කිසිදාක දේශපාලනයේ නොයෙදුණු තමා ගැන අපහාසාත්මක අයුරින් චෝදනා කිරීමෙන් වළකින ලෙස දුලාංජලී ප්‍රේමදාස මහත්මිය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සිය නීතිඥවරුන් මගින් ලිපියක් යවා ඇත.

පසුගිය 9 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තම සහෝදර සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වයට හානි සිදුකිරීමේ චේතනාවෙන් උසාවියේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන් තමාට අපහාසවන ප්‍රකාශයක් කළැයි ඇය සිහිපත් කරයි.