තමා අත්අඩංගුවට ගනිද්දී පොලිස් භාරයට ගත් ජංගම දුරකතන, ඩොංගලය, සිම්කාඩ්, අපලවලට දැමූ සුර දෙකක් සහ මැණික් ගල් ඇල්ලූ රිදී කැපැල්ලක් කොටදෙනියාව පොලිසියෙන් නැවත ලබා නුදුන් බව කියමින් කොටදෙනියාවේ දැරිය ඝාතනයට අත්අඩංගුවට ගෙන නිදහස ලැබූ පාසල් සිසුවා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර තිබේ.
එම භාණ්ඩ නැවත තමාට ලබා දෙන්නැය ඔහු ඉල්ලයි.
එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට ද යොමු කර තිබේ.
සිසුවා පොලිස්පතිට යැවූ ලිපිය මෙසේ ද දැක්වේ.
‘‘ඉහත නම සඳහන් මා 2015.09.16 වැනි දින උදේ කිසිදු හේතුවක් නැතිව කොටදෙනියාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර 2015.09.19 දක්වා පොලිසියේ රඳවා ගනිමින් පහර දී එදින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කෙරිනි. පසුව ඔක්තෝම්බර පළවෙනිදා මා නිදහස් කර මුදා හරිනු ලැබීය.
16 වැනි දා මා අත්අඩංගුවට ගනිද්දී මගේ කාමරේ තිබූ ලැප්ටොප් පරිගණකය, මා භාවිත කරන ජංගම දුරකතනය (ඩයලොග් සිම්පත සමඟ), කැඩුණු ජංගම දුරකතන දෙක, මෘදුකාංග සහ චිත්‍රපට සීඩී කිහිපයක් සහ එයාටෙල් සිම් කාඩපතක් ද පොලිස් බාරයට ගත්තේය.
16 වැනි දා සවස මා පොලිසියේ සිටිය දී මාගේ ඩයලොග් ඩොංගලය ද පොලිසියට ගෙන ආ අතර එදින මා කූඩුවට දැමීමට පෙර මගේ කරේ තිබූ තඹ සුර දෙකක්, අපළ මාලයක් (මැණික් ගල් හතරක් ඇල්ලු රිදී පෙත්තක්) සහ අතේ බඳින නූල් තුනක් පොලිස් බාරයට ගත්තේය.
මාගේ ලැප්ටොප් පරිගණකය අධිකරණයට ඉදිරිපත් කළ බව දැනගන්නට ලැබුණු අතර ඉතිරි භාණ්ඩ මට නැවත නොලැබුණු නිසා 2015 ඔක්තෝබර් 05 සඳුදා සවස මගේ නීතීඥ මහත්මා මා ඉදිරිපිට දී ම කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදය කුමාර මහතාට දුරකතන ඇමතුමක් ගෙන එම භාණ්ඩ ගැන විමසන ලදී.
ඒවා නොගත් බව කියමින් ස්ථානාධිපතිවරයා දුරකතනය විසන්ධි කළේය.
