අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙස නොයෙක් ක්‍රමවලින් ඉල්ලා සිටිමේ වැඩසටහන් ගැන පැමිණිලි ලැබුණු බව අනුරාධපුර තේරීම් භාර නිලධාරී ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.

පුවත්පත් නියෝජිතයන් ඡන්ද දැන්වීම් පුවත්පත් ඇතුළේ දමා විකිණීමේ සිද්ධි වාර්තා වූ බවත්, එවැනි සිදුවීමක් නැවත වාර්තා වුවහොත් පුවත්පත් අත්අඩංගුවට ගන්නා බව දැනුම්වත් කළ බවත් කුමාරසිරි මහතා පවසයි.