අනුරාධපුර නිවන්තක චේතිය විදුහලේ සිසු කසුන් නලින්ද ප්‍රේමචන්ද්‍රට (18) පසු ගිය සඳුදා අනුරාධපුර බස් නැවතුම්පොළේදී එල්ල වු මැර ප්‍රහාරයේ පොලිස් පරීක්ෂණ ගැන සතුටුවිය නොහැකි බව නගර වැසියෝ කියති.
දින තුනක් යන තුරු ඔහුගෙන් කට උත්තරයක් ලියාගෙන නැත.
අද සවස 1.30 ට කට උත්තරයක් ලියා ගෙන ඇත්තේද කිහිපවරක් පොලීසියට පැමිණිළි කිරීමෙන් පසුව බව දැනගන්නට ඇත.
පාසල් සිසුන්ගෙන් කප්පම් කන මෙම කල්ලියට පාසල් සිසුන් පිරිසක්ද අයියලා යනුවෙන් ඔවුන් හඳුන්වන පිරිසක්ද ඇතැයි දැන ගන්නට තිබෙයි.
මෙම සිසුවාට පහර දුන් පිරිස ඔහුගේ රන් මාලය ද කඩාගෙන ගොස් ඇතැයි කියති
එම තරුණ කප්පම් කල්ලිය යතුරු පැදි හා ත්‍රිරෝද රථ වලින් පැමිණ සිසුන් පාළු තැන්වලට රැගෙන ගොස් කප්පම් ඉල්ලන බවත් නොදෙන අයට පහර දෙන බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රගතියක්... (නි)
පාසල් ඇරිලා කොල්ලෙකුටවත් පාරේ යන්න බැරි වෙන හැඩයි (නි)
දෙමාපියන් හොඳනම් දරුවන් විශිෂ්ටයි . දෙමාපියන්ගේ හැසිරීම නරකනම් දරුවන් ගැන මොන කතාද? පොලිසියටත් මේක වලංගුයි . පොලිසියේ ලොකු අය හොඳනම් පොඩි අය මෙහෙම කරන්නේ නැහැ. පොඩි අය මේවා කරන්නේ ලොකු අය කරන දේවල් දිහා බලලයි .(දී)
මේ විදිහට කොන්ඩේ තියාගෙන මාල දාල පාසල් යනකොට සිසුවෙක් කියල හඳුනාගන්න පුළුවන් ද ? (ස)
ඇමති පුතෙකුට මෙවැනි දෙයක් සිදු වුනා නම් සිදුවීමටත් පෙර පොලිසියෙන් කට උත්තර අරගෙන රුපවාහිනියන් ප්‍රචාරය කරලා පත්තර වල දාල මහා ජන්ජාලයක් (ස)
කව්ද මේවට වග කියන්න ඕනි.(නදී)
මංජුල මහතාණනි හොඳ ප්‍රගතියක් කියා මේවට උදව් වගේ මට පේන්නේ (ස)
මේව ඔක්කොම ඇත්ත නෙවෙයි. පෞද්ගලික තරහක් ඔය පිරිමහ ගත්තේ! අනික මෙයා කවද්ද රත්තරන් මාල දැම්මේ! (ස)
ස්වයන් රැකියා තව තව වැඩි දියුණු කරන්න ඕනේ.(නදී)
පොලිසියේ අයට ගහන කොට මරණ කොට අපි අනේ අපොයි කියලා හිතනවා. අදහස් පළකරනවා ඒත් පැමිණිල්ලක් කලාම ඒගැන හොයන්නේ නැත්තේ විත්ති කරුවන් සමග පොලිසිය සම්බන්ධ නිසයි. ඉතින් කොහොමද පොලිසිය ගැන විස්වාසයක් ඇති කර ගන්නේ?.අලුත් පොලිස් පති වරුන් ආවම පොලිසිය නවීකරණය කරනවා, ප්‍රති ව්‍යුහගත කරනවා. පුනරුත්ථාපනය කරනවා. වගේ බර වචන දාලා ප්‍රකාස කරනවා. නමුත් තවමත් පොලිසිය යන්නේ පහලට.පොලිසිය දැන් නම් අන්තිමයි මහත්වරුනි! (නදී)
පාසල් යන දරුවන්ගෙන් කප්පන් ගන්නව , මේ මොන කරදරයක්ද ? (ස)
පාසල් සිසුන්ගෙන් කප්පන් ගන්නවා? (නදී)
ඉස්සර අපි මිනීමරු ප්‍රභාකරන්ගෙන් අපේ දරුවන් බේරාගන්න පාසල් ඇරෙනතුරු ගේට්ටු මුරකළ කාලයක් තිබුනා. ජෙනරල් ෆොන්සේකා මහතාට පින්සිද්ධ වෙන්න ඒ කාලය නිමයි.දැන් ඊටත් වැඩිය අඳුරු කාලයක් උදාවේගෙන එනවා.දවසින් දවස රට පිරිහෙනවා.පිටරටවල ඉන්න අපිට නම් ලංකාව යන දිශාව ගැන පැහැදිලි චිත්‍රයක් මැවිලා පෙනෙනවා. (නි)
පිලිපීනයේ වගේ ඇඳගෙන යන වස්ත්‍රයත් ගලවාගෙන දුවන කාලයක් මෙහෙටත් උදාවෙනවා.ඒක ඉර හඳ වගේ විශ්වාසයි (නි)
පාසල් වල යන සිසුන්ගෙන් කප්පම්?මේ මොකක්ද මේ? පොලීසියට රාජකාරිය කරන්න අසීරු නම් ඊට සුදුසු වෙනත් නිලදරුවන් පත්කළ යුතුයි නේද? මේ අහන්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි (නි)
මේක තමා ආසියාවේ ආශ්චර්යය! (නි)
පාසල් සිසුන්ගෙන් පමණක් නොව ඕනෑම කෙනෙකුගෙන් කප්පම් ගැනීම ඉතා බරපතල තත්ත්වයකි. නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පැහැදිලිය. නමුත් පාසල් සිසුවෙක් රන් මාලයක් ගෙන ගියේ මොකටද යන්න ප්‍රශ්නයකි. මෙහි දෙපැත්තක් ඇති බව පෙනේ. (නි)
ආශ්චර්යය! (නි)
ඒ ගමන පාසල් දරුවන්ගෙනුත් කප්පම් ගන්න පටන් ගත්තද?එච්චරයි අඩුවකට තිබුනේ.(නි)
මේ පෝය දවසේ මේවා කතා නොකර සිටිමු (නි)
මෙහෙම දෙයක් අපි පාසල් යන කාලෙත් වුණා, ගම්පහ. කුඩ්ඩො අපෙන් කප්පම් ගත්තා, බලෙන් මුදල් පසුම්බි අරගෙන. දවසක් කොල්ලෝ ටික ලැහැස්ති වෙලා ඉඳලා කප්පම් ගන්න යනකොට වටකරලා දුන්නා බිම පෙරළගෙන. ගහලා පොලිසියට බාරදුන්නා. ළමයිනේ,එකතුවෙයල්ලා. සමගිය බලය වේ. (නි)
කප්පම් කාරයන්ව අල්ලන්ත් ඕන. ඒ වගේම පාසල් ළමයි මොකටද රත්තරන් මාල දාගෙන යන්නේ කියල බලන්නත් ඕන. එතනත් වැරද්දක් තියනවා. මූණ බැලුවම පේනවා මෙයත් හිතන තරම් අහිංසකයෙක් නොවෙන බව. (දී)