එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වු ඒ.එම්.එස්.අධිකාරි මහතාට අයත් අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එම ඉඩම අනුරාධපුර කාන්තා බෞද්ධ සංගමයට අයත් යැයි පවසමින් නීති විරෝධි ඉදිකිරිම් කරතියි පස් දෙනෙකුට ඔක්තෝබර් 26 වැනි දා අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතා නියෝග කළේය.
අනුරාධපුර බෞද්ධ කාන්තා සංගමයේ සභාපති පේමා බණ්ඩාර එම සංගමයේ ලේකම් ධම්මිකා සේමසිංහ, චතුර ජයසිංහ , චම්පා සුමිත‍්‍රාඅරචිචි සහ නැගෙනහිර නුවරගම් පළාත ප‍්‍රාදේශීය ලේකම් ඔවුහය. අධිකාරි මහතා වෙනුවෙන් ඒ මහතාගේ බිරිය උතුරු මැද පළාත් හිටපු අමාත්‍ය රාණි අධිකාරි මහත්මිය නීතිඥ සාධනා තිමති සෝමරත්න මහත්මිය මගින් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ තම සැමියාට අයත් ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වී අනවසර ඉදිකිරීම් සිදු කරමින් සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd