අනුරාධපුර,ශ්‍රාවස්තිපුර,මොරගොඩ,උළුක්කුලම,බුලන්කුලම ආදී ගම් රැසක් මාස පහක් තිස්සේ හොල්ලාගෙන සිටි තනි අලියා වයඹ වනජීවී කලාපයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අද (29) ගස් බැද ගැනීමට සමත් වුහ.
අලියා කුමන ජාතික වනෝද්‍යානයට රැගෙන යන බව වනජීවී නිලධරයෙක් කියයි.
නිර්වින්දනය කැර අල්ලාගත් අලියා නෑවීමට ශ්‍රි ලංකා යුද හමුදාවේ තිසා වැව කඳවුරින් ජල බවුසර සැපැයිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතාව විල්පත්තු ජාතික වනෝද්‍යානයට මුදා හැරියොත් නරකද? (නි)
සද්ධන්තයාට බුදුසරණයි (අ)
අලියාට දෙවියන්ගේම පිහිටයි! (නි)
දැන් ලංකාවේ අලි ගහනය වැඩිවෙලා. නරකද ටිකක් විකුනලා දැම්මොත් (නදී) .
පදිංචිය වෙනස් කළාට වැඩක් වෙයිද? (නි)
සුදත්, අපේ රටේ පාලකයන්ට කිසිම ඕනෑකමක් නැහැ මේ අති ශ්‍රේෂ්ඨ සතාව රැකගන්න. (නි)
ලස්සන සතෙක්. (නි)
අලි නැතිවුන දවසක අපේ ඇස් අවදිවෙයි ! (නදී)
ගම් වල මිනිසුන්ව වෙනත් ජනාවාස වල පදිංචි කරමු. වන සතුන්ට ඉඩ දෙමු. මේ අපේ ජාතික සම්පතකි. (නි)
වන ජීවී නිලධාරීන්ට මගේ උපහාරය මේ කරන සේවයට! (නි)
වොෂින්ටන් සත්වෝද්‍යානයේ තොරතුරු බැනර් එකක දාලා තියෙනවා "ඔබගේ ජීවිත කාලය තුලදී ආසියානු අලින් මෙලොවින් තුරන් විය හැකිය" කියලා. (අ)