IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අපුර යුගයේ සඳකඩ පහන රුපියල් කෝටි දහයකට වෙන්දේසි වෙයි

අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන ග්‍රැනයිට් සඳකඩ පහනක් අඟහරුවාදා (23) එංගලන්තයේදී බ්‍රිතාන්‍ය පවුම් 553,250.00කට (රුපියල් 107,883,750) වෙන්දේසි විය.

වෙන්දේසියට පෙර මේ සඳකඩ පහන තබා තිබුණේ නැගෙනහිර ලන්ඩනයේ ඩෙවොන් ප්‍රාන්තයේ   බ්‍රොන්වෙන් හික්මොට්ගේ නිවසේ දොටුව ළඟය.

වතු පාලකයකු වූ ඔහුගේ පියා 1915ත් 1934ත් අතර කාලයේ ලංකාවේ සිය සේවය නිමා කර    නැවත එංගලන්තය බලා යද්දී මෙය රැගෙන ගොස් ඇතැයි එංගලන්ත මාධ්‍යය වාර්තා කරයි.

මෙය වසර 1300ක් පමණ පැරණි අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහනක් බව ද එම මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

අපුර යුගයේ සඳකඩ පහන රුපියල් කෝටි දහයකට වෙන්දේසි වෙයි

සෑම් Thursday, 25 April 2013 09:34 AM

බොදු බලසේනාව බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම මුස්ලිම් කොංග්‍රසය, ළමා මුස්ලිමුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දෙමල සන්ධානය දෙමළුන් වෙනුවෙන් පෙනි සිටිනවා. බෞද්ධ ධර්මය ආරක්ෂා කිරීම, බුද්ධාගමට සිංහල ජාතියට විරුද්ධව ක්‍රියාකරන්නන් පෙන්වාදීම, ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීම ජාතිවාදයක් නම් නොවේ... (නි)

:       0       0

ලලිත් Wednesday, 24 April 2013 08:26 PM

තව ටික දවසකින් කුණු කොල්ලෙට කිලෝ ගණනින් ලංකාවේ පුරා වස්තු වෙන්දේසි වේවි මේ හාරන විදිහට. (නි)

:       0       0

බන්දුල Thursday, 25 April 2013 10:00 AM

මේකත් අර කන්ගැට්ටගේ වැඩක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

කොලිත Wednesday, 24 April 2013 08:41 PM

දැන් අහල පහල පන්සල් වල සදකඩ පහන් තියාගන්න බැරිවෙනවා හෙට ඉදන්. (නදී)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 08:43 PM

ඇයි මෙච්චර කාලයක් තිබිලක් මේක රැකගන්න බැරිවුනේ.(නදී)

:       0       0

සම්පත් Thursday, 25 April 2013 10:11 AM

මේකේ කොමෙන්ට් දාන නිකමුන්ට වැඩිය බොදු බල සේනාව වැඩක් කරනවා. ඒ අයටත් කරන්න පුළුවන් එවයි බැරි එවයි තියෙනවා. ඒක තේරුම්ගන්න බුද්දියක් සහ මොලයක් තියෙන්න ඕනෑමයි.(නදී)

:       0       0

ලසන්ත Thursday, 25 April 2013 10:30 AM

අපේ අය එංගලන්තෙට ගියානේ මේක ගැන පරීක්ෂණ කරන්න.බලලා කිවුවනේ මේක ආකෘතියක් කියලා. දැන් ඇයි මේ ආකෘතියක් නෙමෙයි කියන්නේ? මේක හැබෑ එකක් කියලා ඔප්පු කලොත් අපට ගන්න පුළුවන්. එහෙම නීතියක් තියනවා. (නි)

:       0       0

සේන Thursday, 25 April 2013 10:31 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක බලන්න එංගලන්තෙට ගිය අපේ කට්ටිය එතකොට මොකක්ද කළේ? (නි)

:       0       0

රත්නායක Wednesday, 24 April 2013 09:39 PM

රට කරවන්න නම් මසුරන් ඇතුව කටේ වටිනා සියලු දේ විකිණිය යුතුයි.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 09:44 PM

1915 ක් කියන්නේ අධිරාජ්‍ය වාදී යුගයේ පරන කතාවක්. ඔයිට වඩා වටිනා ධනස්කන්දයක් මංකොල්ල කෑවේ එදා !ජාතික උරුම වස්තුවක් නිසා දැනට තියෙන්නේ වටිනාකමින් 1/2 ක් වත් දෙන ලෙස පුරා ව්ද්‍යා ඇමතිට ඉල්ලා ගන්න. සමහරවිට ගන්න පුළුවන් වෙයි උත්සහ කලොත්!(නදී)

:       0       0

ලක්ෂ්මන් Thursday, 25 April 2013 10:55 AM

අපේ බල සේනාවට මේ ගැන කිසිම කැක්කුමක් නැද්ද? (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 24 April 2013 10:54 PM

අපේ වගකිවයුත්තන් මේ සඳහා එංගලන්තයේ නඩුවක් පවරා හෝ වගකිවයුතු ස්ථාන වලට ලිඛිතව දැනුම් දී හෝ වහාම මෙය නැවත ලංකාවට ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මෙය සොරකමක් හැටියට සනාථ කරගත හැකි බැවින් කිසිම මුදලක් නොගෙවා ලබා ගත හැකි බව මගේ විශ්වාසයි. නමුත් මෙහි අනන්‍යභාවය මුලින් තහවුරු කර ගත යුතුයි. (නි)

:       0       0

රූම් Thursday, 25 April 2013 11:21 AM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ මෙයා.(නදී)

:       0       0

හර්ෂ Thursday, 25 April 2013 11:28 AM

ඔය සඳකඩ පහන වෙන්දේසි කරන බව දැනට මාස ගණනාවක ඉඳලම මුළු ලෝකෙම දන්නවා. අපේ රටේ ඔය සම්බන්ධව වගකිවයුතු අය ප්‍රකාශ කලේ එහෙම සඳකඩ පහනක් නැති වූ බවක් කිසිම තැනක වාර්තා වී නැති බවත් එමනිසා එය ලංකාවේ විය නොහැකි බවත්ය. කෙසේ වෙතත් අවශ්‍යතාවක් තිබුනානම් වගකිවයුතු අයට තිබුනා එක්කෝ ඕක වෙන්දේසියෙන් මිල දී ගන්න හරි එය විකුණන එක රාජ්‍ය මට්ටමින් නවත්තන්න හරි. එංගලන්තේ වෙන්දේසිකරු අපේ රටේ වගකිවයුතු අයට කොමිස් දෙන්න බෑ කියන්න ඇති. නැතිනම් කෝටි ගානක් දීල හරි ඕක ලංකාවට ගේනවා. (නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 24 April 2013 04:28 PM

මේව අපේ රටට අයිති දේවල් බුදු බල සේනාව හෝ වීරවංශ ඈමතිතුමා මේ ගෑන වහාම ප්‍රකාශයක් කල යුතුයි.(නදී)

:       0       0

උපුල් Wednesday, 24 April 2013 04:30 PM

කොහොමද මංකොල්ලයේ තරම?(නදී)

:       0       0

දමිත් Wednesday, 24 April 2013 04:37 PM

ඕවගේ වටිනාකම් කියන්න එපා. මෙහෙ තියෙන ඒවත් වෙන්දේසි කරාවි. (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Wednesday, 24 April 2013 04:45 PM

බොදු බලසේනාවෙන් අපි ඉල්ලා සිටින්නේ එංගලන්තයට ගොස් මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කර නැවතත් සදකඩ පහන ලංකාවට රැගෙන එන ලෙස.(නදී)

:       0       0

ලතික Wednesday, 24 April 2013 04:58 PM

හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම........ ශුවර් එකටම ඕකත් අහවලාගේ වැඩක් වෙන්න ඇති. (නි)

:       0       0

අනිල් Wednesday, 24 April 2013 05:00 PM

බොදු බල සේනාව ඉන්නේ ජාතිවාදේ අවුස්සන්න විතරයි. වෙන වැඩක් කරන්න කොන්ද පන නැහැ.(නදී)

:       0       0

ෆාරු Wednesday, 24 April 2013 05:02 PM

කෝ කට්ටිය? වරෙල්ල වරෙල්ලා... (නි)

:       0       0

නීල් Wednesday, 24 April 2013 05:11 PM

අපි තවම යටත් විජිතයක් බව දැන්වත් තේරුම්ගන්න.(නදී)

:       0       0

නිමලා Wednesday, 24 April 2013 05:24 PM

බ්‍රිතානයේ නීතියක් හදල තියනවා තමන්ගේ රටේ දෙයක් අධිරාජ්‍යවාදී කාලේ එංගලන්තේ තියනවා නම් ඒක ආපහු ගන්න පුළුවන් විදියේ. මේක අපේ අය දන්නවානේ. ඇයි එහෙනම් බලලා කිවුවේ මේක ආකෘතියක් කියලා? එතකොට අපේ අය බොරු කරලද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

චුට්ටා Thursday, 25 April 2013 04:44 AM

ඉතුරු ටිකත් නැතිවෙන්න මගුලක්. අර කට්ටිය හෙටම ඉතුරු සඳකඩ පහන් ටිකත් ගලවල රට යවාවි.(නදී)

:       0       0

දාස් Wednesday, 24 April 2013 05:32 PM

සඳකඩ පහන් ටිකටත් 'සොරිම' තමයි (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 April 2013 05:35 PM

තව මොනතරම් දේවල් ඇද්ද? (නි)

:       0       0

පුරන් සිඥෝ Thursday, 25 April 2013 05:58 AM

ඕක අපේ එකක් නොවේලු නේද පහණ .(නදී)

:       0       0

සෑම් Thursday, 25 April 2013 06:40 AM

ඒකත් එක අතකට හොදයි. (නි)

:       0       0

ඇන්තෝනියෝ Wednesday, 24 April 2013 06:11 PM

සේනාවට ‍මේවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

නිශාන්ත Thursday, 25 April 2013 07:44 AM

රිස්වාන් ඩුබායි, ඔයා බණ කියවනවා. දිගවාපියේ බුදුහාම්දුරුවන්ගේ සිරස ලිප්ගල්වලට ගන්නවා. ඒවාගේ වටිනාකම නිමකරන්න බැහැ. ඔයාත් මාමාත් ලාංකිකයෝ බොදු බලසේනාව වගේම මුස්ලිම් කොන්ග්‍රසයත් දෙමල සන්දානයත් තම ජාතිය වෙනුවෙන් පෙනි සිටිනව නේද ?(නදී)

:       0       0

අරුණ Wednesday, 24 April 2013 06:27 PM

මේවා මානව හිමිකම් කඩවීමක් නොවේද? මේ අපේ රටේ අපේ සංස්කෘතියට අයත් දේවල් මංකොල්ල කාලා තියෙන්නේ. (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 24 April 2013 07:56 PM

ඕක මෙහෙ තිබුනත් මෙලහකට මංකොල්ල කාලා ඉවරයි. අප අය නම් හැම ගල් කෑල්ලක්ම විකුණන්නනේ හදන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site