2014 වසරේදී රාත්‍රී සමාජ ශාලාවකදී විදේශ යුවළකට පහරදීම පිළිබඳ මාලක සිල්වාට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන පෙබරවාරි 8 වැනිදාට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (13) නියෝග කළේය.
එම ස්ථානයට පැමිණි හිටපු ඇමැති මර්වින් සිල්වා කීවේ රාජපක්ෂ පවුල තම පුත් මාලක සිල්වා මෙම නඩුවට සම්බන්ධ කළ බවත් මේවා පිටුපස සිටින්නේ ඔවුන් බවත්ය. තමා අපායේ ගිය දවසට ‘උඹ පන්දම් අල්ලපු එක විතරයි කළේ‘ කියා යම රජු තමාව නිදහස් කරනු ඇතැයිද මර්වින් සිල්වා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් බය නැති මිනිසෙක්. ජයවේවා! (නි)
ඇයි පන්දම් අල්ලපු එක විතරද කළේ? (නි)
නිදහස කෙසේ වෙතත් අපායේ තමා නවතින්න වෙන්නේ...ඔය චරිත සම්පන්න පුත්‍රයාත් එක්කම.(ම)
මෙයා නැවතත් කරළියට ඇවිල්ලද? (නි)
මෙයා පාන අල්ලන වැඩෙත් කරලා රාජපක්ෂට. (අ)
මේ ගොල්ලන්ට බලේ තිබුන කලේ හැසිරුනේ කොහොමද ? මිනිස්සු ගස් බඳිමින්, මාධ්‍ය කරුවන්ට පහර දෙමින්, වැලි ජාවාරම් කරුවන් ආරක්ෂා කරමින්, දැන් කොහොමද ? මේ ගොල්ල දැන් වැඩිය කල එලි බහින්නේ නැත්තේ ජනතාව මේ ගොල්ලව අල්ලලා ගස් බැඳලා , ගල්ගහල යු.ටියුබ් එකට දාවි කියන බයට. මෙවැනි දේශපාලන චරිත නිෂ්පාදනය කෙරුවේ අරයා තමා, නැවත බලයට අවොත් තත්වය උග්‍ර වීමට උළුවන (නදී)
අන්න යම රජු බලා ඉන්නවාලු ඔයාලා එනතුරු! බැරිවෙලාවත් යන්න නම් එපා (නි)
ඔයාලා එනතුරු අපායේ රජතුමයි, යමපල්ලොයි බලා ඉන්නවා. (නි)
අයියෝ! මෙතුමා තාමත් එදා වගේමයි (නි)