
(යොහාන් භාසුර)
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ "අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය" ‘ටවර් නාට්‍ය උළෙල’ ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් අද (12) ආරම්භ විය.
නාට්‍ය රසවිඳීම සඳහා ගුණාත්මක ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම, නාට්‍යකරුවන්ගේ ආදායම් මට්ටම වැඩිදියුණු කිරීම, නාට්‍ය ප්‍රවර්ධනය කිරීම හා නාට්‍ය පිළිබඳ පුළුල් සමාජ කථිකාවතක් ගොඩනැඟීම අරමුණු කරගනිමින් මෙම උළෙල සංවිධානය කරයි.
මෙවර නාට්‍ය උළෙලේදී පුරා දින 10ක් තුළ දිගු නාට්‍ය 14ක්, කෙටි නාට්‍ය 12ක් හා ළමා නාට්‍ය 08ක් වශයෙන් නාට්‍ය 34ක් දර්ශන වාර 68ක් වේදිකාගත කිරීමට නියමිතය.
නාට්‍ය උළෙල පැවැත්වෙන දින 10 පුරාවට ටවර් කලා ශිල්පීන් දෙපළක් බැගින් ශිල්පීන් 20 දෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘ටවර්’ උපහාර සම්මානය හා මූල්‍යමය තිළිණ පිරිණැමෙන අතර එහි පළමු සම්මාණය ප්‍රවීණ කලාකරු විජේරත්න වරකාගොඩ මහතා වෙත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රදානය කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක නළුවො අල්ලගෙන මොන ජල්ලියක් නටන්න හදනවද දන්නේ නෑ. ඇමරිකන් සල්ලි එන එක නතර වුනෙත් නෑනේ. ඒවා තවම එනවා. ඒ නිසා කෝකටත් පරිස්සමෙන්. අළුත් ව්‍යවස්ථාවකදී බුදුදහමට ප්‍රමුඛස්ථානය නැති කරන්න ඕන කියල ලාල් විජේනායක කමිටුවේදී යෝජනා කරපු කෙනා තමයි දැන් අගමැති.
අවුලක් නෑ පාඩුවේ ඉන්න
පළමු කමෙන්ට් එක දාපු එකා තමන්ගේ ජීවිතේ බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවාද කියන එක නම් හොයන්නම වෙනවා