ජල බවුසරයක් අනුරාධපුර නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ හැපීමෙන් අද (16 ) සවස එහි සිටි දහම්පාසල් සිසුවියක (17) හා කාන්තාවක (49) මිය ගොස් තවත් පස් දෙනකු රෝහල් ගත කැර ඇතැයි පොලීසිය කියයි.
කෞෂල්‍යා ප්‍රභාංජලී බණ්ඩාර(17) හා කේ ජී ප්‍රේමකාන්ති(46) මෙසේ මිය ගොස් ඇත.
තුවාල ලැබු සිසුවියන් වන කේ එම් දිනුෂා සෙව්වන්දි (17),දිලිනි මධුෂිකා හේරත්(18),ඩීඑම් තනුජා නිල්මිණි දිසානායක (17),ඩී එම් ගංගානි සකුන්තලා(17),යු ඩී සංජුලා පියුමිකා (17) යෂින්තා ප්‍රබෝධනී (17),සමිජා නිල්මිණි දිසානායක (17) අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති.
බස් නැවතුම ද ගැලවී ඇති අතර බවුසරය තැපැල් කාර්යාලයයේ තාප්පයද කඩාගෙන ගොස් නතර වී ඇත.අනතුරත් සමඟ ගිලන් රථ,දොඹකර සමඟ සහන සේවකයෝ එහි ආහ.
දහම් පාසල් තරගයක් අවසානයේ නිවෙස් බලා යන්නට ආ දහම්පාසල් සිසුන් පිරිසක් එහි සිටි බවත් දැනගන්නට ඇත.
ඡායාරූප රෝහණ චන්ද්‍රදාස
ඡායාරූප - මංජුල සේනානායක








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අසරණ දරුවෝ! රියැදුරා බීමත්ව සිටියාවද්ද? මොනවා කරන්නද? රටේ තිබෙන වල්වැදුනු නීති නිසයි මේ සියල්ලම (නි)
මෙවන් පුවත් ඇසීමත් අපිට ලොකු කම්පනයක් (නි)
අපේ රටේ රියදුරු බලපත්‍රය ගැන කතාකරලා වැඩක් නැහැ. ඒකෙ ප්‍රමිතිය ලෝක ප්‍රසිද්ධවෙලා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිතුරෙක් කිව්වා ලංකාවේ රියදුරු බලපත්‍රය සහිත ලාංකිකයන් සහ දකුණු ආසියාතික රටවල් වල සංක්‍රමණිකයන්ට සාමාන්‍ය පරීක්ෂණයට අමතරව වෙනම විගණන පරීක්ෂණයක් පවත්වනවාලු, එහෙ රියදුරු බලපත්‍රය දෙන්න. හේතුව අවිධිමත් ලෙස රියදුරු බලපත්‍ර නිකුත්කිරීම සහ මහාමාර්ග වැරදි වලට අසු වූ රියදුරන්ට නිසි ක්‍රමවේදයකට ඊට දඬුවම් නොලැබෙන බව ආරංචිවීමලු. (නි)
කුමන වාහනයක් වුවත් පැදවීම නොව,එය පාලනය කිරීමයි වැඩියෙන් ඉගැන්විය යුත්තේ. තම වාහනයේ බරට සාපේක්ෂව වේගය,වැසි සහිත බව ඉදිරිය මෙන්ම මඟ දෙපස ගැන අවධානය ඉතා අත්‍යාවශ්‍යයි. යම්තාක් දුරට හෝ අධ්‍යාපනයක් නොමැති නම් ඔවුන්ට මේවා තේරුම්ගත නොහැකියි.බලපත්‍ර නිකුත් කිරීමේදී ඒ ගැනත් සළකා බලන්න වේවි. නැත්නම් අවසාන පිළිතුර වන්නේ කවුරුත් අවාසනාවන්ත දෙයකි (නි)
