IMG-LOGO

අපි හැමෝම ආදරය හොයන අය

2016-07-10-ent-40

මවුපිය උරුමයෙන් කලාව ඇයට උරුම වූවා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඒ කතාවට අභියෝග කරමින් ඇය තමන්ගේ අනන්‍යතාවයක් කලා ක්ෂේත‍්‍රය තුළ ගොඩනැගීමට උත්සාහ දරමින් සිටින්නීය. ඇය නමින් මාධවී වත්සලාය.

මාධවී පසුගියදා පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ හොඳම නැගී එන නිළියට හිමි සම්මානය දිනා ගැනීම ඇයගේ දක්ෂතාවය පෙන්වන කදිම කැඩපතකි. මාධවී සම්මානනීය වූයේ සිය පියාණන් වන ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ”දස්කොන්” ටෙලි නිර්මාණයට පරිවාර ස්ත‍්‍රියක ලෙස එක් කළ අපූරු රංගන හැකියාව නිසාය.

නිවේදිකාවක, රංගන ශිල්පිණියක, කලා ලොවේ විවිධ ඉසව් ස්පර්ෂ කරමින් සිටින මාධවීට ”සැඳැල්ල” හා මොහොතකට දොඩමළු වන ලෙස ආරාධනා කළෙමු.

 

මාධවී තමයි මේ සැරේ රයිගම් සම්මාන උළලේදී හොඳම නැගී එන නිළිය.

2016-07-10-ent-39ඔව් ඒක ඇත්ත. ඒක මාධවීට පෞද්ගලිකව ලැබුණාට වඩා ඒ චරිතයට මා කළ සාධාරණය වෙනුවෙන් ලැබුණු සම්මානයක් කියලා හඳුන්වන්න මම කැමතියි. ඒ චරිතය කළ මට රංගනය වගේම මගේ ගායන හැකියාවත් එළි දැක්වීමට හැකිවුණා. ඒ නිසා නිහතමානීව ඒ ගැන මම සතුටුවෙනවා.

 

මාධවීට හොඳම නැගී එන නිළිය සම්මානය දීම ක්ෂේත‍්‍රයේ යම් කතාබහකට ලක්වුණා නේද?

මාධවී ටෙලි නාට්‍ය කීයක රඟපාලා තියෙනවාද කියන එකත් ඒ කතාබහේම කොටසක්. එහෙම ප‍්‍රශ්නයක් කාට හරි තියෙනවනම් මගෙන් හරි ඒ විනිශ්චය මණ්ඩලයෙන් හරි විමසන්න පුළුවන්. මගේ හැකියාව ගැන දන්න අයට සහ මගේ හැකියාව අවංකව අගය කරන අයට ඒක ප‍්‍රශ්නයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මාත් එක්ක සම්මානයට නිර්දේශ වෙලා ඉඳපු තුන් දෙනාම ඉතාම දක්ෂ අය. අපේ දක්ෂතා සාපේක්ෂයි. අපේ දක්ෂතා වගේම නිර්මාණයේ ගුණාත්මක භාවයත් මගේ සම්මානයට බලපෑවා කියලා මම හිතනවා.

 

මාධවී සම්මාන උළෙලට ගියේම ඒ සම්මානේ අරගෙනම එනවා කියන විශ්වාසයෙන්ද?

කිසිම විදියක බලාපොරොත්තුවක් තිබුණේ නැහැ කියලා මම කිවුවොත් ඒක බොරුවක්. අපි හතර දෙනෙක් නිර්දේශ වෙලා ඉඳපු නිසා එයින් එක අවස්ථාවක් මට තියෙනවා කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා ඒ අවස්ථාව වෙනුවෙන් බලාගෙන හිටියා කිවුවොත් නිවැරැුදියි.

 

මාධවී සම්මානය ගත්තාට පස්සේ අනිත් අය ඇවිල්ලා සුබ පැතුවාද?

ඒ අය හැමෝම ආදරයෙන් ඇවිල්ලා කතා කළා. මමත් එහෙමයි. අපි හැමෝම සතුටින් ඒ අවස්ථාව බෙදා ගත්තා.

 

ජැක්සන් ඇනත්තනීගේ නිර්මාණ සෙවණැල්ල මාධවී වත්සලාට වැටෙනවා කිවුවොත් මම වැරැුදි නැහැ නේද?

