අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මධ්‍යස්ථාන 397ක මේ වන විට සිදු කැරමින් පවතින බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩී පී ජී කුමාරසිරි මහතා පැවසීය.
ඡන්ද විමසීම් ස්ථානවල අධීක්ෂණ කටයුතු සඳහා සහකාර තේරීම්භාර නිලධාරීන් යොදා ඇති බව ඔහු කීවේය.
තැපැල් ඡන්දය අද සහ හෙට භාවිත කිරීමට නොහැකි රජයේ සේවකයන්ට අගෝස්තු අට වැනි දා ඉඩ ලබා දෙන අතර එදිනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ සහ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේ නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට හැකි බව කුමාරසිරි මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd