අපට පාර්ලිමේන්තු යන්න අවශ්‍යත් නැහැ. ඇමැතිකම් වඩකුත් නැහැ. ඒවා ගන්න අවශ්‍ය නම් ප‍්‍රබල පක්ෂ වලින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න්න තිබුණා. ජනතාව හරි මඟ යවන්න ඔනෑ නිසා තමයි වෙනම බලවේගයක් ගොඩනගන්න කල්පනා කළේ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද ( 01 ) මාවනැල්ල, ප‍්‍රකාශ කළේය.
මෙ රටේ ජනතාව ප‍්‍රබල පක්ෂවලට ගැති වේලා යාව ජීවවේලා දේශපාලනයේදි ඒ සඳහා තම මනාපය පාවිච්චි කිරිම නිසා අපේ් ජිවිත ගොඩනගන්න ශක්තියක් නොදෙන, අනාගත සැලසුම්, සිතුමි පැතුම්, කඩා කප්පල් කරන තත්ත්වයකට පත්වෙලා
තමුන්නාන්සේලාගේ ජිවිත වලට වටිනා කමක් ලැබෙන්න. ඔබට කකුල් දෙකෙන් හිට ගන්න, කාටවත් අතපාන්නේ නැතිව, කාටවත් හිස නමන්නේ නැතිව, අභිමානයෙන් ජිවත් වෙන්න ආත්මගරුත්වය රැක ගෙන ජිවත් වෙන්න අවශ්‍ය නම් හොඳට හිතා බලා තීරණය ගන්න.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති වෙන්න මන්ත්‍රී කමක් ලැබෙන්න එපැයි.(ම)
ඔබ තුමා එජාපය සමඟ එකතු වෙලා කුරුණෑගලින් තරඟ කළා නම් හිට්ලර්ට හොඳ පාඩමක් උගන්වන්න තිබුණා. හිට්ලර්ව මහාගෙදරම යවන්න තිබුණා.(ම)
ඔබතුමාට තිබුණෙ පුද්ගලික ප්‍රශ්නයක් නෙද? දැන් ඒ ප්‍රශ්නෙ විසදිලා. ලෝකෙ තියෙන ඉහළම තනතුරකුත් ලැබිලා. ඒ විතරක්ද , මෙකී නොකී වරප්‍රසාද,ජීවිතේ අවසාන කාලෙ තනතුරේ ගෞරවයත් රැකගෙන, තමුන්ගෙ නම්බුවත් ආරක්ෂා කරගෙන දේශපාලනය නමැති නාරාවලෙන් ගොඩට ඇවිත් නෝනත් එක්ක ජීවිතේ අවසාන කාලෙ පිනක් දහමක් කරගෙන ඉන්න. තමුන්ට නොගැළපෙන වැඩ කරන්න යන කාටත් ඔබතුමා ආදර්ශයක් (නදී)
ස්වයන් විවේචනයට දැන් ප්‍රමාද වැඩි නැද්ද (නදී)
ඔබතුමා සැබෑම යුද වීරයෙක්. විවාදයක් නෑ ඒක. කණගාටුවට කරුණ එය ආරක්ෂා කරගන්ට බැරිකම. (නදී)
එතකොට අර නැතිවුන තනතුරට නඩු කිව්වේ! (නදී)
අනේ මන්ද ඔබතුමා අර මන්ත්‍රී පට්ටමට අන්තිමේදී නඩුත් කිව්වේ එතකොට ?(නදී)
අම්මෝ ඉන්න සෙනග කන්දරාව කවුරු වෙනුවන්ද කතා කලේ. වෙලාවකට පව් කියලත් හිතෙනවා. කොහොම ඉන්න පුළුවන් කෙනෙක්ද බැරි දේශපාලනයක් කරන්න ඇවිත් විඳවන විඳවිල්ලලක්.(නදී)
ඔබතුමාට එපා නම් වැඩක් කරන කෙනෙකුට කරන්න දීලා මඩ ගහන්නේ නැතුව ඉන්න. (නි)
අනේ දෙයියනේ ඉන්න සෙනඟ......! (නි)
ජනාධිපති තරඟෙටත් ඉල්ලුවා නේද? (නි)
රැස්වීමේ සෙනඟ අඩුවුණාට ඉන්න කට්ටිය හු කියන්නේ නම් නැහැ.ඒකයි සැබෑ වෙනස. අනික එතුමා අනේ විඳවන විඳවිල්ල කියලා ඉස්සර හිතුවා නම් මේ වෙනකොට අපි විඳවන විඳවිල්ල බලන්න තිබුනා (නි)
ඔබට ජය! (නි)
ගහට ගිය කෙනාටත් කියන්න දේවල් තිබුනලු. මේ කතාවත් ඒ වගේ. (නි)
පව් අප්පා! පපුව හෝස් ගාලා යනවා.තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං... (නි)
ඈතින් සෙනඟ ඉන්න විදිහෙන්ම ගොඩක් දේ පෙනෙනවා (නි)
අනේ අම්මෝ! ඔබතුමා නම් නියම දේශපාලකයෙක්. මොකුත්ම ගත්තේ නැහැ. ඔබතුමා කියන්නේ එකක් කරන්නේ එකක්. අනේ දෙවියනේ! අද කොහොම ඉන්න තිබුණ කෙනෙක්ද? (නි)
මොහු බල තණ්හාව නොමැති පුද්ගලයෙක්ද? එහෙනම් පරාජය වෙන බව දන දැනත් ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ මක් නිසාද? පවුල් වාදයක් පිළිබඳව කතා කරන මොහුගේ පවුලම ඡන්දෙ ඉල්ලන්නේ මක් නිසාද?මේ මොහුගේ ප්‍රතිපත්ති. අන්තිමට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා උදව් කිරීමට කෙසේ හෝ ඡන්ද කොටසක් කඩා ගැනීම මොහුගේ අරමුණ වේ. ඔබ විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්නේ නම් තම ආත්මාර්ථකාමී චේතනාවන් නොමැතිව,ජනතාව ඔබට ගෞරව කරාවි (නදී)
ඇමතිකම් ගන්නත් ඡන්දයක් ඉල්ලලා දිනන්නත් එපැයි.ජන සන්නිපාතය දැක්කම බයේ බැහැ. (නි)
මහත්තයෝ, පුළුවන් දෙයක් කරන්න. වැඩි තණ්හාවට ගිහින් කරගත්තු දේ මදි කියලා හිතෙනවා නම් තව ටිකක් කරගන්න. සෙනඟ දැක්කම පවු කියලත් හිතෙනවා (නි)
හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා නේද? (නි)
මටත් අහන්න තියෙන්නේ ඔය ටිකම තමයි. එහෙනම් ඇයි නඩු කිවුවේ? (නි)
අනේ ඔවු ! ඔබතුමා ගැන අපි දන්නවා (නි)
මොන එහෙකටද එහෙනම් ඡන්දෙ ඉල්ලන්නේ. (නි)
කඩන්න බැරි මිදි අැඹුල්නෙ (නි)
මේවා කට කහනවට කියන දේවල් නෙමෙයි. හදවතින්මයි කියන්නේ (නි)
'අපට' කියන වචනය අයින් කරලා, 'මට' කියලා දාගන්න. අපට කිව්වොත් ඔතන ඉන්න පොලිසියේ මහත්වරුන්ටයි, හෝ ගාලා ඉන්න ටිකදෙනාටයිත් දෙන්න වෙනවා. ඉතුරු ටික මම කියන්නේ නැහැ. 'ඇසළ' කියලා තියෙනවා. (නි)
ඔහුට දෙන්න හදද්දී ඔහු එපා කියනවා ඇති (නි)
මගෙ අම්මෝ! ෆොන්සේකා සුළඟින් මාවනැල්ල කැළඹිලා ගිහින්. (නි)
ඔය යන ක්‍රමයට මට ඔබතුමා ගැන බයත් හිතෙනවා (නි)
ඔබතුමාට අමුතුවෙන් තාන්න මාන්න අවශ්‍ය නැහැ (නි)
ඔබ මුළු ලෝකෙටම වීරයෙක්. දේශපාලනය නිසා ඒ ගෞරවය නැති කරගන්න එපා (නි)
පාර්ලිමේන්තු යන්න අවශ්‍යත් නැහැ. ඇමතිකම් වැඩකුත් නැහැ. ඉතින් ඇයි ඉල්ලන්නේ. (නි)
ඔබතුමා ඔය තීරණය මුලින්ම අරගෙන දේශපාලනයට ආවා නම් අද මිනිසුන් මල් තියලා වඳින චරිතයක්. (නි)
ඔබගේ පිරිහීම සිදුවුයේ ඔබගේම ආකල්ප නිසයි. ඔබට නිසි තැන ජනතාව ලබාදෙනු ඇත. (නි)
මොහු කවුදැයි යන්න ඔහු රටටම ඔප්පුකර හමාරයි. (නි)
ඔබගේ ක්‍රියාකාරකම් වලින් ඔබ කවුදැයි අපි දැන් දන්නවා. අපරාදේ මම දීපු ඡන්දෙ. මට මම ගැනම දුකයි. (නි)
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. දේශපාලනේට නම් නැහැ ඔබ සමත (නදී)
ඔබ විශිෂ්ටයෙක්. එහෙත් මෙවර ගත්තේ වැරදි තීරණයක් (නි)
ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ දේශපාලනය කියන්නේ රටේ සමහරුන්ට ජීවිත කාලෙටම කරන්නත් පුළුවන් , තවෙකුකට අකැප දෙයක් විදියටය. 18 වෙනිදාට බලන්නකෝ සුළඟට අහුවුණ අය කොතනටද ගහගෙන ගිහින් නතර වෙන්නේ කියලා. (නි)
ඇති යන්තන් තමන් ගැන තමන්ම තේරුම් ගත්තා. ඔය ටික හිතන්න තිබුනේ බොහොම ඉස්සර. දේශපාලනයයි හමුදාපතිකමයි අංසක 180 වෙනස් දෙයක්. (නි)