ගිය රජයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් කෝටි 10,000ක් වෙන්කළ බවටත් නව රජයෙන් එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි මුදල ජනතාවට සහන ලබාදීමට නිදහස් කළ බවටත් රූපවාහිනි වැඩසටහනක දී පැවසුණු නමුත් තමාගේ රජයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් කෝටි 10,000ක් වෙන් නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
තමාගේ රජයෙන් 2015 වසර සඳහා ජනාධිපති කාර්යාලයට වෙන්කළ මුදල රුපියල් කෝටි 959ක් බව ද රාජපක්‍ෂ මහතා පවසයි.
මහජන මුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 16 (රුපියල් 212364103.56) ක් වැයකොට තමාගේ භාවිතය සඳහා විශේෂ ගුවන් යානයක් ඇනවුම් කර තිබූ බවට ද ආණ්ඩුවේ ඇතැමුන් මෑතක දී ප‍්‍රචාරය කර තිබූ නමුත් තමා භාවිතය සඳහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇනවුම් නොකළ බව හිටපු ජනපතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර්බස් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට විශේෂ මගීන්ගේ පාවිච්චිය සඳහා ගුවන් යානයේ විශේෂ කුටියක් ලෙස සවිකළ හැකි උපායන කට්ටලයක්, තිළිණයක් වශයෙන් ඇතුළත් කර තිබූ බව ද එහි වටිනාකම ඩොලර් මිලියන 15ක් (රුපියල් 199091347.09) වශයෙන් සඳහන් වූයේ එම කට්ටලය සඳහා නිෂ්පාදක සංකේතාත්මක වටිනාකම බවද හිටපු ජනාධිපතිවරයා කියයි.
හිටපු ජනාධිපති නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘‘වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුලු ප‍්‍රකාශ දිගින් දිගටම කරමින් සිටී. ජනතාව නොමග යෑම වලක්වනු පිණිස මා ඒ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්විය යුතු යැයි සිතමි.
මාගේ රජය විසින් 2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කෝටි 10,000ක මුදලක් වෙන් කර තිබුණු බවත් නව රජය එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි සියල්ල ජනතාවට සහන ලබාදීම සඳහා නිදහස් කළ බවටත් එක්තරා රූපවාහිනි වැඩසටහක දී කියැවුණි. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා රුපියල් කෝටි 10,000ක මුදලක් කිසිදාක වෙන් නොකළ බව මම වගකීමෙන් කියමි. 2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කළ මුළු මුදල රුපියල් කෝටි 959කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව ඇතුළු රජයේ ආයතන 25ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක‍්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලූ ආයතනවලට සේවා සපයයි. එම මුදල්වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සඳහාය. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වෙන් කරන මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සඳහා නොවේ.
ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් 2015 සඳහා වෙන් කර තිබුණු මුදල රු. කෝටි 375කි. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටෙන වියදම් වලින් එක් අංශයක් පමණක් බව සැලකිය යුතුය. මෙකී මුදලින් රුපියල් කෝටි 100ක්ම වෙන් කොට තිබුණේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනතාවගේ සුබසෙත සඳහා ඉදි කෙරෙන විවිධ සුළු ව්‍යාපෘති සඳහාය. මෙම රුපියල් කෝටි 100 ඉවත් කළ විට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම රුපියල් කෝටි 275 දක්වා අඩු වේ. වත්මන් ජනාධිපති කටයුතු සඳහා වෙන් කර ඇති මුදල ලෙස සඳහන් වන්නේ එකී මුදල විය යුතුය.
මෑතක දී ආණ්ඩුවේ ඇතැම් අය කී තවත් කතාවක් වූයේ මම මාගේ භාවිතය සඳහා ජනතාවගේ මුදල්වලින් ඇමරිකා ඩොලර් මිලියන 16ක් (රුපියල් 212364103.56) වැය කොට විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට තිබුණු බවය. එය භාර ගැනීම නව ආණ්ඩුවෙන් ප‍්‍රතික්ෂේප කර ඒ වෙනුවට ගුවන් යානා අමතර කොටස් ගැනීමට සැලසුම් කර තිබෙන බවයි. මාගේ භාවිතය සඳහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට නොතිබූ බව මම ප‍්‍රකාශ කර සිටිමි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ‘එයාර් බස්‘ සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සමාගම අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානාවල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සඳහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි උපාංග කට්ටලයක් ගැනුම්කරුට තිළිණයක් වශයෙන් ඇතුළත් කොට තිබිණි. ඩොලර් මිලියන 15ක් (රුපියල් 199091347.09) ලෙස ගුවන් සමාගම එහි වටිනාකම සංකේතාත්මක ලෙස සඳහන් කර තිබිණි. එය නොමිලේ දෙන තෑග්ගකි.
