අනුරාධපුරයේ දී අද (17) පැවැත්වෙන සන්ධානයේ මංගල මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී බැවින් ප්‍රතිපත්තිමය කාරණා නිසා එලෙස සහභාගී නොවන බව ද ඔහු පවසයි.
අද පැවැත්වෙන රැලිය සංවිධානය කරන්නේ උතුරුමැද හිටපු මහ ඇමැති එස් එම් රංජිත් මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන මන්තරයට, තරඟෙට තොපි නටපල්ලා. බටලන්දේ සුනක රැලේ නඩයට තොපි එක් වල්ලා ! උපන් බිමේ වහලුන් වන දිනය ලඟයි දැනගල්ලා ! සුද්දන් රට අල්ලාගෙන වනසන බව දැනගල්ලා ! (නදී)
මෙයාට මෙදා සැරේ පාර්ලිමේන්තු එන්න වෙන්නෙත් නැහැ.මහා ලොකු බලවතා.යු.එන්.පී කාරයොන්ගේ පත්තරේට මෙයා බලවතෙක් වෙන්න ඇති. (ස)
බයට තමා (නදී)
අනේ කමක් නැහැ. එන කට්ටිය එයිනේ (නි)
ඔබ තුමා නැති උනාට රැස්වීම වෙන දාටත් වැඩිය සාර්ථක උනා (නදී)
මහින්ද රාජපක්ෂගේ භූමිකාව රටට අවශ්‍ය නම් ජනවාරි 08 වෙනිදා ඔය විදියට ගෙදර යවයිද? රටට අවශ්‍ය මොනවද කියල ජනතාවට අලුතෙන් කියා දෙන්න උවමනා නැහැ. බස් යොදල සෙනග අැදලා ජනතා රැල්ල පෙන්නුවට ඡන්ද රැල්ල කොයි අතබටද කියලයි බලන්න ඕනේ. (නදී)
සත්‍යපාල වගේ ඒ අයගේ කොදු නාරටිය කඩල තියෙන්නේ. මොකටද කෙනෙක් තව කෙනෙක්ට බය වෙන්නේ ? මේ මෝඩ මනුස්සයගේ තරම හිතාගන්න පුළුවන් කැකිල්ලේ හෝ යම රජු වේස්සන්තර රජුට වඩා රටකට යහපත්. (අ)
කොන්දක් ඇති එක් දේශපාලන පුතෙක් සිටීම ගැන සතුටුයි (අ)
අනුරපුර බලවතා කෙසේ වෙතත් අපි නම් දන්නේ නැහැ කව්ද කියා (නදී)
අපි දන්නවා හැමදේම. රටට ආදරයෙන් එක දවසක්වත් කෑගහපු කෙනෙක් පුලුවන්නම් කියන්න (නි)
කවුරු නැතත් අපි ඔබ සමඟයි (නි)
චමිලා, ජනවාරි 8 ට පෙර මහින්දව පැරදවිය යුතුයි කියන මතයේ මා දැඩිව සිටියා. ඒත් යහපාලනය පත්වී ටික දිනකින් නැවත කෑගහන්න සිදුවුනා මෙන්න වැරදි පාරේ යනවෝ කියලා. එ්කයි අපේ දේශපාලනය. යහපාලානේ ඇවිත් රටේ ප්‍රශ්න අනන්ත තියෙද්දී කරන්න ගියේ මෙන්න මේවා. ජාතික කොඩිය වෙනස් කිරීම, ජාතික ගීය දෙමළෙට හැරවීම, හසලක ගාමිණී පිළිරුව ඉවත්කිරීම, හමුදා කඳවුරු වැසීම, ඩයස්පෝරා සැණකෙළි සංවිදානය, ඩයස්පෝරාවට ද්විත්ව පුරවැසිකම් ලබාදීම, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියන නිසා ඔවුන්ගේ ඉල්ලීමට වරාය නගරය අත්හිටුවීම සහ ලෝටස් ටවර්හි ඉදිකිරීම් නැවතීම, ඉන්දියාව ලංකාවට ඈදන මාර්ගයක් ගැන කතාබහ, එරික් සෝල්හයිම් නැවත මැදිහත්වීම. මේ සියල්ල එකම නාටකයක කොටස් නොවේද. එකට ඇමිණු පසු ඊළම නමැති නාටකයේ අවසන් ජවනිකාවට අවශ්‍ය දුර්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වූ පසු ලංකා ඉතිහාසයේ අවසාන කොටස ලියවෙන්නට ඔන්න මෙන්න. ඉහත දේ වලට අමතරව ගෝඨාභය අත් අඩංගුවට ගැනීම, පාවෙන අවි ගබඩාව කියමින් අපට දුන් යුධ ආයුධ අන්තවාදී ආගමික කල්ලි වලට දෙනබවත්, රුසියාවේ තානාපති ත්‍රස්තවාදීන්ට අවි සැපයු බවත්, හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩ දෙමල නායකයෙකු ඝාතනයට සහ අවි ජාවාරමකට පැටලවිමට උත්සාහයත්, මහින්දට යුධ අපරාධ චෝදනා එළිදැක්වීමත් සමගම එකට එලියට ගෙන යුද්ධයට නායකත්වය දුන් සියලුදෙනා එකවර දන්ගෙඩියට දක්කන්නට වටකරමින් සිටිබව තේරුම් ගන්නට මහා මොලයක් අවැසි නැත. එවැනි වටපිටාවක මගේ රටේ කොන්ද රැකගැනීම වෙනුවෙන් මගේ කොන්ද නමන්නට නොව රට රකින එකෙක් වෙනුවෙන් මගේ කොදු නාරටිය ඉවත්කර හැම අතටම නැමෙන රබර් බටයක් තිබුනත් මා සතුටු වෙමි. මගේ කොන්දට වඩා රටේ කොන්දත්,මගේ ජිවිතයට වඩා මගේ රටත් මට වටී. (නදී)
යුගයට උවමනා මේ වැනි අය තමයි. (අ)
කොහොමත් උඹලා වගේ අය මේකට ගන්නෙ නෑ. මේකෙ එජාපෙ ට කඩේ යන අය නැහැ. (අ)
යහපාලනයේ යුග පෙරළියේ පෙරනිමිති. (අ)
චමිල මට කොන්දක් තිබෙන නිසා මේ තිරයෙන් යහපාලන රජය පත්කරන්නට ඇති වෙන්න කෑගැහුවා.අපි බලන්නේ මොකා හරි එන එකා රට තවත් අඩියක් හරි උඩට ගන්න පුළුවන් එකෙක්ද කියලා.අන්තිමට යහපාලන දවස් 158 තුල විසදන්න ගියේ මොනවද? ජාතික කොඩිය වෙනස් කරන්න, ජාතික ගීය දෙමළෙට හරවන්න, ඩයස්පෝරා සැණකෙළි තියන්න,හසලක ගාමිණි පිළිරුව ඉවත්කරන්න, කදවුරු ඉවත්කරන්න, ඉන්දියාවට පාරක් කපන්න, එරික් සෝල්හයිම් බදාගන්න. මේ ඔක්කොම එකම කතන්දරයක කෑලි. (අ)
සන්ධානේ අයගේ කොන්ද ගැන වද වෙන්නේ එජාපේ අය!! (අ)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විනාශ කළේ රට විතරක් නෙමෙයි. ශ්‍රී ල නි පක්ෂයත් විනාශ කළා. බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලනිපය ගොඩනැඟුවේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය මූලික කරගෙනයි.ශ්‍රී ල නි පාක්ෂිකයන්ගේ හදවතේ රැඳුණේ එවැනි පක්ෂයක්. (අ)
මැරෙනකම්ම මම මහ ඇමැති කියාගෙන හිටිය කෙනාගේ පුතානේ මෙයා පව් අනේ දැන් යන එන මං නැතිව ඉන්නේ (බ)
ඔව්... එන්නේ කොහොමද, නේද? (නි)
අපිට නම් ඕනෑත් නැහැ (නි)
එක වරක් පැරදුන මහින්ද දේශපාලනයෙන් කොහෙත්ම විශ්‍රාම ගතයුතු නැත. මහජනතාවද ඊට කිසිසේත් ඉඩදිය යුතු නොවන්නේ අතීතයට වඩා මහින්ද රාජපක්ෂගේ භූමිකාව හෙට රටට අත්‍යවශ්‍ය බව වර්තමානය ඔප්පුකොට ඇති නිසාය. (නි)
එක හොඳ තිරණයක් එබට අනුරාධපුරයෙන් එක වෙන්න පුළුවන් ජයවේවා (ම)
ඕකට කියන්නේ පුද්ගලික් තරහ කියල (අ)
අපේ මාතෘ භූමිය පිරිසිදුව තබා ගනිමු..! ශ්‍රී ලංකාව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය 2015 අගෝස්තු 17 වෙනිදා ඔබගේ ඡන්ද මධ්‍යස්ථානයේ දී රටට දැයට හිතැති සැමට ආරාධනා..! (අ)
මහා පවා දෙන්න රැලියට නැද්ද .කදිමයි (අ).
