හොරුන්ට හා දූෂිතයන්ට ක්‍රිකට් පාලක මණ්ඩල වලට ඇවිත් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න තමා ක්‍රීඩා අමත්‍යංශයේ සිටින තුරු ඉඩ නොතබන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පින්නවල සත්වෝද්‍යානය විවෘත කිරීමේ උත්සවයේදී කීවේය.
‘ මෙම සත්වෝද්‍යානය නවීන් දිසානායක විවෘත කළාට මෙයට සම්බන්ධ වු දේශපාලන චරිත ගොඩක් ඉන්නව අපි ඒ ගැන සඳහන් කරන්නම ඕන. මෙම සත්වෝද්‍යානය ඇරඹීමේ අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධර්මසිරි සේනානායක මහතාගේ. ඊට පස්සෙ නොයෙකුත් දේශපාලන චරිත ඉන්නවා. මම ලකුණු දා ගන්න මෙය විවෘත කළේ නෑ. මෙම ව්‍යාපෘතිය වසර දෙකක් තිස්සේ කල් ගිය ව්‍යපෘතියක් නිසා ජනාතාවගේ මුදල් මගේ අමාත්‍යාංශයෙන් මිලියන ගනණාවක් වියදම් කරල තියනවා. එහෙනම් මට අයිතියක් තියෙනවා මෙය විවෘත කරන්න. මෙම සත්වෝද්‍යානය විවෘත කරන්න එපා කියල මට බලපැම් සෙනසුරාද උදේ ආවා‘
‘ක්‍රිකට් මාෆියාව කඩල වෙත්තමුනි මහත්තයගෙ නායකත්වයෙන් ඉතාමත් හොඳ අන්තර්පාලන කමිටුවක් මම පත් කරල තියනවා. මේක මම ඇමැති වරයා වශයෙන් කරනවා. මේ අයිතිය ගෙනාවෙ සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය 1973 දි. ඒ ක්‍රිඩා නීතිය යටතේ ඕනෑම ඇමැතිවරයෙකුට බලතල පාවිච්චි කරන්න අයිතියක් ඇතැයි‘ ද ඇමැති නවීන් දිසානායක කීවේය.
උසස් අධ්‍යාපන මහා මාර්ග ආයෝඡන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාද එහිදී අදහස් දැක්වීය.
‘සමහරුන් කියනව අනුන් කරපු දේවල් අපි ලකුණු දා ගන්න විවෘත කරනව කියල මම ඕන කෙනෙක් එක්ක විවාදයකට ලැස්තියි මෙම සත්වෝද්‍යානයේ ඉතිහාසය මතක් කරල දෙන්න. මෙම සත්වෝද්‍යානයේ අදහස හිටපු ඇමැති ධර්මසිරි සේනානායක අමාත්‍ය වරයාගෙ. 1984 ඉඳල හිටපු අමාත්‍යවරු මේ ප්‍රදේශවල හිටපු මැති ඇමති වරු පොල් ගෑවද සත්වෝද්‍යානය විවෘත නොකර සමහර අය මේකෙන් හම්බ කරන්න චක් ගෝලයන්ට ඉඩ අරන් දෙන්න බැලුවා. මේ පොදු ජනතාව ගැන බැලුවේ නෑ. අපිට නම් දා ගන්න අවශ්‍ය නෑ නම් දා ගන්න දගලන අය තමයි වරප්‍රසාද ලත් පංතියක් බිහි කළේ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කතා කරනොකට ඔබගේ දයාබර පියා වගේම රටට වැඩක්කළ හැකි පුතෙක් අපිට ඉන්නව කියල්ල දැනෙනවා. ඔබට සුබ පැතුම් (බ)
යහපාලනේ .... කියන්නේ ඔන්න ඔකය් ...මහත්වරුන්ගේ දේස පාලනය කියන්නෙත් ඕකමනේද ...කව්රු ආරම්බ කලත් ඒක රටේ යහපතටනම් ...අලුත් කට්ටියත් ....පෙර නතර උන තැන ඉදල යලි පටන් ගත්ත නම්...ඉතිරිවෙන්නේ රටේ ශ්‍රමය සහ ධනයනේද? කාගේ නම ගියත්, කාගේ හම ගියත්,දියුණුවෙන්නේ තමන්ගේම ..මව්බිම කියල හිතනවානම් ....තාප්ප පුරා ..පාප්ප නාගෙන ඉන්න ඕන වෙන්නේ නෑ....තවමත් ශ්‍රී ලාංකිකයෝ යුතුකම් ඉටුකරන්න දන්නවා.....(ස)
ඇඟිල්ලේ තරමට ඉඳිමෙන්න. නිකන් උඩ පැනලා ලංකාවට ක්‍රිකට් තහනමක් දාන්න කරුණු හදන්න එපා. ලංකාවේ ක්‍රිකට් කියන්නේ එක පුද්ගලයෙකු ගේ බුදලයක් නෙමේ. (බ)
මෙන්න තවත් කෙනෙක් (බ)
ඕකේ මුල්පුටුවට එන්න දගලන්නේ බිස්නස් කාරයෝ.හේතුව රටේ අහේතුව කියලා හිතමු? (බ)