රටේ විවිධ ස්ථානවල ජනාධිපතිවරයාට තිබෙන නිල නිවාස ගැන සඳහන් කරමින් ඒ සියල්ල මාගේ සුඛ විහරණය සඳහා මා විසින් ඉදි කරන ලද ඒවා හැටියට හුවා දැක්වීමට ද උත්සාහයක් ඇති බව පෙනේ. අරලියගහ මන්දිරය හා කොටුවේ ජනාධිපති මන්දිරය එමෙන්ම නුවරඑළියේත්, මහනුවරත් පිහිටි ජනාධිපති මන්දිරය ද යටත් විජිත සමයේ සිටම මේ රටේ ආණ්ඩු ප‍්‍රධානීහු භාවිතා කළහ. අනුරාධපුර, ඇඹිලිපිටිය, මහියංගනය වැනි ස්ථානවල පිහිටි නිල නිවාස හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස සමයේ ඉදිකැරිණි. මේ එක නිල නිවසක්වත් මාගේ පාලන කාලයේ ඉදිකළ ඒවා නොවන බව කිව යුතුය. අරලියගහ මන්දිරය, කොටුවේ ජනාධිපති මන්දිරය ඇතුළු වෙනත් නිල නිවාස නුදුරු අනාගතයේදීම මහජන ප‍්‍රදර්ශනයට විවෘත කරන බවට පුවතක් මම දුටුවෙමි. මා අරලියගහ මන්දිරයේ සිටි කාලයේ දී ද ඉතා ඈත පිටිසර පළාත්වලින් පාසල් ළමයින් හා වැඩිහිටියන් ද අරලියගහ මන්දිරය නැරඹීමට දහස් ගණනින් පැමිණි බව මතක් කර දිය යුතුය. එසේ පැමිණි අය සමග කතා බස් කිරීමට ලැබීම ද මට මහත් සතුටක් වූවා සේම රටේ විවිධ පළාත්වල සංවර්ධන අවශ්‍යතාවයන් ද ඔවුන්ගෙන් ඍජුවම අසා දැනගැනීමටත් මට අවස්ථාව ලැබුණි. අරලියගහ මන්දිරයේ මාගේ පොහොය දින වැඩසටහන්වලට ද ජනතාව දහස් ගණනින් සහභාගි වූහ.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පළ විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22ක් බොරැල්ලෙන් ”සොයාගත්” බවටත් තවත් වාහන 53ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පළ විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයෝය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ තිබූ වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක‍්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කළ නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්‍ෂිත වාහනය, මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කළ සියලූ වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතන හා පරිපාලන අංශයේ වාහන ලේඛනයේ සඳහන්ව තිබෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතොකට ඔය සියබලා ගොනියෙන් සියබලා ගත්තෙම නැද්ද?(හේ)
පවු අනේ දැන් කවුරුත් මුක්ත්ම දන්නේ නෑ (දිල්)
රුකී, මෙහෙම තමයි බොරු චෝදනා වලට පිළිතුරු දෙන්න වෙන්නේ. චෝදනා ඔප්පු කරන්න ඕනේ චෝදනා කරපු අයයි. මේ විස්තර වැරදි නම් හොයලා බලලා ඇත්ත ගණන් හිලවු දන්නා පුළුවන්නේ. (හේ)
හරි ඒවා ඔක්කෝම වැරදියි කියමුකෝ. එතකොට ඡන්දේ දවසට දවසකට කලින් සිල්රෙදි වගේම තමන්ගේ පින්තුර ගහපු ඔරලෝසු බෙදුවේ කවුද. අවම වශයෙන් සිල්රෙදිවලට හා ඔරලෝසුවලට වියදම් කළේ කාගේ සල්ලිද. මේක අභූත චෝදනාවක් නෙවෙයි. (හේ)
