IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අප්කන්ටි‍්‍ර ලයන්ස් රග්බි පිලට ක‍්‍රිස්බ්‍රෝ අනුග‍්‍රහය

ශ්‍රී ලංකා රග්බි පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් බවට පත්ව සිටින අප්කන්ටි‍්‍ර ලයන්ස් රග්බි කණ්ඩායමට පිට පිටම දෙවැනි වසරට අනුග‍්‍රහය දැක්වීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගම ඉදිරිපත්ව සිටියි.

අනුග‍්‍රහය පිරිනැමීමේ නිල උත්සවය අප්කන්ටි‍්‍ර ලයන්ස් රග්බි සමාජයේ සභාපති චානුක රත්වත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැති අතර මේ අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාද සහභාගි විය.

ජාතික සහ පාසල් රග්බි පිටියේ දක්‍ෂ ක‍්‍රීඩකයන් රැසකින් සමන්විත අප්කන්ටි‍්‍ර ලයන්ස් රග්බි පිල වසර දෙකක පමණ කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ පෙරළිකාර රග්බි කණ්ඩායමක් බවට පත්ව තිබේ.

පසුගියදා පැවැති අන්තර් සමාජ ප‍්‍රධාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ප‍්‍රබල කණ්ඩායම් රැසක් පරාජය කරමින් එහි ශූරතාව දිනා ගැනීමටද අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල සමත් විය.

මෙම කණ්ඩායම පසුගිය වසරේ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් තරගාවලියේ සිවුවැනි ස්ථානයට පැමිණි අතර ක්ලිෆ්ර්ඞ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා රග්බි පිටියේ දක්‍ෂතම යොවුන් ක‍්‍රීඩකයකු වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරයි. ජ්‍යෙෂ්ඨ රග්බි පුහුණුකරුවකු වන ඉම්ති මරික්කාර් මහතා පුහුණුකරු ලෙස ද, හසන් සිංහවංශ මහතා කළමණාකරු ලෙස ද කටයුතු කරති.

ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ අධ්‍යක්‍ෂ ශෆීක් සමාඞ් මහතා විසින් අප්කන්ටි‍්‍ර ලයන්ස් රග්බි පිලේ ශ්‍රීනාත් සූරියබණ්ඩාරට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් ප‍්‍රදානය කරන ලද අවස්ථාව. අප්කන්ටි‍්‍ර ලයන්ස් රග්බි සමාජයේ සභාපති චානුක රත්වත්ත, අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලේ පුහුණුකරු ඉම්ති මරික්කාර් (වමේ), සහ ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ සභාපති මොහොමඞ් ඉමිතියාස් (දකුණේ) යන මහත්වරු ද ඡයාරූපයේ සිටිති.

(ඡයාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

අප්කන්ටි‍්‍ර ලයන්ස් රග්බි පිලට ක‍්‍රිස්බ්‍රෝ අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site