කොට්ටාව පන්නිපිටියේ ත්‍රිරෝද රියක මරා දමා තිබු බව කියන පෙදරේරුවකු ද වන කොන්ත්‍රාත්කරුවකුගේ මරණ පරීක්ෂණය සදහා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය පැමිණියාය.
එඩ් එම් සුරංග කුමාර (45) නම් දෙදෙරු පියකු වන මොහුට පහර දී ඇති ලකුණු පෙනේ යැයි පොලීසිය පවසයි.මහියංගන පුහුල්යායේ පදිංචිකරුවකු වන ඔහු තලවතුගොඩ වැලි පාරේ නිවසක් කුලියට ගෙන බිරිය සහ දරු දෙදෙනා සමඟ පදිංචි වී සිටි බව කියති.
ඔහු සිටි ත්‍රිරෝද රියේ තුබු පොත් වල ලියා තිබු නම් රැසක් ඔස්සේ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ දුර රටවල. අපට දැනගන්න තොරතුරු ඔබලා දිය යුතුයි. අපි කැමතියි නිතරම වැදගත් නිවුස් බලන්න.(නදී)
මෙයා ගාව වැඩ කරපු බාස්ලට ,ගෝලයන්ට හරියට පඩි දීල තියනවද කියලත් හොයන්න. (නදී)
අපරාධ හින්ද පල කරලත් බැහැ. ප්‍රවෘත්තියක් හින්ද අහක දැනත් බැහැ.තුසිත කියන්න වගේ මේක සමාජ අර්බුදයේ පැතිකඩක්. (අ)
මේවා සරලව මිනි මැරුම් වගේ පෙනුනට ලොකු ගැට වලට මේ අය සම්බන්ද ඇති. කාලය තමා විසදුම. කොහොමත් මැරෙන්න සිද්ද වෙන වැඩක් කරලා ඇති. (නදී)
මෙම මිනි සම්බන්ධයෙන් නිශ්චිත අර්ත කථන දීමට නොහැකියි. කොහොම නමුත් මෙයින් දිස්වන්නේ සමාජ අර්බුදයේ පැතිකඩක් මිස වෙනත් නිසිවක් නොවන බව නම් පැහැදිලිය (දී)
හැමදාම අපිට අහන්න දකින්න ලැබෙන මේ අවාසනාවන්ත සිදුවිම් වල නිමාවක් දකින්නේ කවද්ද? (දී)
මේ පුද්ගලයා මැරිලා හිටියා ත්‍රීවිලයේ පිටිපස ලියා තියනවා මේ බවයේ පින් කළා මදිද කියලා.(නදී)