ලංකාවේ ලොරි, බවුසර්,ටිපර් තියෙන්නේ මුදල සහ බලය තිබෙන අයට. රියදුරා බලයක් නැති කෙනෙකු වුණත් මුදලාලිගේ සම්බන්ධකම් වල හයිය හිතට අරගෙන රඟපානවා. අවසානයේ මොනම අනතුරක් වුණත් වාහනය බේරාගැනීම සඳහා මුදලාලි ජිල්මාර්ට් දාලා සියල්ල යටගහනවා. රියදුරොත් වේගයෙන් යනවා.අවසානයේ හැමදාම අහිංසකයින් වාහනවලට යටවෙලා වේදනාසහගතව මියයනවා (නි)
අපේ රටේ බර වාහන රියදුරු බලපත්‍ර වල ප්‍රමිතියයි, මිනිසුන් යටකරගෙන යන සමහර රියදුරන්ට තිබෙන බලවත් අනුග්‍රහයයි ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
මේවා ගැන කතා මොකටද? ඔය සමහර පුතුන් රියදුරු බලපත්‍ර නැතුව වාහන පදවලා,කහ ඉර උඩින් ගිය මිනිස්සු යටකරලා ඇඟ බේරාගත්තේ. (නි)
මේක නම් සමාව දෙන්න පුලුවන් වරදක් නෙමෙයි. මහා විනාශයක් (නි)
මෙවන් අනතුරක් යලි සිදු නොවේවා.(හේ)
දැන් දැන් ලංකාවේ බර වාහන අනතුරු වෙන හැටියට මට හිතෙන්නේ මේවා පදවන්නේ බලපත්‍රලාභීන් නොවේවද්දෝ කියලයි. (නි)
රථ පදවන්න බලපත්‍ර දෙන්න ඕනෑ "සම්මා සති" ඇති යහපත් මිනිසුන්ට. අල්ලසට, පගාවට හා දුෂණයට ගැති නිලධාරීන් සතුන් වැනි මිනිසුන්ට බලපත්‍ර දී කරගන්නා විනාශය වළක්වන්නට නොහැකිවීම ඇත්තෙන්ම අවාසනාවක්. (නි)
අර දාහත් හැවිරිදි තරුණ දුවගේ දෙමාපියන්ට මොනවා හිතෙන්න ඇද්ද? දරුවා යන්තම් ඇති දැඩි කරගත්තා විතරයි නේද? (නි)
ඒ දරුවන්ගේ දෙමාපියන්ට ඇතිවුණ වේදනාව මට හිතාගන්න පුළුවන්. (නි)
මම සිටින රටේ ඉන්න ලාංකික අයට මෙහෙ අමතර රියදුරු විගණන පරීක්ෂණයකට සහභාගි වෙන්න සිදුවෙලා තිබෙනවා. (නි)
ලංකාවේ රියදුරන් ගැන නම් දැන් කතාකරන්නත් ලැජ්ජයි (නි)
මම නම් මෙහෙම රියදුරන් එන වෙලාවට ඒ පැත්ත පළාතෙන්වත් යන්නේ නැහැ. (නි)
අද ලෝකයේම රියදුරන්ගේ හෙණහුරා වී තිබෙන්නේ 'සෙල්ෆෝන්' මාරයායි. (නි)
පව්! (නි)
මේ රියදුරාට උපරිම දඬුවම් දෙන්න (නි)
මුලික වැරදිකාරයන් නිසි ප්‍රමිතියක් ක්‍රමවේදයක් නැතුව රියදුරු බලපත්‍ර නිකුත් කරන උදවියයි. (නි)
හරිම කණගාටුයි (නි)
නිහාල්, මෙහෙම රියදුරන් එන බව දැනගන්නේ කොහොමද? වාහන එනකොට නම් දැනගන්න පුලුවන් (නි)
ඩිලාන්, මම ඔබ අගය කරමි. අපේ රටේ රියදුරු බලපත්‍රය ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
දැන් වෙන රිය අනතුරු නම් මහා අපරාධයක්. පව් අසරණ ජිවිත! අපේ රියදුරන්ට එක්කෝ කිසිම විනයක්, ඉවසීමක් නැහැ. නැත්නම් කිසිම විවේකයක් නැතුව වැඩකිරීම නිසා අධික වෙහෙස. කරුණාකර රජය මැදිහත් වී හදිසි කටයුත්තක් සේ සළකා සියලුම රියදුරන්ට නිසි විනයක්, පුහුණුවක්, දැනුවත් කිරීමක් නැවත ලබාදෙන්න. බොහෝ රටවල රියදුරු බලපත් ලබාදෙන විට මාර්ගයේ රථ ධාවනය පිළිබඳව මනා අවබෝධයක්, දැනුමක් ලබාදෙනවා. (නි)
සරසි, ඔබ හරියටම හරි. දියුණු විදේශ රටක රියදුරු බලපතක් ලබාගැනීම කොතරම් අපහසුද? (නි)
ඇත්තටම කියන්න වචන නැහැ මේ වගේ දේවල් ගැන (නි)
බොහොම ඛේදජනක සිදුවීමක්. අනතුරු සිදු වුනගමන් ලයිසන් දුන්නේ කවුද, කොහෙන්ද, වැනි ප්‍රශ්න වැලක් මතුකරනවා. රියදුරු අසුනේ වාඩිවෙන අයගේ විනයක් සහ හික්මීමක් නැතිකම සහ මහා මාර්ගය ධාවනයට නුසුදුසු වාහන භාවිතය මේ සේරටම මුල. මේ හේතු අපරාදේ වටිනා ජිවිත නැතිවෙනවා එහෙම නැතිනම් රෝගීන් වෙනවා. ඒවගේම රිය අනතුරුවලට අදාලව ලංකාවේ රක්ෂණ සමාගම් හඳුන්වා දී තිබෙන ප්‍රතිපත්ති වල තිබෙන සමහර අඩුපාඩු දැඩිව නිරීක්ෂණය කළ යුතුයි. මියගිය දැරියට සහ කාන්තාවට නිවන් සුව පතමි. (බ)
යාන්ත්‍රික දෝෂයක් වෙන්න පුළුවන් ලංකාවේ තත්ත්ව සහතික දෙන්නේ පගාවට දෙන උන්ගේ ළමෛනුත් යට වෙන බව හිතන්නේ නැහැ. මුදල් පසු පස යන බොහොමයක් සිංහලයන්ට ජාති ආගම් නැහැ (බ)
යන ගමන ගැන කල්පනාවෙන් නොයන නිසා අසරණ මිනිසුන්ගේ ජීවිත බිලි ගන්නවා. කුමන ගමන ගියත් තම පාරේ යන පුද්ගලයන් ගැන සැලකිලිමත් විය යුතුය. එය රියදුරකුගේ වගකීමයි (බ)
බීමතින් රිය පැදවීමේ ප්‍රතිවිපාක තමයි ඕවා. පව් අහින්සක ජීවිත. මොකද්ද මෙයාටදෙන්න ඕන දඩුවම ? (බ)
පව්.! අහිංසක දරුවෝ. මෙවැනි විපත් කිසිම කෙනෙකුට වේවා.! (ර)
අනතුරුවල සීමාවක් නැහැ. පවු අසරණ දරුවෝ. (ර)
බොහොම නරක කාලයක් වගේ. සෙනසුරු මාරු වෙලා තියෙන්නේ අපේ රටට උඩින් ද කොහෙද. අනතුරට පත් සැමට ඉක්මන් සුවය පතමි. (ර)
මේ පුජා නගරයේ දැන් දැන් සිද්ධ වෙන්නේ ඉතා කණගාටුදායක සිද්ධීන් . ආරංචි වෙන්නෙත් ශුද්ධ වූ නගරයක සිදු නොවිය යුතු නොහොබිනා සිදුවීම්. මේ දේවල් දිහා බලා අනේ අපොයි කීම හැර අපිට වෙන කරන්න දෙයක් නැහැ. (අ)
පිටරට වල නම් අදක්ෂ රියදුරන් මෙල්ල කරන ක්‍රමවේදයන් තිබෙනවා. එම රටවල රියදුරු බලපත්‍රය තමන්ගේ මුළු අනාගත ජීවිතයටම සම්බන්ධ කරලයි තිබෙන්නේ.එලෙසින්ම එම නීති කඩකළොත් රක්ෂණය ඉහළයාම,රක්ෂාවකට ඉල්ලුම් කිරීමේදී නුසුදුසුකමක් වීම, අනතුර වුණ පුද්ගලයන්ට, දේපළ වලට තමන්ගේ ගේදොර විකුණා දමා හෝ වන්දි ගෙවීමට සිදුවීම... අපේ රටේ අනතුරු වුණ පුද්ගලයන්ට දෙන වන්දිය තීරණය කරන්නේ අනතුර කළ පුදගලයායි.ඉතාම කණගාටුයි මේ සිද්ධිය දකිනකොට. ලස්සන, යුක්තිගරුක, නීතිගරුක දේශයක ඉපදීමට ඔබට වාසනාව ලැබේවා! (නි)
අනේ පව් අහිංසක ජීවිත(අ)
මෙයාට ආයිත් රිය පදවන්න දෙනවනේ ? (අ)
මේ බූරු රියැදුරාව උල තියන්න ඕන. මුන් හරක් වගේ ගිහිල්ල මිනිස්සු යට කරලා සෙනසුරු මරුවයි තව ලෝකේ නැති ඔක්කොම දේවල් කියාවි. බුරුලක් නොදී මේ වගේ එවුන් ගේ බලපත්‍ර අවලංගු කර ජීවිත යටම මතක හිටින දඬුවම් දියයුතුයි. දියුණු රටවල්වල මීටි වැඩියේ කොච්චර වාහන යනවද? වල බූරු නිදහස තමා සියල්ලට හේතුව. අසරණ දරුවෝ සහ ඔවුන්ගේ දෙමව්පියන් පවි. (අ)
දෙනවා ! දෙනවා!! (අ)
පවු අසරණ දරුවෝ! (නි)
ලංකාවේ මාර්ග නීති හෝ මොන නීති කැඩුවත් කිසිම තැනක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මෙවැනි දේ නිතර සිදුවන්නේ. මිනිස් ජීවිත වල වටිනාකමක් නැහැ මේ රටේ. (නි)
බීලා ගියත්, නින්දගියත් අන්තිමේදී දුක් විඳින්නේ අර අහිංසකයින්නේ! (නි)
වාහනයේ දෝෂයක්ද, රියදුරාගේ වරදක්ද.? (ර)
කිසිම කෙනෙක් අනතුරක් ඕනෑකමින් කරන්නේ නැහැ.අනික මාර්ග අනතුරු නොවෙන රටක් තිබේද? කළයුත්තේ මේවගේ අනතුරු නොවෙන්න වගබලාගන්න එකයි. දෙයක් වුණාට පස්සේ කියවලා වැඩක් නැහැ (නි)
මේ අනතුර ගැන දැනගත්ත හැමොමෝම හදවතින්ම කම්පා වුනා. මමත් දරුවන් සිටින පියෙක් විදියට විදියට මේ සිදුවීම ගැන හදවතින්ම කණගාටු වෙනවා. මෙවෙනි ඉරණමක් කිසිම දරුවෙකුට අත් නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. ඒ වගේම මම යුද හමුදා සෙබලෙක් විදියට කියන්න කැමති මෙම වරද සිදු කළ පුද්ගලයට එරෙහිව සිවිල් උසාවි නඩු පවරන්න.. එම නඩුවට මොහු වරදකරු වෙනවා. ඒ වගේම යුද හමුදා නීති අනුව ලබා දිය හැකි ඉහලම දඩුවම් පමුණුවනවා. මොහු යුද හමුදාවෙන් පහ කිරීමට කටයුතු කරන්න.(හේ)
අපේ බලවත් ශෝකය ඒ නැතිවූ දුවට ප්‍රාර්ථනා කරනවා. සසර වසනතුරු මෙවන් දෙයකින් සමුගැනීමක් නොවන්න (නි)
මෙවැනි රියදුරු මැරයින්ට අමතක නොවන දඬුවමක් දියයුතුය. එසේ නමුත් කෙටි කලකින් දඩයකට යටත්කොට නිදහස් කරාවිද දන්නෙ නැහැ (නි)
ගමගේ මහතාගේ අදහස හරියටම හරි. වෘත්තියෙන් කාර්මික නිලධාරියෙකු වුණත් ලංකාවේදී අවශ්‍ය අවස්ථාවලදීත් විදෙස් වලදීත් බරවාහන පදවපු අයෙකු වශයෙන් මම කියනවා කල්පනාකාරීව රිය පැදවුවහොත් මෙවැනි අනතුරු සිදුනොවන බව (නි)
අනේ පවු අසරණ දරුවෝ. මෙවැනි විපත් කිසිම කෙනෙකුට නොමවේවා!
පවු අහිංසක ළමයි! දෙමාපියෝ මොනතරම් දුකක් විඳිනවා ඇද්ද? (නි)