ඉන්දියාවේ සිට මෙරටට පැමිණි තෙළිඟු ජනයාට නිසි පහසුකම් නොලැබීම හේතුවෙන් එම ජන කොට්ඨාශය මෙරටින් තුරන්වී යනු ඇතැයි ගල්ගමුව, අන්දරබැද්ද තෙළිඟු ගම්මානයේ කණ්ඩායම් නායක ආරච්චිල සිංගසාමීගේ මසන්තා කියයි.
විවිධ පෙදෙස්වලට ගොස් නයි නටවා ජීවත්වන තෙළිඟු ජනයා විවිධ චාරිත්‍ර වාරිත්‍ර සහිත ජන කොට්ඨාශයකි.
තමන් 1997 ගල්ගමුව අන්දරබැද්දට පැමිණි බවත් 2000 වසරේදී ඔප්පු ලැබූණු බවත් මසන්තා පවසයි. හොඳ වතුර බීමට නැති බවද, එක් නල ළිඳක් පමණක් ඇතැයිද අලින්ගෙන් කරදර සිදුවන බවද ඔහු කියයි.
වැදගත් ඉතිහාසයක් ඇති තෙළිගු ජනතාව රැක ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවත් නායක ආරච්චිල සඳහන් කරයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙළිගු කට්ටිය කොහොමද අතරමන් වෙන්නේ එයාල ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ පුරවැසියෝ ඔවුන් වෙනුවෙන් යමක් කරනවානම් වහාම ඔව්න්ගේ රටට යවන්න. ඉන්දියාව ලෝකයේ හොද ධනවත් රටක්. (අ)
පරණ විදියට දින හතෙන් හතට තැන් තැන් වල ඇවිදිමින් නයි නටවන එක හොඳ නැද්ද ? (නි)
අපිට අපූරු වුණාට මේක මේ අයගේ තිත්ත ඇත්ත ජීවිතය (අ)
සංජීව ඉතා හොඳ දෙයක් . (නදි)
ලංකාවේ මේ වගේ ගම්මාන හදල පදිංචි කරවල හරිම අමාරුවෙන් දිවි ගෙවන ගම්මාන නම් බොහොමයි; ඔවුන් හැමදෙනාගේම ජිවිත මේ වගේ ; බොන්න වතුර ටිකක් ගෙන්න හැතැක්ම ගානක් පයින් යන්න ඕනේ. පාසල් තියෙන්නෙත් ඒවගේ. (අ)
මිනිසුත් සතුනුත් ආදරයෙන් ,සෙනහසින් ,සතුටින් ගත කරන බව පෙනේනෙවා . මලිගවේ හිටියත් , සතුට නැත්නම් පලක් නැහැ (අ)
අනුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගන්න දක්ෂ ජාතියක් තවත් නැතිව ඇති. (නදී)
මේ අයට පහසුකම් දීල සාමාන්‍ය ජන ජීවිතයට ඇතුළු කරගත යුතුයි , (අ)