අනිවාර්යයෙන්ම ඒකේ කිසිම වැරැුද්දක් නැහැ. මම ඒක හිස් මුදුනින්ම පිළිගන්නවා.

 

ඔබේ තාත්තාගේ ටෙලි හා සිනමා නිර්මාණ වල පමණක් ඔබ ඉන්නේ ඔබම දා ගනිපු තහංචියක් නිසාද?

සම්මානය ලැබුණේ මම රඟපාපු පළමු ටෙලි නිර්මාණයට. ඒත් කවදාවත් මම අනිත් අයගේ නිර්මාණවලට යන්නේ නැහැ කියාලා තහංචි දාගෙන නැහැ.

 

මාධවී කොහොමද නිළියක් විදියට ඉස්සරහට වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ.

රංගන ශිල්පය මගේ වෘත්තිය නෙවෙයි. ඒ නිසා තෝරා බේරා ගත් නිර්මාණවලට මට දායක වෙන්න පුළුවන්. මම හදාරන ක්ෂේත‍්‍රය තුළ දිගු ගමනක් යාමට මම අපේක්ෂා කරනවා. කලාව පිළිබඳ පුළුල් දැක්මක් මා සතුව තිබෙනවා.

 

මාධවී කියන නිළිය නිළි ගෞරවය කියන එක පිළිබඳ කොතරම් සැලකිලිමත්ද?

වෘත්තීය ගරුවත්වය ඕනෑම ක්ෂේත‍්‍රයක තිබෙනවා. රංගනයටත් ඒක අදාළයි. ඒ නිසා මම වගකීමක් ඇතිව තමයි හැමදාම ක්ෂේත‍්‍රය තුළ වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 

සමහර නිළියෝ සම්මාන ලැබුණු ගමන් තමන්ටම සීමා පනවා ගන්නවා මම රඟපාන්නේ මේ වගේ නිර්මාණ වල පමණයි කියලා මාධවීත් ඒ ගැන හිතුවාද?

කොහොමත් මම සීමාවක් ඇතිව තමයි හැමදාම නිර්මාණ වලට සම්බන්ධ වුණේ අවුරුද්ද පුරා රූගත වෙන මෙගා නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට කොහොමටවත් හැකියාවක් නැහැ. කොහොම නමුත් හොඳ නිර්මාණ වලට දිගටම දායක වෙන්න කැමැතියි.

 

නැගී එන නිළිය සම්මාන ලැබුවාම ඊළඟට එ් අය උත්සාහ කරන්නේ ජනප‍්‍රියම නිළිය හොඳම නිළිය යන කඩඉම් පැන ගන්න. ඔබ?

මම ඉලක්කයක් තියා ගන්නවා නම් මම කැමැතියි කවදා හරි අප්පච්චි ගනිපු සම්මානය ගන්න.

රඟපෑමයි, නිවේදනයයි, වෘත්තීය කටයුතුයි අතරේ ආදරයටත් වෙලාවක් වෙන් කරලා ඇති.

ඒක අපි හැමෝම විඳින දෙයක්. අපි හැමෝම ආදරය හොයන අය.

ඒ කියන්නේ ඉස්සරහට වෙනසක් වෙන්න සියල්ල සූදානම්.

ඒක එහෙම වුණොත් බලාගන්න පුළුවන්. කිසිම දෙයක් හැංගි හොරා කරන්න බලාපොරොත්තුවක් නැහැ.

 

අශෝක හඳගමගේ දුව පුවත්පතකට කියා තිබුණා දර්ශන තලයේදී ඇයට ඇගේ තාත්තා, තාත්තා කෙනෙක්වගේ නොසලකපු බව ඔබටත් එහෙමද?

දර්ශන තලයේදී තාත්තා ගොඩාක් සැරයි. හැමෝටම එහෙමයි. තාත්තා එක්ක වැඩ කරන එක ලේසි නැහැ. පොඩි වැරැද්දක් තිබුණත් ඒ සීන් එක ආපහු ගන්නවා.

 

අමිල චින්තක ගමගේ

 

sandalla

 

2016-07-10-ent-41



අදහස් (0)

අපි හැමෝම ආදරය හොයන අය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 14 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site