පළමුව ලංකාදීපයට ස්තුති කල යුතුයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය පාඨක අපිට නොබියව කියවීමට සැලැස්වීම ගැන. (හේ)
යුද්දයට පසුව අපේ බලාපොරොතු වුනේ නිදහසේ ජිවත් වෙන්න . එය ඔබ තුමා ඉටු කලා. මරණ බයේ ඔබ තුමා ඉදිරියේ දනින් වැටුණ අය අද වීරයෝ වෙලා.(ෙහ්)
එතකොට අර පොඩි ළමයෙකු යොදා ගෙන රූපවාහිනියෙන් සිදුවූ අනුන්ගේ පුද්ගලික චරිතයට මඩ ගැහිල්ල ? ඒවා වැදගත් වැඩද ? (හේ)
ඔබතුමා අති විශිෂ්ඨ්ට නායකයෙක්.යහපාලනය කියන්නේ මවා පෑමක්.ජනතාවට නුදුරේදීම ඇත්ත වැටහේවී... ඔබතුමාට සදා ජය..(හේ)
මෙතුමාගෙනුත් අනෙකුත් අයටත් ඔවැනි දේවල් සිද්ධ වුනා .(හේ)
ඔබතුමාට මේ එල්ලවන චෝදන අසත්‍ය නම් විවෘත මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා පිළිතුරු දීම තමා වඩාත් සුදුසු, ඉදිරියේ දී තව තවත් චෝදනා එල්ලවන බව අමතක කරන්න එපා, අනිත් කාරනය මෙතරම් චෝදනා එල්ලවීමේ අනියමාර්තය ඔබ රටට දැනෙන වැඩ කොටසක් කළ ඇති බවයි.(දිල්)
දැන් බලන් යනකොට කිසිම වැරද්දක් නැති ශුද්ධවන්තෙයෙක් නේද අපේ රටේ පාලනය පසුගිය කාලයේ ගෙනිහින් තියෙන්නේ. අනේ අප්පේ මම බැලුවේ මෙහෙම කෙනෙකුට කොහොමද බලය අහිමි වුනේ කියලා. (හේ)
එතකොට මෛත්‍රී මැතිතුමාට රුපවාහිනියේ පොඩි ළමයෙකු යොදා කළ පුද්ගලික චරිත ඝාතනය කවුද කලේ ? එහෙම කරන්න යන අයට එපා කිව්වේ නැත්තේ ඇයි ? තමන්ගේ කීර්තිය නම්බුව කියන දේ අනෙක් අයටත් වැදගත්. ඔබතුමාට විතරක් නෙවෙයි. (හේ)
බලා සිටිමු කුමක්ද වෙන්නේ කියලා.(හේ)
එහෙම නම් දැන් ඉතින් ඒ චෝදනා සාවද්‍යයි කියලා නඩු දාලා හරි ඔප්පු කරන්න. නැතිව එතන මෙතන පෙනී සිටිමින් මාධ්‍යයට ලියුම් ලියමින් ඉඳලා වැඩක් නැහැ. (හේ)
අපේ රටේ ඉන්න මිනිස්සුට කියන ඕනෑම කුණුගොඩක් ඔලුවට ගන්නවා මේක තමා සන්නිවේදන නිදහස යහපාලනයේ කොටසක් නේ. මහින්ද මහත්තයා වත් වත්මන් ජනපති වත් හොරු නෙවේ , වෙනම කට්ටියක් ඉන්නවා ඒ උදවිය ගැන ලියන්න වෙන්නනේ දින 100 කින් තම ජනතාව බලාගෙන ඉන්නේ .(හේ)
මඩ ගහන අයට නියම පිළිතුර (දිල්)
අපිනේ දන්නේ මේ ගැන.(හේ)
ලංකාවේ බුද්ධිමත් ජනතාව ඉන්නේ කොතනද කියල තාමත් තේරුම් අරගෙන නැහැ වගෙයි.(දිල්)
මහින්ද මහත්තයට වුණත් තමන් වැරැදි නෑ කියලා ඇග බේරාගන්න බෑ (දිල්)
දැන් මොනවා කිවුවත් වැඩක් වෙන්නේ නැහැ (නි)
තමන් බලයේ ඉන්නකොට කළ තරමක් කලේ අනුන්ට බොරු චෝදනා එල්ල කළ එක තමයි. (දිල්)
බැරි වෙලාවත් මෙතුමා දිනුවානම් බලන්න තිබුණා පොදු විපක්ෂයේ අයට මොකද වෙන්නේ කියලා. (දිල්)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා තමයි මේ රට බේරා ගත්තේ .එසේ නොවුනානම් මේ කිසි කෙනෙක් අද මෙහෙම කතා කරන්නේ නෑ (දිල්) .
