අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන ග්‍රැනයිට් සඳකඩ පහනක් අඟහරුවාදා (23) එංගලන්තයේදී බ්‍රිතාන්‍ය පවුම් 553,250.00කට (රුපියල් 107,883,750) වෙන්දේසි විය.
වෙන්දේසියට පෙර මේ සඳකඩ පහන තබා තිබුණේ නැගෙනහිර ලන්ඩනයේ ඩෙවොන් ප්‍රාන්තයේ බ්‍රොන්වෙන් හික්මොට්ගේ නිවසේ දොටුව ළඟය.
වතු පාලකයකු වූ ඔහුගේ පියා 1915ත් 1934ත් අතර කාලයේ ලංකාවේ සිය සේවය නිමා කර නැවත එංගලන්තය බලා යද්දී මෙය රැගෙන ගොස් ඇතැයි එංගලන්ත මාධ්‍යය වාර්තා කරයි.
මෙය වසර 1300ක් පමණ පැරණි අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහනක් බව ද එම මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බලසේනාව බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම මුස්ලිම් කොංග්‍රසය, ළමා මුස්ලිමුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දෙමල සන්ධානය දෙමළුන් වෙනුවෙන් පෙනි සිටිනවා. බෞද්ධ ධර්මය ආරක්ෂා කිරීම, බුද්ධාගමට සිංහල ජාතියට විරුද්ධව ක්‍රියාකරන්නන් පෙන්වාදීම, ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීම ජාතිවාදයක් නම් නොවේ... (නි)
තව ටික දවසකින් කුණු කොල්ලෙට කිලෝ ගණනින් ලංකාවේ පුරා වස්තු වෙන්දේසි වේවි මේ හාරන විදිහට. (නි)
මේකත් අර කන්ගැට්ටගේ වැඩක්ද දන්නේ නැහැ. (නි)
දැන් අහල පහල පන්සල් වල සදකඩ පහන් තියාගන්න බැරිවෙනවා හෙට ඉදන්. (නදී)
ඇයි මෙච්චර කාලයක් තිබිලක් මේක රැකගන්න බැරිවුනේ.(නදී)
මේකේ කොමෙන්ට් දාන නිකමුන්ට වැඩිය බොදු බල සේනාව වැඩක් කරනවා. ඒ අයටත් කරන්න පුළුවන් එවයි බැරි එවයි තියෙනවා. ඒක තේරුම්ගන්න බුද්දියක් සහ මොලයක් තියෙන්න ඕනෑමයි.(නදී)
අපේ අය එංගලන්තෙට ගියානේ මේක ගැන පරීක්ෂණ කරන්න.බලලා කිවුවනේ මේක ආකෘතියක් කියලා. දැන් ඇයි මේ ආකෘතියක් නෙමෙයි කියන්නේ? මේක හැබෑ එකක් කියලා ඔප්පු කලොත් අපට ගන්න පුළුවන්. එහෙම නීතියක් තියනවා. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක බලන්න එංගලන්තෙට ගිය අපේ කට්ටිය එතකොට මොකක්ද කළේ? (නි)
රට කරවන්න නම් මසුරන් ඇතුව කටේ වටිනා සියලු දේ විකිණිය යුතුයි.(නදී)
1915 ක් කියන්නේ අධිරාජ්‍ය වාදී යුගයේ පරන කතාවක්. ඔයිට වඩා වටිනා ධනස්කන්දයක් මංකොල්ල කෑවේ එදා !ජාතික උරුම වස්තුවක් නිසා දැනට තියෙන්නේ වටිනාකමින් 1/2 ක් වත් දෙන ලෙස පුරා ව්ද්‍යා ඇමතිට ඉල්ලා ගන්න. සමහරවිට ගන්න පුළුවන් වෙයි උත්සහ කලොත්!(නදී)
අපේ බල සේනාවට මේ ගැන කිසිම කැක්කුමක් නැද්ද? (නි)
අපේ වගකිවයුත්තන් මේ සඳහා එංගලන්තයේ නඩුවක් පවරා හෝ වගකිවයුතු ස්ථාන වලට ලිඛිතව දැනුම් දී හෝ වහාම මෙය නැවත ලංකාවට ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මෙය සොරකමක් හැටියට සනාථ කරගත හැකි බැවින් කිසිම මුදලක් නොගෙවා ලබා ගත හැකි බව මගේ විශ්වාසයි. නමුත් මෙහි අනන්‍යභාවය මුලින් තහවුරු කර ගත යුතුයි. (නි)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ මෙයා.(නදී)
ඔය සඳකඩ පහන වෙන්දේසි කරන බව දැනට මාස ගණනාවක ඉඳලම මුළු ලෝකෙම දන්නවා. අපේ රටේ ඔය සම්බන්ධව වගකිවයුතු අය ප්‍රකාශ කලේ එහෙම සඳකඩ පහනක් නැති වූ බවක් කිසිම තැනක වාර්තා වී නැති බවත් එමනිසා එය ලංකාවේ විය නොහැකි බවත්ය. කෙසේ වෙතත් අවශ්‍යතාවක් තිබුනානම් වගකිවයුතු අයට තිබුනා එක්කෝ ඕක වෙන්දේසියෙන් මිල දී ගන්න හරි එය විකුණන එක රාජ්‍ය මට්ටමින් නවත්තන්න හරි. එංගලන්තේ වෙන්දේසිකරු අපේ රටේ වගකිවයුතු අයට කොමිස් දෙන්න බෑ කියන්න ඇති. නැතිනම් කෝටි ගානක් දීල හරි ඕක ලංකාවට ගේනවා. (නදී)
මේව අපේ රටට අයිති දේවල් බුදු බල සේනාව හෝ වීරවංශ ඈමතිතුමා මේ ගෑන වහාම ප්‍රකාශයක් කල යුතුයි.(නදී)
කොහොමද මංකොල්ලයේ තරම?(නදී)
ඕවගේ වටිනාකම් කියන්න එපා. මෙහෙ තියෙන ඒවත් වෙන්දේසි කරාවි. (නි)
බොදු බලසේනාවෙන් අපි ඉල්ලා සිටින්නේ එංගලන්තයට ගොස් මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කර නැවතත් සදකඩ පහන ලංකාවට රැගෙන එන ලෙස.(නදී)
හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම........ ශුවර් එකටම ඕකත් අහවලාගේ වැඩක් වෙන්න ඇති. (නි)
බොදු බල සේනාව ඉන්නේ ජාතිවාදේ අවුස්සන්න විතරයි. වෙන වැඩක් කරන්න කොන්ද පන නැහැ.(නදී)
කෝ කට්ටිය? වරෙල්ල වරෙල්ලා... (නි)
අපි තවම යටත් විජිතයක් බව දැන්වත් තේරුම්ගන්න.(නදී)
බ්‍රිතානයේ නීතියක් හදල තියනවා තමන්ගේ රටේ දෙයක් අධිරාජ්‍යවාදී කාලේ එංගලන්තේ තියනවා නම් ඒක ආපහු ගන්න පුළුවන් විදියේ. මේක අපේ අය දන්නවානේ. ඇයි එහෙනම් බලලා කිවුවේ මේක ආකෘතියක් කියලා? එතකොට අපේ අය බොරු කරලද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඉතුරු ටිකත් නැතිවෙන්න මගුලක්. අර කට්ටිය හෙටම ඉතුරු සඳකඩ පහන් ටිකත් ගලවල රට යවාවි.(නදී)
සඳකඩ පහන් ටිකටත් 'සොරිම' තමයි (නි)
තව මොනතරම් දේවල් ඇද්ද? (නි)
ඕක අපේ එකක් නොවේලු නේද පහණ .(නදී)
ඒකත් එක අතකට හොදයි. (නි)
සේනාවට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
රිස්වාන් ඩුබායි, ඔයා බණ කියවනවා. දිගවාපියේ බුදුහාම්දුරුවන්ගේ සිරස ලිප්ගල්වලට ගන්නවා. ඒවාගේ වටිනාකම නිමකරන්න බැහැ. ඔයාත් මාමාත් ලාංකිකයෝ බොදු බලසේනාව වගේම මුස්ලිම් කොන්ග්‍රසයත් දෙමල සන්දානයත් තම ජාතිය වෙනුවෙන් පෙනි සිටිනව නේද ?(නදී)
මේවා මානව හිමිකම් කඩවීමක් නොවේද? මේ අපේ රටේ අපේ සංස්කෘතියට අයත් දේවල් මංකොල්ල කාලා තියෙන්නේ. (නි)
ඕක මෙහෙ තිබුනත් මෙලහකට මංකොල්ල කාලා ඉවරයි. අප අය නම් හැම ගල් කෑල්ලක්ම විකුණන්නනේ හදන්නේ. (නි)