මෙයා අනුරාධපර සංධානයේ නායක කියන්නෙ මොන මොඩයද? (අ)
ලාංකීය දේශපාලනයේ අනාගතය ඔබ වැන්නන්ට භාර දිය යුතුයි. (නදී)
ඔබතුමා හරි, ඔබතුමාට කොන්ද පණක් තිබනවා . හොරුන්ට ලැජ්ජා නැති අයට මේකට යන්න පුළුවන් (නදී)
බලවතෙක්ද බවලතෙක්ද ?(නදී)
ජනවාරි 8 වැනිදා ජනතාව බලපොරෝත්තු වුණ දේ නොවෙයි ලැබුණේ. ඉගුරු දීලා මිරිස් ගත්තා. දැන් මිනිස්සු දන්නවා ඉගුරුවලට වඩා හොඳ මිරිස් බව දැන් වැටහෙනවා (ම)
ගෙදර ඉන්න එක හොඳයි. (නදී)
මහජන මුදල්වලින් තමන්ගේ වාසියට දන්සල් දීම, ඩුප්ලිකේට් විරුද්ධ අපේක්ෂකයින් පෙන්නලා ඡන්දවලදී මිනිස්සු මුලාකිරීම, සදහටම බලයේ රැඳෙන්න ව්‍යවාස්ත වෙනස්කිරීම ඔය කියන කොන්දක් තිබීමේ ලක්ෂණ ද ? කැකිල්ලේ හෝ යම රජු ට නම් ඔය ක්‍රියා ගැලපෙනවා (නදී)
ටෝය්යෝ ටික දුමින්දව මුරුංගා අත්තේ තියලා අපිව බබා කරන්න හදනවා. පව්. අපි නොදන්නා ටෝයියෝ... දුමින්ද ගියේ නැත්තේ යන්න බැරි හින්දා. (ර)
මෙයා කොහොමද සන්ධානේ අනුරාධපුර බලවතා වෙන්නේ. (නදී)
2010 මනාප ප්‍රතිපල බලන්න මෙයා කිවෙනියද කියලා. (ර)
ඔබතුමා හරි, ඔබතුමාට කොන්ද පණක් තිබනවා .මහින්ද ඇමති කෙනෙක් පමණි.17න් පස්සේ. (අ)
නියමයි. (ස)
ඔව් ඔව් සත්‍යපාලගේ කොඳු කලා තමයි තියෙන්නේ. එහෙම කියන අයට කොන්දක් ඉපදෙද්දීම තිබිල නැනේ.. (අ)
මෙයා අනුරාධපුර බලවතා නොව.... (ර)
කරපු කියපුවා මතක් වෙලාද , පාක්ෂිකයෝ 17 වෙනිදට කල ගුණ සලකාවි (නදී)
මහින්ද මහත්තයට අවශ්‍යම නැති දෙයක් තමයි මේ හැමතැනටම ගිහින් රැස්වීම් පටලවා ගත්ත එක (නදී)
අනේ අපි කැමතිත් නැහැ එයාලව බලන්න (නි)
ඔබටත් අපේ ප්‍රණාමය (නදී)
මහින්ද සමඟ ඔබට ඉදිරි ගමනක් නැති බව ආදර්ශයෙන් පෙන්වීම ගැන අපට ගොඩක් සතුටුයි.(ම)
දුමින්දට යනඑනමන් නැති වෙනවා .....(අ)
මෙහෙම කට්ටිය නම් ඕනෙත් නැ. (ර)
අපෝ ලොකු දෙයක්,ඔයා ගිහින් ජනදිපතිගේ ශක්තිමත් කර කර ඉන්න එහෙටම වෙලා. (අ)
දුමින්ද බයයි රාජපක්ෂ සුදුවැන් එකේ අරන් යයිකියලා ඇයි රාජපක්ෂ (ස)
මෙයා නාවා කියල බලපෑමක් නෑ. මෙයාගේ ඡන්ද අඩු වෙයි. අපි ඡන්දේ දෙන්නේ මහින්ද එක්ක ඉන්න අයට. (නදී)
අර ඩලස් කියපු විදිහට කොන්දක් තියෙන කෙනෙක් වගේ (ස)
බයියන්ට අබ සරණයි රනිල් අගමැති . (ර)
