සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාළුදුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතයක් බව උඩුවේ ධම්මාලෝක හිමි පවසන්නේ නම් එය හෙළිකර ගැනිම සඳහා උන්වහන්සේ තොරතුරු සැපයිය යුතු බවත් උලපනේ සුමංගල හිමියෝ පවසති.
සුමංගල හිමියෝ මේ සම්බන්ධයෙන් සිඅයිඩියේ පැමිණිල්ලක් ද කළහ.
සොභීත හිමියන්ගේ මරණය සැක බව කියමින් උඩුවේ ධම්මාලෝක හිමියන් අද රහස් පොලිසියට පැමිණිල්ලක් කළේය.
සෝභිත හිමියන් අපවත් වී මාස 05 ට ආසන්නය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාසනයට ලොකුම හානිය කරන්නේ මේ සුපිරි නිකායේ ` මොඩ් හාමුරුවරු`. සෝභිත හාමුදුරුවන්ගේ මරණය ගැන දැන් මොකෝ කතා කරන්නේ, මෙච්චර කල් කටේ පිට්ටු හිරවෙලා තිබුනද? ජනාධිපති තුමනි, චීවරයට මුවා වෙලා බිස්නස් කරන කහකඩයන් නෙරපා සාසනය සුද්ධ කරන්න කාලය පැමිණ ඇත. නායක භික්ෂූන්වහන්සේලා සමග සාකච්චා කොට යමක් ඉක්මනින්ම නොකලොත් පඬු හැලියටත් හෙනගහන දවස ළඟදීම උදාවන්නට ඉඩ තිබේ.(කෞ)
උඩුවේ හාමුදුරුවෝ අලි කේස් එකේ විලි වහගන්න නේ ඔය මහන්සි ගන්නේ. (බ)
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවලු. පවු දෙයියනේ එක අතකට. කොහොමට වැජඹුණු අයද? (නි)
මෙයා කවුද? තවත් කඩේ යන කෙනෙක් වගේ. මෙයාල සල්ලි වලට ඕන දෙයක් කියයි (බ)
අලි කේස් එකක් නාවනම් සෝභිත හාමුදුරුවන්ට නිදහසේ නිවන් යන්න තිබුනා, දැන් අලි කේස් ඇවිදින්නේ.ඒකෙන් බේරෙන්න මොකක හරි එල්ලෙන්න ඕනා. (බ)
උන් වහසේලා කියන්නේ ජනාධිපති කොමිසමක් දාන්න කියල. එතකොට උන් වහන්සේලා ළඟ තියෙන තොරතුරු ඉදිරි පත් කරනවා කියල. එ්ක තමයි හරි. ඇයි ඒ වෙනුවට උන් වහන්සේලා පස්සේ පන්නන්න හදන්නේ. එතකොට සැකයක් ඇති වෙනවනේ. (බ)
උඩුවේ ධම්මාලෝක හිමියන් අලි වංචාවක් සම්බන්ධයෙන් මාස 5 පසුව තමා සැකය ඇති වෙලා තිබෙන්නේ (බ)
සාමා ඕක අහගන්න පුළුවන් තව ටික කලකින් අගමැති තුමාගෙන් .(බ)
කට්ටියක් සෝමේ හමුරුවන්ගේ මරණය වික්කා .දැන් සෝහිත හාමුදුරුවන්වත් විකුනනවා .(අ)
දහම්, ඔබ ගැන පුදුමයි .මේ කතාව කියන්න බලපත් නැති අලි පැටියා අල්ලනකල්ම හිටියට වෙනම නඩු දාන්න පුළුවන් (අ)
දැන් දැන් කරන තර්ක විතර්ක අදහස් උදහස් අනුව රට තිබු තැනටම නැවත අපූරුවට ඇදගෙන යන බවකුයි අපිට පෙනෙන්නේ (නි)
මාළුදුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම, තම වාසියට, තම අවශ්‍යතා ඉටු කර ගැනීමට විකෘති කරමින් සමහරු තමන් කළ සහ කරන වැරදි වහගන්න හදනවා නම් ඒක වැරදියි (නි)
නියම හාමුදුරුවරු කවුද, බොරු චීවරධාරීන් කවුද කියා ජනතාවට හඳුනාගන්න හොඳ වෙලාවක් මේක (නි)
අනේ ඔයාල පිළිගන්නවානම් පිළිගන්න , නැතිනම් නිකන් ඉන්න , අද පාන්දර අපේ ගේට්ටුව ළඟ අලි පැටියෙක් දාලා ගිහිල්ල හිටියනේ කවුරුදෝ පින්වතෙක්,. අනේ මම ඉන්නේ උඩුවේ ස්වාමින්වහන්සේ ලව්වා උපදේශයක් ගන්න , කොහොමද අනාත වෙච්චි අලි පැටියෙක් හදාගන්නේ කියල. (අ)
ඒ හාමුදුරුවන්ට සාක්ෂි තියෙනවා නම්, ආයේ කොමිෂන් දාන්න ඕන නැ පොලිසිය ට කට උත්තරයක් දෙන්න, නිකම් ජනතාවගේ මුදල් නැති කරන්නේ නැතුව, මස පහක් ගියේ (අ)
සාමාගේ අදහස නියමයි. මමත් එකඟයි. (නි)
කාටවත් කඩේ යන්න එපා පාඩුවේ පන්සලට වෙලා ඉන්න(කෞ)
උඩුවේ හිමියන් විතරක් නෙමෙයිනේ,තවත් කීපනමක්ම මේ බව කියලනේ තියෙන්නේ. (බ)
අර අලි පැටියාගේ අම්මාට වෙච්ච දේ දන්නවාද දන්නෙ නැහැ (නි)
ඔව් ඔව් ඔය බස්නායකලා වගේ මෝඩ අරයට කඩේ යන උදවිය තමයි කියන්නේ අපවත් වුණු ස්වාමීන්වහන්සේ කෙනෙකුටවත් ඉන්න දෙන්න එපා ඒකෙනුත් දේශපාලන වාසි ගන්න ඔයාලා හොදයි කුබුරු හාන්න (බ)
වෛරය නිසා එක එක දේවල් කරන්න කියන්න ගිහින් තමාම විනාශ වෙන හැටි. (බ)
කොහොමද සංඟඝයා ආපු වාහනේ ? (බ)
මේ හිමිවරු කව්රුත් දිගට හරහට විතරක් නොවෙයි මහා අගාධයකට සාසනය විනාශ කරනවා. අපේ ජිවිත කාලයේදීම සාසනයට අබ සරණයි (බ)
සුමිත්‍රා බස්නායක, ඔය කියන හිමිවරු නිකම් තැන් තැන්වල කියවන්නේ නැතුව සාක්ෂි සහිතව පොලිසියට කරුණු ඉදිරිපත් කළා නම් මෙලහකටත් "ඝාතකයෝ" අල්ලලා නේද? හැබැයි, අපට නම් මතකයි සෝභිත හිමියන්ට වරක් රෝහල් ගතවෙන්නත් සිදුවුනා.(බ)
ඕන කෙනෙකුට ඕනෑම මෝඩ කථාවක් කියන්න පුලුවන්.නමුත් මහජනයා අවශ්‍ය වෙලාවේදී නියම තීරණ ගන්නවා. (බ)