මැතිවරණය අවසන් වන තුරු ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපේක්ෂකයන් ගෙන්වීම නැවැත්වීමට තීරණය කළේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක දී බවත්, ඊට සියලු දෙනා එකඟ වූ බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
පක්ෂ ලේකම්වරුන් ගත් තීරණය අනුව ලබන 18 වැනි දා තෙක් මැතිවරණ අපේක්ෂකයන් ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීම නවත්වන්නැයි උපදෙස් දුන් බවත්, අපරාධ නීතිය යටතේ ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් නොවන බවත් කොමසාරිස් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අත් අඩංගුවට ගන්න එපා කියලා උසාවියකින් තීන්දුවක් මන්ත්‍රීවරුන්ට ගන්න පුළුවන්නේ. (ම)
ලීල්, ඔය මැකෝම තමයි ජනවාරි 8 කලින් හිටියෙත්. වෙනස ඒක නොවෙයි. කියන්න ඕන නැහැනේ! (නදී)
දැන් නීති පොත මාරු කරාවිද ? (නදී)
එතකොට ලොකු මොකක්ද? මැතිවරනේද අපරාදද? (නදී)
ඔබතුමා ගන්නේ කොහොමත් නුවණක්කාර තීරණ (නි)
දැක්ක නේද යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන හැටි (නදී)
මේ සතියේ කී දෙනෙක්ගෙන් නම් ප්‍රකාශ ගන්න එන්න කියල තිබ්බද නේද. විමල්, නාමල් තවත් අය හිටියා මම හිතන්නේ. මේ හැමෝම හොද ඡන්ද පදනමක් තිබුනු අය. මේ අයව ගෙන්නල ප්‍රතිරූපය විනාශ කරවන්න වැඩ ලෑස්ති කරලනෙ තිබුනෙ. (නදී)
ලහිරු, ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලන හැටි බලන්න තිබුන මැකෝ නොහිටින්න. (නදී)