(ඩේලි මිරර්)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලයක සිට යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
පෙබරවාරි මාසයේ සිට එම දෝෂයක් ඇති වී තිබෙන අතර මෙම විකිරණ යන්ත්‍රය විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ළමා පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා ප්‍රතිකාරය ලබා දීමට බැවින් පොරොත්තු ලේඛනයේ ළමා පිළිකා රෝගීන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ හේතුවෙන් ළමා පිළිකා රෝගීන් මහත් අපහසුතාවයකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
තත්ත්වය කෙතරම් බරපතළ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්නය විසඳීමට කිසිඳු පියවරක් නොගෙන නොදැක්කාසේ සිටීමෙන් ප්‍රශ්නය තවත් උත්සන්න වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.
විකිරණ චිකිත්සා ප්‍රතිකාරය සඳහා පෞද්ගලික රෝහල් රුපියල් ලක්ෂ 7 සිට රුපියල් ලක්ෂ 17 දක්වා අධික ගාස්තුවක් අය කරන බවත් ඉන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන්ගේ පවුල් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හිරේ ඉන්න අයට හෙනම ගහන්න ඕනෑ...
රුපියලත් මෙච්චර හොඳට උඩට නැගලා තියන කාලෙක, අවම වැටුපත් රුපියල් පන්දාහකින්ම වැඩිකළ සමයක, ඇයි එයාලා රුපියල් ලක්ෂ හතක් හෝ ලක්ෂ දාහතක් දීලා ඔය ඉන්ජක්ෂන් එක ගහ ගන්නේ නැත්තේ..? අනික, ඉහළම සෞඛ්‍ය සේවයක් තියන අපේ රටේ, ලෝකයෙන්ම ප්‍රමිතිගතම දොස්තරලා ඉන්නෙත් ලංකාවේ නම්, ඒ අයත් ඉතාම සාධාරණ ලෙස මුදල් අය කරනවා නම් ඕවා කජු කනවා වගේ වැඩනේ...
පෙබරවාරි කියන්නෙ පසුගිය මාසය නේද .ඉතින් ඔය ගැන අමාත්‍යාංශයට දන්වා කොපමණ කලක්ද .තමන්ගෙ ගෙදරක වුනත් ක්ෂනිකව ප්‍රශ්නයක් ඇතිවුණාම ඒක ප්‍රතිසංස්කරණ කරන්න ටිකක් ප්‍රමාද වෙනවා තමයි. ඉතින් රජයේ මුදල් වියදම් කිරීමට යම් ක්‍රමවේදයක් තියෙන නිසා සුලු ප්‍රමාදයක් වෙන්න පුළුවන්
මේරට පාලනය කල හා කරන ජඩ නින්දිත පාලකයන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගන්න කුඩා දරුවන්ගේ අනාගතය පමණක් නොවෙයි ජීවිත පවා බීල්ලට දෙන්න සිදුවෙලා තියෙන බව මේ ප්‍රවෘත්තියෙන් අපිට පෙන්වා දෙනවා.
මේ රටේ දේශපාලනය වෙනස් කරනකල් මේ දේවල්වලට විසඳුම් කිසිදාක ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න හිටපු සෞඛ්‍ය ඇමැති අද ඉන්නේ බන්නාධගාරයේ කියලා අහිංසක, අසරණ මිනිස්සුන්ට විෂ බෙහෙත් එන්නත් සපයලා, ඒ වගේම පවතින හොරු රැලගේ ආණ්ඩුව මේ හැම දේටම උදව් කරපු බව... මේ වගේ ප්‍රශ්නයකට වෙන රටවල පැය 24න් පිළිතුරු දෙනවා, මොකද රටේ මල් කැකුළුවලට එහෙම පරවෙන්න දෙන්නේ නෑ.. ඒ රටවල් කරන පාලකයින්, නමුත් දස අකුසල්ම කරන ආණ්ඩුවකින් රටේ ජනතාව මොනවා බලාපොරොත්තු වෙන්නද? තවමත් බත් කන හරක් මේ රටේ ඉද්දි ඔවුන් තවතවත් හොරකම්, ජඩකම්, පව්කාරකම් කරාවි. ළඟඑන මැතිවරණයේදී තමන්ගේ ගෙදරට මනාපය ඉල්ලාගෙන එන හොර නඩයට ලොකු පොඩි බේදයකින් තොරව සලකන්න කාලය ඇවිත් තියෙන්නේ..., මේ දේ විය යුතුමයි. තමන් ජීවත් වෙන රට බේරගන්න ජනතාව නැගිටිය යුතු කාලය පැමිණ ඇත.
ඔය මැෂිම ආණ්ඩුවට පුළුවන් වෙලාවක හදනතුරු අපි බලාගෙන ඉඳිමු... පිළිකා රෝහලේ රෝගයෙන් පීඩා දරුවන් මිය ගියාට අවුලකුත් නැහැ වගේ නේද?
රටේ පාලකයා තමන්ගේ රටසවාරි වලට ලක්ෂ 2000ක් වෙන්කර කන්නවා. ඒත් මේවට සල්ලි නැහැ. මේ වගේ අය ආයෙත් පත්කර ගන්න තරම් මිනිස්සු ආයෙත් මෝඩවෙන එකක් නෑ කියලා හිතනවා.
වීරසේකර..?