කොන්ද පන තියෙන උදවිය සන්ධානය තුල තවමත් ඉන්න එක අපේ රටේ වාසනාවක් !! (ස)
අනේද කියන්නේ . මේ අප්පොච්චි කෙනෙක් කරන හොල්මන් කිරිල්ලක්...(ස)
අපි නම් දන්නේ නැ එයා බලවතා කියල ..එයා එන්නේ නැති තරමට හොදයි ..එයාගේ තාත්තා බලවතා කිව්වා නම් හිතන්නවත් තිබුන..(ස)
පෞද්ගලික අමනාපකම් ජාතික දේශපාලනයට අනුපානයක් ලෙස කලවම් කර ගැනීම මොහු වැනි නැගී එන දේශපාලකයකුට ඔරොත්තු නොදෙන සුළුය. (ස)
ඔයාට රැලියට වගේම පාර්ලිමේන්තුවටත් එන්න බැරිවෙයි (ම)
ටොයියෝ ටික දුමින්දව මුරුංග ඇත්තේ තියල අපිව බබා කරන්න හදනවා. දුමින්ද ගියේ නැත්තේ යන්න බැරි හින්දා. (නදී)
හූ කියයි කියල බයේද දන්නේ නැහැ.(අ)
මම සත්‍යපල ගේ අදහසට 100% එකගයි. (ර)
නායකයෙක් කියන්නේ කොන්දක් තියන කියන කියන එකාට එහෙයි නොකියන , කොල්ලටයි කුරුට්ටටයි නටවන්න බැරි කුණුහරුප බයිලා කියල තරුණ තරුණියෝ අවුස්සන බයිලකාරයො ඔඩොක්කුවේ දාගන්නේ නැති ටිකක් තද ගති තිබෙන කෙනෙකුට.එහෙම කෙනෙකුට බයයි.ලෝකෙමත් බයවුනා. ත්‍රස්තවදියොත් බයවුනා. ඒකෙන් රට රැකුණා. නැතුව සේවලයෙක්, දියාරුවෙක්, පණනැති කෙනෙක් නායකයෙක් වුනොත් රටක් ගෙනයන්න බෑ. ඒකයි මම මුල ඉදලම කියන්නේ රටක් ගිලගන්න බලවේග වැඩි වෙලාවක රටක නායකයා වෙස්සන්තර රජ වුනොත් රට ඉවරයි.කැකිල්ලේ හෝ යම රජු එස්සන්තර රජුට වඩා රටකට යහපත්. නමුත් සමහරු කැමති අල්ලේ නටවන්න පුළුවන් එකෙක් පත්කරගෙන හුරතල් කර කර ඉන්න .හැබැයි රට ගොඩ නොයෙන අමාරුවක වැටෙනවා. වැටුනට පසු පලු පැලෙනකම් නායකයට බනිනවා.රටත් ඉවරයි වෙස්සන්තරත් ඉවරයි. (අ)
මේ අර රට පාවා දෙන කෙනා නේද? (ස)
සත්‍යපාල හරිi. ඔබතුමා ලියන්න දිගටම බඩ නොවේ රට ගැන ලියන්න. අද මේ රට මාස 6 ආර්ථික හා ආරක්ෂාව අතින් නැවත ගොඩ ගන්න බැරි තරම් පිරිහිලා (නදී)
අනේ අම්මපා මේ මහින්දට ලැජ්ජාවක් නැති හැටි. අනුරපුර ශුද්ධ භූමියත් ජරා කරන්න හදනවා. දුමින්ද දිසානායක ගැන අපි ආඩම්බර වෙනවා. (ස)
මෙයාට අවශ්‍ය රනිල් දිනවන්න . සිරිසේන ගේත් උවමනාව එයමනේ. (ර)
දේශපාලනය කරන අයෙකුට කොන්දක් තියෙන්න ඕන. (ස)
සත්‍යපාල හරි. ඔබතුමා ලියන්න දිගටම බඩ නොවේ රට ගැන ලියන්න. අද මේ රට මාස 6 ආර්ථික හා ආරක්ෂාව අතින් නැවත ගොඩ ගන්න බැරි තරම් පිරිහිලා (නදී)