ගරු පොලිස්පතිතුමනි, මා සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ඉහත භාණ්ඩ හැකි ඉක්මනින් නැවත මා හට බාර දෙන ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිට උපදෙස් ලබා දෙන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම ඉස්සරවෙලා පොලිසියට නීතිය පිළිපදින හැටි උගන්නල ගත්තොත් නේද හොඳ? (බ)
ඕන තරම් කියන්න දේවල් තිබෙනවා වස්ගමු කැලේ ගස් කැපුවයි කියල අල්ල ගත්ත මිනිහගේ පොකට්ටුවේ තිබුන රු. 20000 රැගෙනයි මිනිහව ගෙදර එව්වේ. එක එ් මිනිහ තමන් ළඟ වැඩකළ කම්කරුවන්ට ගෙවීමට තිබුන මුදල් (බ)
ඉසුරන්දි ඔබ මොනවද මේ කියන්නේ. අපට පොලිසිය සුද්දවතයින් හැටියට පෙන්වන්න කියනවද. (බ)
දැන් ඉතින් පොලිසිය පස්සේ එලවනවා වැරැද්දක් අල්ලාගෙන. එක වැරද්දක් නොවයි හලෝ වැරදී දහසක් පෙන්වන්නම්. (බ)
නීතිය අනුව නොවෙයි රිසි පරිදි රාජකාරි කිරීම නවත්වන්න. (බ)
ඉසුරන්දි ඔබ ගැන කිමට යමක් නොමැත. ලංකාවෙ ඉන්නේ හොද පොලිස් නිලධාරින් සුළුතරයකි. බහුතරය ගන්නට දෙයක් නැත. අගතියට පත් අයට සාධාරණය ඉටු වුනොත් එය ආශ්චර්යයකි! පොලිසිය කෙරෙහි තියෙන විශ්වාසය පලුදු කරන්නට අවශ්‍ය නැත - එය ඔවුන් විසින් පලුදු කරගෙන ඇත. අලුතෙන් ආපු ඉතාම තරුණ පොලිස් නිලධාරින් ටික මානුෂික අයුරින් වැඩ කල බව දුටුවත් කාලයත් සමග ඔවුනුත් සුපුරුදු දුෂිත ගොඩට වැටේවී මෙවා ගැන මිනිස්සු කට පියාගෙන හිටියොත්. පොලිසියේ විශ්වාසය ගොඩ නැගිය හැක්කේ මේවාට විරුද්දව හඬ නැගිමෙන් සහා එම වැරදිම් පෙන්වා දී ඔවුන් ඒ වැරදි යලි නොකරන තැනට ගෙනයාමෙන් මිස ඔබ සිතන ලෙස කට පියාගෙන සිටීමෙන් නොවේය - එතැනදි රටේ මාධ්‍ය මීට වඩා ඉදිරියෙන් වැඩ ක< යුතු බවද කිව යුතුය - කුණු රස නිවුස් දානවා වෙනුවට (බ)
මෙවැනි පොලිස් නිලධාරීන් මුළු පොලිසියටත්, රටටත් විශාල කැළලක්. මේ පොලිස් අපරාධකාරයින් වහාම පොලිසියෙන් ඉවත් කර දඩුවම් ලබාදිය යුතුයි. පොලිසියට බඳවා ගත යුත්තේ බුද්ධිමත් උගත් විනයගරුක හැදිච්ච අය මිස බොරු ශෝභන පෙන්නන අපරාධකාරයින් නොවේ. රටේ ආරක්ෂාව භාරව සිටින ජනාධිපති තුමත්, රාජ්‍ය ආරක්ෂක ඇමති තුමත් මේවා ක්ෂණිකව අධ්‍යයනය කර සොයා බලා පොලිසියට හොද වැඩපිළිවෙලක් සකස් කොට පුහුණුවක් ලබා දිය යුතයි. නැතිනම් මෙවැනි අපරාධකරුවන් පොලිසියට බැදී පොලිසියේ හොඳ නිලධාරීන්ටත් නිගා කරනු ඇත (බ)
අයියෝ! ලැජ්ජයි පොලිසිය (නි)
පොලිසියේ ඉන්න අය මොකද මේ වගේ වැඩ කරන්නේ? (නි)
එහෙනම් දැන් පොලිසියේ අපල කාලේ ඉවර ඇති!! (නි)
