
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බව කියන යුද හමුදා සෙබළුකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්‍රීඩා අංශයට අනුයුක්ත නිලධාරියෙකි.
එම සැකකරු සමග මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , හොරයින් මත්කුඩු මිලිගෑම් 500 ක්, කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.
හෝමාගම පිටිපන ගලගාහේන සිංහඅරන ප්‍රදේශයේ දී ඉකුත් 16 වැනි දින ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාදයේ සැකකරු බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd