(ඉන්දිකා රාමනායක)
මන්නයක් සහ කඩුවක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ආයුධ සන්නද්ධව පුද්ගලයන් සිවුදෙනකු යතුරුපැදි දෙකකින් රැඳී සිටින බවට බියගම පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් මෙම වැටලීම සිදුකර ඇත.
ප්‍රධාන සැකකරු ගමන්ගත් යතුරුපැදි ආසනයේ සඟවා තිබී මෙම කඩුව සහ මන්නය සොයාගෙන ඇත.
තව දුරටත් පරීක්ෂා කිරීමේ දී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10 ට අධික ප්‍රමාණයක් ද තිබූ බව පොලිසිය කියයි
ප්‍රධාන සැකකරු සමග යතුරු පැදියෙන් ගමන් ගත් සෙසු සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමඟ රැඳී සිටි තවත් සැකකරුවන් දෙදෙනකු යතුරුපැදිය එම ස්ථානයේ දමා පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කල්ලිය කැලණිය ප්‍රෙද්ශයේ හුඟක් අපරාධවලට සම්බන්ධ කල්ලියක්. හෙරොයින් විකිණීම, කප්පන් ගැනීම සහ මාල කැඩීම වගේ දේවල් ප්‍රධාන වෘත්තීය කරගත්තු කණ්ඩායමක්...!