‘අපරාධ දත්ත තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යංශය‘ නමින් නව ඒකකයක් අද (4) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කැරිණි.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක හා පොලිස්පති එන්.කේ.ඉලංකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම නව ඒකකය මගින් දිවයිනේ වාර්තා වන අපරාධ තොරතුරු දෛනිකව පොලිස් ස්ථාන මට්ටමින් විද්‍යුත් තැපැල් ජාලය ඔස්සේ ලබාගෙන එක්රැස් කිරීමේ හා දත්ත විශ්ලේෂණය කර හඳුනාගත් අපරාධ ක්‍රමවේදයන් වර්ධනය වීම් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනුම්වත් කර අපරාධ මර්දනයට සහාය වීම සිදුකැරේ.
මෙම නව ඒකකය කොළඹ 7, ටොරින්ටන් පෙදෙස පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ ආරම්භ කර ඇත. ඒ අතර ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද අද සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම නිදාගෙන ඉන්න අය අවදි කළොත් නරකද? (නි)
සැලසුම නම් හොදයි.හැබැයි මේ පොලිසියේ පවතින යාන්ත්‍රණය තුළ කොතරම් දුරකට සාර්ථක වේවිද ?අනෙක බලන්නකෝ අපේ තීන්දු තීරණ ගන්න ඉන්න අය බහුතරයක් බෝ නොවන රෝග ලක්ෂණ පෙන්න අපුරුව (ම)
නිදිකිරා වැටෙන ඒ පොලිස් නිලදාරියා රාජකාරිය දේවකාරියටත් ඉහලින් සලකා රෑ දවල් නොතකා කටයතු කරන අවංක නිලධාරියෙක් විඩාපත්වී ඇතිබව හොදින් පෙනේ (ම)
පටන් ගන්න නියමිත වෙලාවට පටන් ගත්තනම් කාටවත් අපහසු තාවයක් නෑ...එත් රාජකාරී කටයුතු නිමවා මෙවන් තැන්වලට ආවත් නිසි සැලසුමක් නැතුව සූදානම් කිරීම නිසාත් ...නිසි වෙලාවට පටන් නොගත් නිසාත් ඕනෑම රසවත් දේශනයක් උනත් නීරසවෙනවා...ආරම්භක උළෙල මෙහෙම නම් ඉදිරිය ගැන කවර කතාද?(හේ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
වැඩේනම් හොදයි.(හේ)
හොද වැඩක්.. (ම)
දියුණු ක්‍රමවේදයන් වලට යොමු වීම වැදගත්. (ර)
නව ක්‍රම වලට යොමු වීම හොද දෙයක්. (ර)
වෙනදා පුරුද්දට අදත් නිදි නේද?(හේ)
අවිල්ලා ඉන්න අය නිදිමතෙන් වගේ ඉන්නේ.(හේ)
මේ මහත්තුරුන්ට කීවා නම් හොඳයි මේ සම්මන්ත්‍රණයට එනකොට, පැදුරකුයි කොට්ටෙකුයි අරන් එන්න කියලා. එහෙම වුනා නම් පුටුඋඩ මේ වගේ දුකසේ නිදාගන්න සිද්ද වෙන්නේ නැහැ.(හේ)
චන්දිගේ අදහස හොදයි.(හේ)
වැඩේ හරි ගියොත් හරි.(හේ)
ඔය නිදාගෙන ඉන්න කට්ටිය නැගිටලා හිටියනම් අපරාධ අඩුකරගන්න පුළුවන්. (ර)
කරන්න යන වැඩේ හොදයි.(හේ)
අවදියෙන් ඉන්න අයගෙන්ද, නිදියාගෙන ඉන්න අයගෙන්ද මහජනයාට සේවයක් වුණේ කියමු බලන්න (නි)
ජනතාවගේ බදු මුදලින් රැකෙන පොලිසිය සහ ඔවුන්ගේ දරු පවුල් අසරණ ජනතාව ඉතාමත් දරුණු අන්දමින් තලාපෙලා දමන හැටි අප දැක අැත. ධර්මය නොදැන මොවුන් කරන අසාධාරණකම් වලට සමාවක් නැත. (නි)
මේ දියුණු ක්‍රමවේදයන් ප්‍රමාදවී හෝ වැටහුණු එක අගයමි...! ඉතාමත් කාලෝචිත ව්‍යාපෘතියක්..! .ඒවගේම මේවා විමසීමට නියමකෙරෙන පොලිසියේ පහල ස්ථරවල පහසුකම්,නිසි වැටුපක් ,නීතිය,මහාමාර්ග නීතිය පිලිබඳ දැනුම යාවත් කාලීනවීම් ද සිදු විය යුතුය .මන්ද සාමාන්‍ය රජයේ සේවයට වඩා විශේෂ අසීරු සේවාවක් මහජනයා සමග සමීපව වගේම ගැටෙමින් පොලිසියේ පහල ශ්‍රේනීන් විසින් ඉටු කරන නිසාය (බ)
නිදා නොනිදා ඉන්න මහත්වරුන්ගෙන් මම අහනවා ප්‍රශ්නයක්.. හැකි නම් වැඩසටහනේ සාරාංශය කියන්න බලන්න.. (ර)
රැස්ව සිටින අයගේ ඉරියව් දෙස බැලුවහම අපරාධ මර්ධනය කෙසේ වෙතත් නිලධාරීන්ගේ හරි අවධානය ලැබුනොත් ලොකු දෙයක් (ම)
සම්මන්ත්‍රණය රසවත් බව පේනවා මොකද හැමෝම හොඳට නිදි.(ම)
ඉන්න කට්ටිය වැඩි හරියක් නිදිනේ ඉතින් ඔහොම පුළුවන්ද අපරාධ මඩින්න. (බ)
මොලේ තියෙන උගත් හොද පවුල් පසුබිමකින් එන අය විතරක් මේ ඒකකයට අලුතින් ගන්න. සියලු අයගේ හා පවුලේ වත්කම් සැම වර්ෂයකම දෙපාර්තුමේන්තුවට .විගණනයට බාරදෙන්න ඕනේ කියල නීතියක් හදන්න. (බ)
අපේ අයට පාර්ලිමේන්තු සැසිවාරේක එහෙම නැත්නම් රැස්වීමක පැය බාගයක් නිදා ගන්නේ නැතුව ඉන්න බෑ. (ම)
පවතින දැඩි රශ්නය හරිම පීඩාකාරී බව පේනවා. ශාලාව වායු සමනය කලත් එයින් මහා විශාල වෙනසක් ලැබෙන්නේ නැහැ.. විඩාව එසේමයි . ඇත්තටම පොලිස් නිලධාරීන්ට දහදියට ඔරොත්තු දෙන කපු රෙදි වලින් නිම කල නිල ඇඳුම් ලබා දිය යුතුමයි. (ම)
දෙවැනි පින්තුරෙන් හොදට පේනවා කට්ටිය ආරම්භය හොදට කරලා තියෙන බව (ම)
නිලධාරීන්ගේ කිසිම උද්යෝගී බවක් පේන්නේ නෑ. තවත් එක ප්‍රදර්ශනයක් වගේ (ම)
මෙයාල අපරාද මඩින්න නෙමෙයි. අපරාද වෙද්දි නිදියන්න හොදයි.(හේ)
බොහෝ පීඩාකාරී කටයුත්තක් විය හැකියි.මොකද සමහර නිලධාරියෝ නිදි. අඩු ගානේ මහජනතාව මේ පින්තුර බලන නිසාවත් අවදියෙන් සිටියානම් නේද හොද...(හේ)