දැන් එතකොට මේ රටේ පසුගිය කාලයේ මහා පරිමාන දුෂණ වංචා, මහජන දේපල අයතා පරිහරණය , බලය අපහරණය යනාදී නොහොබිනා දේවල් කරන්න ඇත්තේ පරසක්වලින් පැමිණි ජීවින් කොට්ඨාසයක් විය යුතුයි. (දිල්)
මේවා කියනකොට රිදෙන අයත් වාසි ලබා ගන්න ඇති (දිල්)
මොනවා කීවත් පිලි ගන්න බැහැ.(හේ)
අනෝමා මාධ්‍ය වලින්මනේ කලින් කිව්වෙත් දැන් පිලිතුරු දෙන්නෙත්. එකට ඔබ කලබල විය යුතු නැත. මේ රටේ දේශපාලනය ඔහොමයි.(හේ)
අපි ඔබ බලාගෙන ඉන්නවා ජයවේවා.(හේ)
මේ බොරු චෝදනා නොවන බව ඔප්පු කර පෙන්වන්න.(හේ)
දැන් ඉතින් පැරදුනාට පස්සේ තාපසය වෙන්න හදනවා. දැන් තමයි මොළේ ඉදුමුම බැහැල තියෙන්නේ. රටේ සල්ලි ඉතුරු කළ ජන නායකය, මොකටද ඉතින් ඒ ගැන. දැන් සුද්දවන්තය වෙන්නේ එපාය අයෙත් ඡන්දෙට (බ)
රටට ඉර පායන්නේ මේ වගේ කට්ටිය නැති වුනාම.(හේ)
බලු කුක්කෝ මස් වලට වඩා, කොහොමත් කටු කන්න ආසයි නේද?(හේ)
අදකාලේ හොරෙන් හොරකම් කරන්න බැහැ. අහුවෙනවා. (හේ)
බිල්ලන්ට බයේ ඇස් දෙක වහගෙන ඉඳලම සමහරුන්ගේ ඇස් අන්ධවෙලා වගෙයි. අනේ පව්! (නි)
අපි දන්නවා, රට කොහොමද පාලනය කලේ කියලා. (හේ)
ලම්භෝගිනියි හෙලිකොට්ටරයි අත් ඔරලෝසුයි අරවයි මෙව්වයි සේරම තෑගී ලු (අ)
මේගොල්ලෝ දැන් ඔලුවෙන් හිටගෙන කිව්වත් අහිංසක දුප්පත් ජනතාවට අයිති දේ කැත විදිහට අපහරණය කළබවට සාක්ෂි එමටයි. නීතියක් සදාචාරයක් නැති දුෂණයෙන් නාස්තියෙන් පවුල්වාදයෙන් ජාතිවාදයෙන් පිරුණු රටක් බිහිකළ සැමටම ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබේවා! (නි)
දැන් ඉතින් කවුරුත් මුකුත් දන්නේ නෑ (දිල්)
දැන් ලියමු ලියන එකේ ඒ කාලේ ක්‍රියාවෙන්ම පෙන්නුවා නම් තමයි ඔබතුමාගේ වටිනාකම. (දිල්)
ම්!.මෙතුමා හිතන හැටියට අපි කන්නේ බත් ද තණ කොළද අපිටත් හිතන්න වෙනවා (දිල්)
මගේ ඇඟ නලියනවා මේවා දැක්කහම (නි)
මේ ගුවන් යනා ගැන දගලන්න එපා. අපි දන්නවා මොකද වුණේ කියලා. අපිට මේවා දැන් කියවලා එපා වෙනවා. මිනිස්සු දන්නවා හැම දේම.(දිල්)
ඔබතුමා අපේ රටට කළසේවය අපි සැමදා අගය කරන්නෙමු. ඔබට දළදා සමිඳුගේ සරණ පතමි! (නි)
එක ඇත්ත, කියන්න කොහොම කිවත් අසන්න සිහිබුද්ධියෙන් අසනවා. මෙය කොහොම කිවත් මෙයාගේ කෙරුවාවල් අපි දන්නවා. අපි සිහි බුද්ධියෙන් තමයි ඉන්නේ.(හේ)
රොෂාන්, "අපේ රටේ ඉන්න මිනිස්සුට කියන ඕනෑම කුණු ගොඩක් ඔලුවට ගන්නවා" නම් ඉතිං අර බාල වයස්කාර දරුවකු රූපවාහිනියට ගෙනත් අනිත් මිනිස්සුන්ට කළ බොරු චෝදනාවත් අපේ රටේ මිනිස්සු පිලිගන්න එපැයි. (අ)
