අනුරාධපුර පළාතේ වකුගඩු රෝගීනට ආධාර පතා ලන්ඩනයේ ලංකා මතා පදනම පසුගියදා සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීය. ශාලාව මුළුමනින්ම පිරී තිබිණි. ටිකට් ගැනීමට අති මහත් උනන්දුවක් පැවැතියේය. සුනිල් එදිරිසිංහ ද ගීත ගැයුවේය. සුරේෂ් මාලියද්ද සංගීත අධ්‍යක්ෂවරයා විය. ඉංග්‍රීසි සංගීත වේදීහු ද වාද්‍ය මණ්ඩලයට ඇතුළු වූහ.