මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (29) දහවල් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ අභාවය වෙනුවෙන් එහි තැන්පත් කර ඇති විශේෂ සමරු පොතේ සිය ශෝක පණිවුඩය සටහන් කළේය.
ජනපති විසින් නිකුත් කැරුණු විශේෂ ශෝක පණිවිඩය ඉන්දියා ජනපති ආචාර්ය ප්‍රනාබ් මුඛර්ජි වෙත භාරදීම සදහා අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අද දහවල් ඉන්දියාව බලා පිටත්ව ගියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පේ ජනධිපතිතුමාගේම ස්වභාවික ගතිපැවතුම් තුබුණේ ඔහුට .ජනපති අබ්දුල් කලාම්ට මොක්සුවය ලැවේවා (අ)