පේනවා නේද පොලිසියේ ඉන්න අයගේ හැටි? හොරු පුරුදු කරන්නෙ පොලිසියමයි. මේ වගේ දේවල් දැක දැක පොලිසිය කියන,සිවිල් සාමය ආරක්ෂා කරන දෙපාර්තමේන්තුව ගැන කොහොමද විශ්වාස කරන්නෙ? ලැජ්ජයි.... (නි)
සමහර පොලිසි වල ඉන්න රාළහාමිලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
හොරු අල්ලන්න යන පොලිසිය ඊටවැඩිය හොර වැඩ කරන එක ගැන අපිට නම් ලැජ්ජයි (නි)
මේක මානව හිමිකම් කඩවීමක් නෙමෙයිද? (නි)
මේකද අපි යහපාලනයෙන් බලාපොරොත්තු වුණේ? (නි)
ඒත් දැන් තියෙන්නේ යහපාලන පොලිසියක්නේ? (නි)
වරක් මා පොලිසියට ගියා මගේ මිතුරෙක්ගේ මවක් සියදිවි නසාගැනීමක් පිළිබඳ දැනුම් දෙන්න ඔහුගේ පියාත් සමඟම. ස්ථානාධිපති, පියාට තමුසේ නේද මරලා එල්ලුවේ කියමින් බැන වැදුනා. පියාට සිදුවුණේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. (නි)
අනේ අපේ පොලිසියට ගිය කල! (නි)
අනේ පවු දෙයියනේ ඒ ළමයා (නි)
මට නම් හිතෙන්නේ මේක කවුරුහරි ලොකු කෙනෙක් කරන්න ඇති. අහිංසකයෝ අල්ලාගෙන මේක මෙච්චර දුර යන්නේ ඒ නිසා වෙන්න බැරිද? (නි)
මේ සිද්දිය ,අංගුලිමාල නැවත බිහි කිරිමක් නොවෙයි ද? (ම)
නුඹ හොද වෙලාවට කොල්ලෝ නුඹ හවාමයි කියල කිව්වේ .නැත්නම් ඒ ගහපු ගැහිල්ලට ඔයත් අර කතාවක එන වලහ වගේ'' අනේ බුදු සර් ගහන්න එපා සර්ලා හොයන හාව මම තමයි කියලා වලහා කිව්වාලු'' ගුටි කන්න බැරි කමට ඔන්න ඕකයි ලංකාවේ පොලිසියේ තත්ත්වේ (අ)
මගේ තාත්තා මට හොඳටම විශ්වාසයි හැබැයි මගේ තාත්තා ඔය කාකි ඇඳුම අස්සට රිංගුවොත් එදාට මම එයාවත් විශ්වාස කරන්නේ නැත. (ස)
පොලිස් නිල සුනඛයෙකුට පොලිස් රාළහාමි කෙනෙකුට වඩා මොලය තියෙනවා (බ)
මේ ඔක්කොම සිද්ධි දාල හොද පොත් කීපයක් ලියුවොත් නරකද ඔන්න කරනවානම් වැඩක් (බ)
කොන්ඩයා, පාට් 2 පොලිස් නාටක කණ්ඩායමේ අලුත්ම ඉදිරිපත් කිරීම (ම)
අපට තියෙන්නේ අපේ හිතේ තමයි (ම)
මෙහෙමත් පොලිසියක් අපිට ඉන්නවා නේ හැමෝම නෙවෙයි (ම)
ජයසිරි ඔබේ අදහසට මගේ ආචාරය (බ)
පුදුම හොරා පොලිස්ලානේ. (නි)
පොලිසියට වැස්සකට හෝ යාමට සිදු වුවෝ තත්වය දනිති. (ස)
දැන් ඉතින් පොලිසිය පස්සේ එලවනවා වැරද්දක් අල්ලාගෙන.නිතිය මේ සදහා අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් කටයුතු කරනවනේ. යුක්තිය සාධාරණය ඉටු වෙයි එහෙනම්.මේ දේවල් වලින් වෙන්නේ සමස්ත පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය පලුදු කිරීමක් නොවේද? (බ)
ලංකාවේ ගොඩක් අය ළඟ තියෙන්නේ ඔය සීඩී තැටි තමයි. පව් පොඩි එකා. (නි)