නවින් , අහිමි වුණේ ඔය වගේ කතා හින්ද සහ ඇතුලේ ඉඳන් ගම කාපු අය හින්දා. (අ)
එතකොට මෙතරම් සහන දෙන්න පුළුවන් අයවැයක් ගෙනාවෙ මෛත්‍රි මහත්තකය ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙමෙයි නේද? නාස්තිය අඩු කරලා ඉතුරු කරගත් කෝටි ගනන් මුදලින් නේද? (ර)
ජෙනරාල් සරත් ෆොන්සේකා ශිරානි බන්ඩාරනායක වගේ අයට සෑලකුව විදිය අපිට අමතක වෙන්න නෑ (දිල්)
කුම්බලා මලු කැවනම් දුක විදපම් බළලෝ ...!(හේ)
අපට ඇස් කන් ඇත .(හේ)
අපිට නම් එදයි අදයි වෙනස මේ ටික දවසට තේරෙනවා. දූෂන වුනේ නැහැයි කියන එක කිසිසේත් පිලිගන්න බැහැ.(හේ)
හරියටම වෙන්නේ මොකක්ද කියලා සොයලා බලන්න වෙයි (නි)
යුද්ධයෙන් පස්සේ එතුමාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තාට අපේ බලාපොරොත්තු නම් මෙතුමා ඉෂ්ට කළේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ජයවේවා!!!! (නි)
අපි බලමුකෝ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.ඔය කියන කතා ඇත්තක්ද කියලා.(හේ)
අනේ අපිට කවුරුත් දෙන්නේ නැහැනේ රුපියල් මිලියන 199ක් වටිනා තෑගි නොමිලේ.(හේ)
පාලිත මහින්ද ඔබත් ලක්ෂ 54න් කෙනෙක්ද අර අයවැයෙන් අඩු නොකළ අහාර කන කෙනෙක්ද (බ)
කැම්පස් ගිය කොල්ලො කෙල්ලො රස්සා නැතුව දුක් විදිද්දි සුමනදාසලා වගේ අයට රාජ්‍ය බැංකු වල අධ්‍යක්ෂක තනතුරු දිලා වාහන ඉන්ධන ලක්ෂ ගණන් පඩි දිපුවත් අපිට අමතක නැහැ. (බ)
"තමා භාවිතය සඳහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇනවුම් නොකළ බව හිටපු ජනපතිවරයා සඳහන් කරයි" සහතික ඇත්ත. ඕඩර් කරේ මෛත්‍රී ජනාධිපති තුමාට තෑගි කරන්න. තේරුම් ගන්න.(හේ)
දැන් මොනවා කිවත් කණගාටුයි , ඉදිරියේදී තව බොහෝ දේ එළිවෙයි යන විදියට (දිල්)
අද කෙලින් කටින් හුස්ම ගන්න හැම කෙනාම මහින්ද මහතාට ණයයි. (හේ)
මෙතුමාටත් අර අමතක වෙන රෝගය හැදිලද කියලයි මම මේ කල්පනා කලේ. (හේ)
රට එක්සේසත් කළ ඹබතුමාට සදා ජය පතමි රුපියල් 10000 ට රට පාවාදුන් තිරිසන්නු ඉන්න රටක් මේක (බ)
කරනකොට එහෙමයි කියනකොට මෙහෙමයි (බ)
අහිංසක මහජනයාට දුන්න පීඩනය දැන් තේරෙනවද? (ර)
ගරැ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා. ජය වේවා..(හේ)
