සිතුම් චතුරංග
උසස් පෙළ විභාගයට පෙනීසිට නිවසට පැමිණෙමින් සිටි පාසල් සිසුවියක පැහැරගෙනගොස් අපයෝජනයට කළැයි සැකපිට අත්අඩංගුවටගත් කිලිනොච්චිය දිස්ත්‍රික් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ මිතුරා ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා අද නියෝග කළේය.
සැකකරුවන් දෙදෙනා එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් සිසුවිය පැහැරගැනීමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය 20 වැනිදා පුදුකුඩිරිප්පු පාසලක සිසුවියක උසස්පෙළ විභාගයට පෙනීසිට නැවත නිවසට පැමිණෙමින් සිටියදී පැහැර ගැනීම සම්න්ධයෙන් සැකකරුවන් දෙදෙනා ඊයේ (22) අත්අංගුවටගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සුදුසුකම් සපුරාලනවා ඇයි එකට හතුරුකම් කොරන්නේ. තව ටික දිනකින් මෙයා පාසල් ළමයින්ගෙන් කප්පන් ගනීවි.