අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 270314 අතරින් කොළඹ විශාඛා විද්‍යාලයයේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි මුල්තැනට පැමිණ සිටින්නීය. මාතලේ විද්‍යා විද්‍යාලයයේ අනුෂ නිම්රොඩ් පෙරේරා දෙවැනි තැන ද මහනුවර ධර්මරාජ විදුහලේ භාරත මධුෂංක රන්කොත්ගේ හා රඹුක්කන පින්නවල එන්.ඒ.. දිල්මි සමාදිකා විමලරත්න තෙවැනි තැන ද හිමිකැරගෙන සිටිති.
සිසුහු 164191 (සියයට 60.8) දෙනෙක් සමත්වූහ. සිසුහු 3909 දෙනෙක් විශිෂ්ට සාමාර්ථ ලදහ. සිසුහු 12795 දෙනෙක් අසමත්වූහ.
කුලියාපිටිය මැදි විදුහලේ කේ.ඩබ්ලිව්. දෙමින්ත කරුණාරත්න සහ මාතර සුජාතා විද්‍යාලයයේ එච්.ජී. හිරුණි උදාරා පස්වැනි තැන ද, කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්. හිරුණි තාරුකා සම්පායො සහ මාතර සුජාතා විද්‍යාලයයේ පී.එම්. දිලිනි තාරක හත් වැනි ස්ථානය ද,
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පුෂ්පික චතුරංග දේශප්‍රිය නව වැනි තැන ද, කොළඹ දේවි බාලිකා විද්‍යාලයයේ එස්.ආර්.ජී. සුමුදු භාග්‍යා, කොළඹ විශාඛා විද්‍යාලයයේ ජනනි මධුෂා කළුපහන සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයයේ එන්. සඳලිකා විමලරත්න දහවැනි තැන ද හිමිකැර ගෙන සිටිති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හද පිරි සුබපැතුම් ඔයාලා සියලු දෙනාටම
හොද ජයග්‍රහණයක් සොයුරනේ.
සුබ පතමින් ඔබට ජයෙන් ජය පතමි.
මීළග විභාගය මීට වඩා හාත්පසින්ම වෙනස්. තවත් මහන්සිවී වැඩ කරන්න. ඔබට සුබ පතවනවා.
මම අනුෂාට උණුසුම් සුබපැතුම් පිරිනමනවා.
දරුවනි, ඔබ මගේ රටේ මිණිකැට වේ. ඔබ ඉපදුණු මේ රටට කළහැකි වැඩක් කරන්න අදිටන් කරගන්න. ජය පතමි.
“තිබු තැනෙක සොර සතුරන් ගත නොහෙනා උගත මනා ශිල්පය මයි මතු රැකෙනා” අධ්‍යාපනයේ ඉහලටම ගොස් උපන් රටට සේවය කිරීමට ශක්තිය ලැබේවා.
වාසනාවන් !!!!!
ඔබේ ජයග්‍රහණය ඔබ සතුයි.
උසස් පෙළ විභාගයේදීත් ලංකාවෙන්ම මුල්තැනට එන්න සුබ පතමි.
ඔබ සහ පාසැල මේ පුංචි රටතුල ප්‍රසිද්ධියට පත්කිරිම අපට අාඩම්බරයක් නංගි ඔබලා සැමට සුභ පැතුම්
සියලු දෙනාට සුබ පතමි.
සුභ පැතුමි
කිසිවිට හොරෙන් ගත නොහැකි ඒකම දෙය අධ්‍යාපනයයි. උසස් පෙල සදහා දැන්ම සූදානම් වීමට අදිටන් කර ගෙන රටට හිතැති බුද්දිමතුන් බිහිකරන මුල් කඩුල්ල පසු කල ඔබලා සැමට සුභ පැතුම්....!!
ඔබ සැම මව් රට ආලෝකමත් කරන රත් තාරකාවන් වේවා
අපි සුබ පතනවා. හොදටම හොදයි.
මම ඔබ සැමට සුබ පතනවා. මේ උසස් ප්‍රතිඵලය සම්බන්ධයෙන්.
ජයෙන් ජය පතමි
සුභපතමි
දිනක ජය නගන්න මගේ දරුවනේ
කිසිවිට හොරෙන් ගත නොහැකි ඒකම දෙය අධ්‍යාපනයයි ඔබ සැමට අපෙන් සුභ පැතුම්.......!!!!
මුල් තැන හිමි කර ගත් ඔබට සුබ පතමි.
උසස් පෙල සදහා දැන්ම සූදානම් වීමට අදිටන් කර ගෙන රටට හිතැති බුද්දිමතුන් බිහිකරන මුල් කඩුල්ල පසු කල ඔබලා සැමට සුභ පැතුම්
සියළු දෙනාට සුබ පැතුම්.
දුවේ පුතේ, අපිත් ඔයාලට සුබ පතනවා.
ඔබේ අනාගතයට අපේ සුබ පැතුම්
මුල් තැන ගත්ත එක්කෙනා විභාගෙට ලිව්වෙත් ෆෝන් එක කනේ ගහගෙනම ද ?
මගේ උණුසුම් සුභ පැතුම්....!!! නමුත් ලංකාදීපය නොමනා වැඩක් කරලා තියෙනවා.පාසල් ලමයින් ජංගම දුරකථන වලින් බේරගන්න බැරුව දගලන මේ මොහොතේ....ප්‍රථම ස්ථානය දිනාගත් දරුවා ජංගම දුරකථනයකින් කතා කරනවා දැමීම වැරදි පූර්වාදර්ශයක් නේද...? වෙන ඡයා රූපයක් දාන්න තිබ්බනේ.....
අපේ රටේ අනාගතය ඔය අත්වලට භාරයි. ඔබට සුබ පැතුම්.
පුතා දුවට මගෙන් සුබ පැතුම් මෙ වගෙම සතුටු උන දරු දෙන්නෙකුගෙ පියෙක්
මගෙන් උණුසුම් සුබ පැතුම්.
ඔබ සියලුදෙනාටම සුබම සුබ අනාගතයක් වේවා ............ !!!!!!
අපේ උණුසුම් සුබපැතුම්.
දරුවනි, ඔබට සුබ අනාගතයකට අපෙන් සුබ පැතුම්.
කඩඉම් පසුකල සියළු දෙනාටම ජයපතමි.
දිනක ජය නගන්න මගේ දරුවනේ සුභපතමි
එලකිරි නංගී මල්ලී ජයවේවා !
සියල්ලන්ට සුබ පතමි. මේ දරුවන් සෙසු දරුවන්ට පූර්වාදර්ශයක් සපයන බව අපි දනිමු. ජංගම දුරකථන භාවිතය විවිධ අයුරින් ආන්දෝලනාත්මක වී ඇති යුගයක පලමු ඡායාරූපය වගකිවයුතු මාද්‍ය භාවිතයක් ලෙස නොදකිමි.
නමුත් දුවේ පුතේ නුඹට රටක් නැත.
අපේ සුබපැතුම්. ඉදිරියටම යන්න දරුවනේ
ඔබට මව්වරු තුන්දෙනෙක් ඇත. ඔබ මෙලොවට ජාතක කළ මව, ඔබට ශිල්ප දුන් පාසල් මාතාව, ඔබ උපන් මාතෘ දේශය. මේ මව්වරු තිදෙනාට කෘත ගුණ සැලකීම ඔබේ පරම යුතුකමයි.
ඔබට සුබ පතමි...!!
නංගියේ මල්ලියේ ඔබ සැමගේ අනාගතය ශක්තිමත් කැරගැනීමට , ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. !
ඔබ සැමට ජය ෙවිවා
දීප්තිමත් අනාගතයට සුබ පැතුම්.
ජයෙන් ජය ලැබූ මේ දරැවන්ට බුදුසරණය.ි සියලු දෙවි පිහිටයි.
අපේ සුබ පැතුම්. මේ විදියටම ඉදිරිප කඩඉමටත් (උසස් පෙළ) සාර්ථකව මුහුණ දෙන්න හැකිවේවා. !
හරිම ආඩම්බරයි. ඔයාලගේ දෙමාපියෝ මොනතරම් වාසනාවන්ත ද ?
ඉදිරි කඩඉම් ජයගෙන විදේශයට නොව උපන් රටට සේවය කරන්න.
ජයෙන් ජය පතමි.
ඔබ සියලු දෙනාට ජයවේවා ! කවදාහරි ලංකාවේ බොරු දේශපාලනයට තිත තබලා හොද පුරවැසියන් වෙන්න.
ඔබේ සාර්ථකත්වයට සුබ පැතුම්. !
සුභපතමි!!!
සුබපතමි.
ජයෙන් ජය මගේ දරුවනේ
සුබ අනාගතයක්!!!!!!!!!!
සුබ පැතුම්.
මේ සොයුරු සොයුරියන්ට අපි සුබපතනවා.
සියලු දුවල පුතාලට සුබ පැතුම්...!
අධ්‍යාපනයේ සිහින සැබෑකරගත් ඔබට අපෙන් සුබ පැතුම්.
අපේ රටේ අනාගතය බබලවන්නට ශක්තිය ධෛර්ය පතන්නම් හදවතින්ම.