ඇමැති දුමීගෙ උපන්දිනේ පහුගියදාක ජයට සැමරැණා. පිරිත් පිංකම් දාන වගේම සාදයකුත් ඒ නිමිත්තෙන් සංවිධානය කරළ තිබුණා.
මේ කටයුතුවලට මැති ඇමැති කස්ටියත් තවත් දේශපාලන භවතුන් ගණනාවකුත් දුමීගෙ ගෙදර ඇවිත් හිටිය... හැබැයි මේ අමුත්තා අතරට එකපාරටම විශේෂ චරිතයක් කඩා පාත් වුණා. පහුගිය ආණ්ඩුව කාලෙ හිටපු ලොකු තැන ළඟින්ම ඉඳගෙන අධීක්ෂණ වැඩකුත් කර කර සමහරැන්ගෙ කන පවා රත් කළ බවට කතා පැතිරැණා. හිටපු මහජන නියෝජිතයෙක් තමයි මුන්නැහේ.
ඇමැති දුමී වගේ හැඩරැව තියන තරැණ පහේ මුන්නැහේ පහුගිය දවස්වල හිටපු ලොකු තැනත් එක්ක විරසක වෙලා, නොයෙක් විදියට ගතු කියල ආණ්ඩුව පැත්තට ජැක් ගැහුවය කියලත් කතාවක් ගියා. ඉතින් මුන්නැහේ දුමීගෙ ගෙදර ආවෙ ලොකු ආරක්ෂක සංවිධානයකුත් එක්ක. ඇවිත් පරණ යාලුවො මුණගැහිල ඇඟ එහෙම රත් කරගෙන පොඩි ඩාන්ස් එකකුත් දැම්මලු...
ඒ අස්සෙ බිස්නස් මිත්‍රයො කීපදෙනකුට කතා කරල මෙහෙමත් කිව්වලු. "ඒ ආණ්ඩුව වගේ තමයි අපිට මේ ආණ්ඩුවත්. මොනව හරි බිස්නස් වැඩ තියනව නම් අපටත් කියන්න. ඕන වැඩක් කරගන්න ක්‍රම සහ විධි තියනව හරිද!...
උන්නැහෙගෙ මේ කතාව අහන්හිටපු ඒ ආණ්ඩුවෙත් ඉඳල දැන් මේ ආණ්ඩුවෙත් ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් අනේ කාලේ වනේ වාසේ... කියාගෙන මාරැ වුණාලු.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපිට එහෙත් එකයි මෙහෙත් එකයි