ඉතින් තමන් නිවැරදි නම් ඒ බව කියලා චෝදනා බොරු බව ඔප්පු කලාම ඉවරයිනේ. මතක නැද්ද තමන් බලයේ ඉන්න කොටත් විවිධ පාර්ශය්වයන්ට චෝදනා කරමින් කටයුතු කළා. (හේ)
කියන්නා කෙසේ මොනවා කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් අසාවී.ඒ නිසා බය වෙන්න එපා.(හේ)
කොයි දේ කරන්නෙත් ඔබ තුමා රට බේරගත්ත නිසයි (නදී)
කර්මය වශයෙන් තමන් පසු පස ලුහු බඳිනවා කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ.(හේ)
මොකද මේ කලබල වෙලා.? අර බාල වයස්කාර දරුවකු රූපවාහිනියට ගෙනත් අනිත් මිනිස්සුන්ට කළ බොරු චෝදනාව එක්ක බලනකොට මේවා මොනවද ?(දිල්)
වැරදි චෝදනා ඉදිරිපත් කරමින් මේ රටේ ඉන්න මිනිසුන්ව නොමග යවනවා. ඔබ තුමා මේ වගේ ඇවිත් රටේ ජනතාවට ඇත්ත පහදා දෙන්න. කවදා හරි සත්‍ය ජය ගනූ නියතයි.(දිල්)
දිනසීය වැඩ පිළිවෙළනේ මේක (දිල්)
ඔබ වරදක් කර නැත්නම් කාලය විසින් ඔබ නැවතත් ජනාධිපති ලෙස පත් වේවි. (නදී)
ප්‍රසාද් කියන විදියට අපි මැරෙනකම්ම මැදමුලන වලව්වට වෙලා ඉන්න ඕනිද (දිල්)
ප්‍රසාද් එතකොට ඔරලෝසු, මෝටර් සයිකල්, සිල් රෙදි, විදුලි උපකරණ, සහ පත්වීම් වලට ඡන්දේ දුන්නට කමක් නැද්ද ? (හේ)
දැන් අපිට මේ දේවල් අහලම එපා වෙලා.(හේ)
කළ කළ දේ පළ පළ දේ...! (නි)
මෙහෙම නිදහසට කරුණු කියන්නෙත් මෛත්‍රී මැතිතුමා සහ රනිල් මහතාගේ හොඳකම සහ ඉවසීම නිසා නේද? ඔබේ කාලයේ චුදිතයෙකුට මේවා කරන්න පුළුවන් වුණාද ? (නි)
දිනලා මාසයක් ගියා. තවම හිටපු ජනපතිගෙන් පළි ගන්නවා. වෙන කරපු මගුලක් නැහැ. ලෝකේ වෙන රටවල් වල ආණ්ඩු මේ විකාර වලට හිනා වෙනවා ඇති.(නදී)
ඔය සියල්ල සම්පුර්ණ හරි (නදී)
ඔබතුමා හොර වැඩ,මැර වැඩ කළේ නැත්තම්, හොරුන් ආරක්ෂා කළේ නැත්තම් අපි මේ පාරත් ඡන්දෙ දෙනවනේ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඕනවට වැඩිය සැප විදින එක හොද නැහැ නේද? ඔබ තුමා ඒ හොර වැඩ කළේ නැතත් පුතාල ටිකයි, සහෝදරයොයි වටේ උන්නු අය පුදුම කෑමක් නේ කාල තියෙන්නේ (නදී)
හීනෙන් නැගිටලා වගෙයි (නදී)
මහා මැතිවරණයට මහින්දට එන්න බැරිවෙන්න තමයි මේ වගේ මඩ ගහන්නේ. දැන් කුඩු එතනෝල් ගැන කිසිම සද්දයක් නැහැ. එකම ප්‍රශ්නේ මහින්ද ඡන්දෙට එන එක නවත්තන එක විතරයි.(නදී)
අනේ මල්ෂා අපි නම් අද කෙලින් කටින් හුස්ම ගන්නේ , කොන්ද කෙලින් තියාගෙන , ගිය මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ නිසා. (දිල්)