පොසොන් උත්සව සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට නගරයේ ඇති වැව් වලින් දිය නෑමේ දී ප්‍රවේශම් වන්නැයි අනුරාධපුර මුලස්ථාන පොලීසිය ඉල්ලීමක් කරයි.
පසුගිය දා ඇද හැලුණු මහ වැසි නිසා නගරයේ හා ඒ අවට පිහිටි සෑම වැවකම ජල මට්ටම් ඉහළ ගොස් ඇති හෙයින් අපරික්ෂාකාරීව දිය නෑම අනතුරුදායක විය හැකි බවද පොලිසිය පවසයි.
මේ වන විට සෑම වැවකම දිය නෑමට සුදුසු හා නුසුදුසු ස්ථාන පෙන්වා බැනර් ප්‍රදර්ශනය කර ඇති බවත් හැම විටම එම උපදෙස් පිළිපදින ලෙසත් පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
ජීවිතාරක්ෂක අංශ විසින් සිදුකර ඇති උපදෙස් පිළිනොපැදීම නිසා පසුගිය වසර වල මිනිස් ජීවිත රැසක්ම දියේ ගිලීම් නිසා අහිමි වු බව ද ජීවිතාරක්ෂක අංශ සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොච්චර කිවුවත් අහන්නෙ නැහැ (නි)
මීටවඩා හොඳ නැද්ද ගහන බෝඩ් එක "මෙම ස්ථානය දිය නෑම සදහා සුදුසුය" හෝ "නුසුසුදුය/අනතුරුදායකයි, එමනිසා ජලයට මෙම ස්ථානයෙන් බැසීම වළකින්න" කියලා ගැහුවා නම්? "පනින්න එපා\පීනන්න එපා\" කිවුවම ජනතාව එහෙම නොකර ජලයට බැහැලා නාන්න ගන්නවා. (නි)
අපේ මිනිස්සු කවදත් කළේ එපාකියන එකමනේ (නි)