ආයුධ පෙන්වන්න එක්කගෙන යනවාට උඩගෙඩි දුන් අය මේවාටත් අඩුවැඩි වශයෙන් වගකියන්න ඕනෑ. පොලීසියේ කටයුතු සැමවිටම නීතියේ ප්‍රතිපාදන සීමාව තුළ පමණක් සිදුවිය යුතුයි. (නි)
අනේ අපේ පොලිසීය! (නි)
ඉසුරන්දි, පොලීසිතට ඔච්චර ප්‍රතිරූපය ගැන කැක්කුමක් තිබෙයි නම් මේ ළමයව අත්අඩංගුවට ගත් වෙලාවේ නොගහා ඉන්න තිබුණා. තමන්ට මේ වගේ අසාධාරණයක් වුණා නම් තේරෙයි (නි)
පොලිස්පති තුමනි, ඔන්න බලාගන්න ඔබගේ ගෝලයන්ගේ වැඩ කිඩ කොහොමද කියලා.අහන්නත් ආඩම්බරයි නේද...මම ඔබ නම් ඔය කාකි පාට කෝට් එක ගලවලා ගෙදර යනවා. මොකද මහජනයාගේ මුදලින් යැපෙන ආයතනයක ප්‍රධානියෙකුට අත්මගරුත්වයක් ඇතිව තව දුරටත් මේ ජරා අශුචි වලේ සිටීමට බැරි නිසා.තීරණය ඔබ සතුයි.අදහස් දැක්වීම අප වැනි මහාජනයා නොහොත් ඔබගේ වේතනය ගෙවන්නා සතුයි. (අ)
හොරා. පොලිස් සෙල්ලම වගේ (ම)
මේක එලියට අාපු එක සිද්ධියක් පමණි පොලිසියට යන ගොඩක් අයට ඕකතමා වෙන්නේ සමහරවිට ගෑනිවත් නැතිවෙනවා මගේ යාලුවෙක් පොලිස් වාර්තාවක් ගන්න ගිය පොලිසියේ ලෝක එකක ඉබ්බෙක් කැඩිලා කියල ඉබ්බෙක් ගෙන්න කිවලු මිනිහ එක අරන් දීල රු 100ක් වුනත මේවා අසාධාරන වැඩ මෙතෙක් කල් හිටපු ඉන්න එකෙක්වත් හොයල බැලුවද පොලිස් හින්ද මිනිස්සු කොච්චර අසාධාරණයට ලක්වෙනවද මේ සෙල්ලම වහාම නතර කළ යුතුයි දැන්මම (බ)
ලංකාවේ පොලිසිය හදන්න අමාරුයි. මගේ සහෝදරයා අනතුරකින් මිය ගියා. මෝටර් බයිසිකලය ආපහු ගනිද්දී ඒකේ බැටරි එක පොලිසියෙන් ගලවාගෙන (බ)
කිරි කලයකට ගොම ඇබින්දක් වැටුනම කිරි කලයම දොස් සහිතයි. පොලිසියේ යහපත් මහත්වරු සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. මුළු කිරි කාලයටම දොස් නගන්න එපා. (ම)
අහිංසකයන්ට පාර්ට් දාන චන්ඩි පොලිසි .දැන් කොණ්ඩයා හොදයි මේ ළමයයි අර මනුස්සයයි වැරදි .දැන් කොන්ඩයා නේමෙලු පාපොච්චාරණය කරලා තියෙන්නේ (බ)
පොලිසියත් ගේමට හවුල් වගේ (බ)
අපේ ලංකාවේ ඉන්නේ හොර පොලිස් කාරයෝ බොරුවට ජනප්‍රිය වෙන්න එක එක අරන් ගිහින් මාධ්‍ය සංදර්ශන පෙන්නනවා කොටදෙණියාවේ ඕඅයිසී ඇතුළු සියලු දෙනාම ඉක්මනින් මාරු කරලා සම්පුර්ණ අපක්ෂ පාති විමර්ශනයක් කරන්න ඕන ,17 හැවිරිදි සිසුවාට ගොඩක් ලොකු අසාධාරනයක් වෙලා තියෙන්නේ ඒ ළමයාගේ ගත්ත බදු නැවත දීපන් කොන්ද පන නැති කලිසන් කාරයෝ (බ)
ලංකාව තාම මානව හිමිකම් කියනදේ හරිහැටි තේරුම්ගෙන නැහැ. පොලිසියට විද්‍යාත්මක විමර්ශන ගැන නැවත ඉගැන්විය යුතු කාලය එළඹී ඇත.. අපේ අධ්‍යාපනයට වෙලා ඇති දෙයයි මෙයින් පරාවර්තනය වෙන්නේ.(ම)