‘අපේ ලැයිස්තුවේ ඉන්නේ වයසක අය බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා. අපට නම් වයස නෑ. අනුර කුමාර දිසානායකලා වයසට ගිහිල්ලා ඇති. සතර පෙරනිමිති තියෙන්නේ ඒ කණ්ඩායම ඇතුලෙයි.‘ යි ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගම මහතා බෙන්තර ජනහමුවක් අමතමින් කීවේය.
‘උපාධි ගැන ඔවුන් හොයනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට කෙල්ලන් කොල්ලන් ඇද දමා ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කර අද උපාධි ගැන කතා කරන්න එනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතිස්සෙම කියවන්නේ තේරුමක් නැතුව (නි)
ආ! තවම ඉතින් තරුණයිනේ. ඒත් ඉතින් ඒක තමන්ම කියාගන්න එක හොඳ මදි නේද? (නි)
සංස්කාරකතුමනි, දැන් අපට නිදහසේ එසැණ බලන්න නොහැකියි දේශපාලකයින්ගේ දැන්වීම් නිසා. මේ ඊයේ පෙරේදා හර්ෂණ රාජකරුණා කියල කෙනෙක් මගේ ස්ක්‍රීන් එක වහගෙන ඉන්නවා. එළවාගන්න ව්දියක්ම නැහැ. කරුණාකර මට එසැණ බලන්න උදවු කරන්න. (නදී)
ඔහොම යනකොට වෙඩි වයසක් නැහැ කියලා පේනවා (ම)
නූගත්කම සහ මෝඩකම සුදුසුකමක් සේ සැලකුවහොත් මෙතුමා පළමුවෙනියා . (නදී)
ඔය ඔක්කොම සෙල්ලම් තව දවස් 10 යිනේ. (නි)
බඩ ලොකුවට තිබුණත් , ශරීරය ලොකුවට තිබුණත් , නියම වයස වැඩිවුණත් , පසුගිය කාලයේ රජසැප නිසා සමහරුන්ගේ වයස පෙනුනනේ (නි)
තරුණ අය වැරදි මඟ ගොස් වුණ විනාශය ඇති මහත් (ම)
ආ ඇත්තද? එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)
බොහොම හොඳ කතාවක් (නි)
රතු අලියා දැන් ලස්සන වෙලා (නදී)
පහුගිය කාලේ මෙයා කරපු කියපු දේවල් වලින් තේරෙනවා මෙයා බොහොම "උගත් බුද්ධිමත්" කෙනෙක් කියල. (නදී)
අනුරගේ ගොඩක් කතා වලින් අපිට තේරෙනවා එයාට තව ගොඩක් වයස තියෙන බව ජනතාවට පිළිගන්න පුළුවන් හොද කතා ටිකක් කියන්න. (බ)
අද ලෝකය වෙනස් වෙමින් යනවා. එ්කාදිපතියෝ දුර්දාන්ත පාලකයෝ බලයෙන් පහ වෙමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම බිහිවෙනවා. ජනතාව වඩ වඩාත් වෙනස්කම් වලට නැඹුරු වෙනවා. අපේ රටේ බහුතරයක් දේශපාලකයන්ට නව අදහස් නැහැ ගල් යුගයේ අදහස් තියෙන්නේ. එයාල හිතන් ඉන්නේ ජනතාව හැමදාම එයාලගේ සපත්තුවලට පෑගෙන දුහුවිලි ගානට. එ්ත් ඒ යුගය අවසන් වේගෙන යන්නේ. මහත්තයෝ අනුර කියන්න අැත්තේ ඒ වයස ගැන වෙන්න අැති. (නදී)
අපෝ ඇතිවෙන්නම අපි සතර පෙර නිමිති දැක ගත්ත පහු ගිය අවුරුදු 10 ටම , දැන්වත් පාඩුවේ ඉන්න බලමු (බ)
අනේ ඔව් දකින කෙනෙක් හිතන්නේ අවුරුදු 18 කියලා. (නදී)
ජනාධිපතිවරණයේදී එම පළාත්වල වෙසෙන බුද්ධියෙන් අඩු ජනතාව මොහුගේ ක්‍රියා වීර ක්‍රියා ලෙස සැළකුවද, මාධ්‍ය තුළින් මේවා රටපුරා ප්‍රචාරය වීමේදී රටේ ඉන්න මැර දේශපාලනය පිළිකුල් කරන බුද්ධිමතුන් මොවුන් නියෝජනය කරන පක්ෂය පවා පිළිකුල් කරන තත්වයක් රටේ උදාවුණා. පක්ෂය විසින් හොර , මැර , දේශපාලනය කරන පුද්ගලයන්ට නාමයෝජනා නොදෙන බවත් පිරිසිදු දේශපාලනය කරන උගතුන් ඉදිරිපත් කරන බව කිවුවත්, දැන් නාමයෝජනා ලැබී තිබෙන්නේ පරණ මුහුණු වලටම බව පෙනේ. ඉතින් මේ ඡන්දෙදි පක්ෂයේ පරාජය නියතය (නි)