අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි මිලකට පොහොර විකුණන වෙළඳුන්ද පොහොර සඟවන්නවුන්ද අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා පාරිබෝගික සේවා අධිකාරියේ නිලධරයන්ට අද (9) උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමක් අනුව දිසාපති මේ පියවර ගත්තේය.
තඹුත්තේගම හා තලාවේ ඇතැම් වෙළඳුන් වැඩි මිලට පොහොර විකුණන නමුත් රිසිට්පත් නිකුත් නොකරතියි කියති. පොහොර ගබඩා කිරීම හා විකිණීමට සම්බන්ධ සියලු හොර මැර නතර කිරීමට පියවර ගන්නැයි මහ දිසාපති පාරිබෝගික අධිකාරියට අද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd