියන කට්ටිය ලියන්නේ ජාතිවාදය, බමුණු ආරච්චි සිංහල අප ජාතිවාදය පතුරවපු ජාතියක් නොවේ ඔබල මේ පතුරවන ජාතිවාදය නියම සිංහලය අනුමත කරන්නේ නැහැ, ඔබ ඔබ ගැනම පමණක් නොවේ ජාතිවාදය පතුරන අනික් අයත් ලජ්ජා වන්න. (බ)
ඇත්තටම අපි නිදහස්ද? (නි)
ජයවේවා ශ්‍රී ලංකා! (නි)
චාම් නිදහස් උළෙලක්.(හේ)
ජාතික ගීය දමිළ බසින් ගයනා කිරීම ඉතා හොඳ දෙයක්. ඒක අනිත් රටවල් වලට අලුත් දෙයක් නෙමෙයි (නි)
තිලක් ඩුබායි, ශ්‍රී ලංකාව විනාශ මුඛයට යාම ඇරඹුනේ කවදාද යන වග ඉදිරි වසර කිහිපයේදී ඔබට වැටහෙනු ඇත (නි)
හැට අටවෙනි නිදහස් උළෙල අභිමානවත් ලෙස සමරමු.(හේ)
"යටත්විජිත භාවයෙන් රට මුදාගන්නට සියලු ජන කොටස් ඒකරාශී කර පෙරමුණ ගත්තා සේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීය හිමිකම් මර්දනය කරමින් ජාත්‍යන්තරය තුළ රට අපකීර්තියට පත්වෙමින් පැවැති අඳුරු වකවානුවක ඒකාධිපතිවාදයෙන් පවුල්වාදයෙන් රට මුදාගැනීමට අපි පෙරමුණ ගෙන කටයුතු කළෙමු. ජනවාරි 8 ලැබූ ජයග්‍රහණය එහි විශිෂ්ටතම ප්‍රතිඵලයකි"-රනිල් .... අපි වැනි බදු පිට බදු ගෙවමින් සුදු වැන් වලට බියෙන් සැකයෙන් ජිවත්වුන ලක්ෂ සංඛ්‍යාත වහල්ලුන්ට නිදහස ලැබුනේ ජනවාරි 8 වෙනිදායි.(බ)
ශ්‍රී ලංකා මාතාව දිනෙන් දින දිනේවා! (නි)
දමිළ ජාතිකයින්ගේ මව්රට වන ඉන්දියාවේත් ජාතික ගීය දමිළ බසින් ගයන්නේ නැත. එහෙනම් අපි ගයන්නේ ඇයි. (නි)
‘එකම දැයක් මහ බලයක්‘ එහෙම දෙයක් මෙරටේ නැත. අපිව රවටන්න උත්සහ කරන්න එපා (ම)
අභිමානේ උච්ච වූ නිසා ජනතාවට ජාතික කොඩිය දාන්නත් එපා වෙලා.(ම)
ඉතින් අපි හැමෝම ජාතික ගීය දෙමළෙන් විතරක් කියමුකෝ. (නි)
ඕස්ට්‍රේලියානු ජාතික ගීය සිංහලෙන් ගායනා කරන්න මගේ අදහසක් තිබෙනවා. මේගොල්ලෝ කැමති වෙයිද දන්නේ නැහැ. (නි)
චන්දන දමිල මිනිසුන්ගේ මව් රට වන ඉන්දියාවේ වත් දමිල බසින් ඉන්දියානු ජාතික ගීය ගයනවද? කියල මෙතන දමිල බසින් ජාතික ගීය ගයනවට කැමැති කෙනක් කියන්න. (අ)
අසිත ඔබ මාරයිනේ ජාතික උසවයට යන සල්ලි වලින් තුන් වේලම කන්නයි හදන්නේ. ඔබ වෙසක් උත්සවයට වෙසක් කූඩුවක් වත් පත්තු කරනවද. ප්‍රස්නයක් නැහැ දන්සල් තිබෙනවානේ.(කෞ)
ද්‍රවිඩ සිසුවියෝ විසින් ගායනා කරන ලද ජාතික ගීය,සිංහල ජාතික ගීය වාගේම හරිම ලස්සනයි කියල වැඩක් නැත. (කෞ)
