IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’අපරාධ රාජ්‍යය’’ හොඳ රටක් කරනවා

(අංජුල මහික වීරරත්න)

දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍ය වෙනුවට ලංකාව ලෝකය හමුවේ යහපත් රටක් කරන වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ස්වභාවික සම්පතින් අනූන, සශ්‍රික රටක් වුවද පෙර පාලකයන්ගේ සැලැස්මකින් තොර ක්‍රියා කලාපයන් හේතුවෙන් රටට සංවර්ධනය අහිමි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් රජය ක්‍රමිකව සහ ස්ථාවරව රටේ ජාතික ආර්ථිකය ගොඩනගමින් සිටින බවද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (30) පස්වරුවේ සහභාගී වෙමිනි.

කාගම සිරිනන්ද හිමිගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව ඊට ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ  තමා කිසිවිටෙක තනතුරු, තනාන්තර බලා කටයුතු නොකළ අතර ජනතාවගේ දුක සැබෑ ලෙසම අත්දුටු සහ අත්විදි නායකයෙකු ලෙස සියලු පොදු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බවත්ය.

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක  පල්ලේගම හේමරතන නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද මැති ඇමතිවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (3)

’’අපරාධ රාජ්‍යය’’ හොඳ රටක් කරනවා

Palitha Saturday, 31 May 2025 01:00 AM

හොඳයි... බොරු කියන එක නවත්තලා දෙන්න විධායක ජනාධිපතිතුමනි,

:       0       7

Manjula Pradeep Saturday, 31 May 2025 08:27 AM

ඉතිහාසය හොඳින් දන්නා අය පාරක වැටී සිටි න සතෙකුටත් ආදරය අනුකම්පා කළාට වැසියන් සිටින්න රටක් මේ තත්ත්වයට පත් කළේ කවුද කියලා දන්නවා එදා හැත්තෑ එකේ කැරැල්ලක් මෙහෙයවලා තරුණ තරුණියන් විසිදාහක පමණ මරා දමලා පාරවල් ගානේ ඇලවල් ගානේ මිණි ගොඩ ගැස්සුවේ කවුද? අසූඅට, අසූ නමය කාලය රාජ්‍ය දේපළ ගිනි තියලා විනාශ කරලා මිනිසුන් අමු අමුවේ ්‍රසිද්ධියේ මරා දමලා මිනී කඳු ගොඩ ගැස්සුවේ කවුද? පහුගිය අරගල කාලයේ මිනිසුන්ගේ දුක් ගැහැට වලට වගකිවයුතුයි අය දේශපාලනඥයින් කියලා බොරු බේගල් කියලා මිනිසුන්ගේ සිත් වල වෛරය පතුරුවලා මිනිසුන්ට අනෙක් මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන්න ප්‍රසිද්ධියේ මිනිසුන්ට පහර දෙන්න හා එවැනි දාමෙරික වැඩ දැකලා ප්‍රසිද්ධියේ ගහලා මරනවා දැකල‍ා සතුටු වෙන විදියේ මානසිකත්වයක් රට තුළ ඇති කරේ කවුද? මේ අපරාධ රැල්ලට ප්‍රධානම හේතුවක් හැටියට මම දකින්නේ එදා අරගල කාලයේ මිනිසුන්ගේ මනසවල් වෙනස් කරපු එකේ ප්‍රතිඵලයක් කියලයි...

:       2       7

Bunny Preena Saturday, 31 May 2025 08:53 AM

ඔබගේ උතුම් ප්‍රාර්ථනය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සියලුම යහපත්, ධර්මිෂ්ඨ රට වැසියන්ගේ ඒකායන පැතුමයි. සාදු...! සාදු ...! සාදු...!

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site