ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් ලබා ගැනීම සඳහා මුල්‍ය සහ නීති උපදේශකයින් තෝරා පත් කරගැනීමට දින 15-20 අතර කාලයක් ගතවිය හැකි බව බ්ලූම්බර්ග් රුපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.

අපිට ණය දීපු ඇතැම්  සමාගම් අපිව සම්බන්ධ කරගත්තා අපි ඒගොල්ලො කොහෙ හිටියත් මුණගැහිලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.අපි ශ්‍රී ලංකාවට ණය දීපු  සෑම සමාගමකටම සහ රාජ්‍යයකටම සලකන්නේ එක වගේ කිසි කෙනෙකුට අසාධාරණයක් කරන්නෙ නෑ.

අපේ සාකච්ඡාවල  ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත්.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍යයි.බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය හදිසි මුදල් අරමුදල් සපයා ගැනීමට හැකියාව අපිට ලැබෙනවා අලි සබ්රි මහතා පැවසීය.  

ශ්‍රී ලංකාව මෙම වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක මුදලක් හදිසි ආධාර ලෙස සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා.අපි මේ වෙනකොට ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග ඵලදායී සාකච්ඡාවක් පවත්වා අවසන්. ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර නිලධාරීන් කිහිපදෙනෙක් සමග වගේම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ද   සාකච්ඡා සිදු කළා. අපි බලාපොරොත්තු වෙනවා අනිත් රටවල සගයන් සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

රුපියල පා වීමට හැරීම ආර්ථික අර්බුදයට බලපෑවා. ශ්‍රී ලංකාවට මුදල් ගෙන්න පුලුවන්ද කියලා චීන රජයේ උදව් වෙන් අපි චීන සමාගම් සමග සාකච්ඡා  කරනවා එම සමාගම් වලට බැංකුද ඇතුළත් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සම්මුඛ සාකච්ඡාවේ දී වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව මෙම වසරේදී ගෙවීමට ඇති බාහිර ණය අසන්න වශයෙන් ඩොලර් බිලියන 6 ක් වන අතර ඉතිහාසයේ  ශ්‍රී ලංකාව ණය ගෙවීම අත් හිටවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

විමුක්ති එස් රුද්‍රිගු