ඇයි කලින් කිවුවා නේද පාසල් ළමුන් මේවගේ දේවලට සහභාගි කරගන්නේ නැහැ කියලා (නි)
තිලක්-ඩුබායිට ඇත්ත තේරෙන්න කල්යයි (නි)
අනේ අපොයි! අපේ නිදහස අද වැළලී ගියා කියලයි මට දැනුනේ (නි)
අපිට නම් කිසිම නිදහසක් නැහැ (නි)
හරිම ලස්සනයි (නි)
හිතට ලොකු අභිමානයක් දැනුනා මගේ රට ගැන (නි)
තිලක් - ඩුබායි එහේ ඉන්න එකම හොඳයි. (නි)
තිලක්- ඩුබායි, මෙහෙම නිදහසේ නිදහස සමරන්නට අප රට ගළවාගත් රාජපක්ෂ බළ ඇණියත්, සරත් ෆොන්සේකා මැතිඳුත් ගැනත් සඳහන් කළොත් නේද හොඳ? (නි)
ගෝත්‍රික වස්ත්‍රයි වාර්ගික බෙදුම් දැක්වෙන කොඩියයි පෙන්නන එකේ මොකක්ද තියෙන අභිමානය? (ම)
තිලක්-ඩුබායි, ඔබතුමා නොදන්නවට ඔබතුමා දැනටත් ඔය කරන්නේ පිටරටකට වහල් සේවයක් තමයි. හැබැයි ඔබතුමා දන්නේ නැහැ ඔබතුමා වහලෙක් කියලා. ඔබතුමා පොඩ්ඩක් ලංකාවේ ඉන්න නෑදෑයෙක්ගෙන් අහලා බලන්න මේ ගමන කීයෙන් කී දෙනාද ගෙදර ජාතික කොඩියක් දැම්මේ කියලා. (නි)
තිලක්-ඩුබායි, බැලමෙහෙවර කිරීමේ සීමාව ඔබ දැනගත යුතුයි. ඉන්නේ ඩුබායි වල නම්, සුදු වෑන් වලට බය වෙලා සැකයෙන් ජීවත්වුණේ හීනෙන්ද? ඔයාලා වගේ බොරු බේගල් ඇදබාන අය ලංකාවට නොයෙන තරමටමයි වටින්නේ. (නි)
දමිල බසින් ජාතික ගීය ගැයීම වාසුදේව පවා අගය කරලා තියෙනවා. (ම)
අතීත නිදහස් සටනේ වීරයින් ගෞරවයෙන් සිහිපත් කරමු (හේ)
මේ උත්සව වලට යන මුදල් වලින් බඩු මිල ටිකක් අඩු කළා නම් කොච්චර හොදද? අපි සැබෑ ලෙසම අභිමානවත් ජාතියක් වන්නේ රටේ හැම කෙනාම තුන් වේල බඩ පිරෙන්න කන දවසටයි. (ම)
මුළු ලංකාවම මේ නිදහස චාම් ලෙස සැමරුවා...(හේ)
මෙවර නිදහස් උළෙල ඊතා චාම් නිදහස් උළෙලක්.(හේ)
අපි නිදහස්ද (කෞ)
රට යන අත හිතාගත්ත හැකී. මේ යන විදිහට සිංහලයට රට ඉතිරි වෙන්නේ නැහැ
මෙය අපිට අභිමානයක්.(හේ)
ද්‍රවිඩ සිසුවියෝ විසින් ගායනා කරන ලද ජාතික ගීය,සිංහල ජාතිකගීය වාගේම හරිම ලස්සනයි.(හේ)
හරිම ආඩම්බරයි (නි)
තිලක්-ඩුබායි, අනේ මොනවා දැනගෙනද ඔය කතාකරන්නේ? (නි)
සිංහලයින්ට රටක් තිබුනොත් හැට නවවෙනි නිදහස් උළෙල මම අභිමානවත් ලෙස සමරනවා (නි)
අනේ පව් නිදහස් දිනෙත් මේ අසරණ පෝනියන්ගේ පිටේ නැගලා කොලොන්නාවේ උන් දෙන වදයක් (බ)