2012 ජූනි 17 | ප.ව. 02:42
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
රන්සමනළිය අසනීපයෙන්...
පුංචි තිරයට සොඳුරු රුවක් වූ ඇය ගැන පසුගියදා බොහෝ දෙනා විමසන්නට වුණා. ආශා එදිරිසිංහ කෝ? බොහෝ දෙනා කුතුහලයෙන් යුතුව ඇය ගැන සොයන්නට හේතු වුණේ ඇය පෙනෙන්නට දකින්නට හිටියෙ නැති නිසයි. ඇත්තටම ආශාට මොකද වුණේ? පුංචි තිරයේ මේ රුවැත්තිය පසුගිය දිනවල තදබල ලෙස රෝගාතුරව සිටි නිසා තමයි දකින්නට නොලැබුණේ. මේ නිසා කලා ක්‍ෂේත‍්‍රයේ කටයුතුවලින් මොහොතකට ඈත් වී සිටිමට සිදුවූ බව ආශා අපට කිව්වා. කෙසේ වෙතත් සුවය ලබමින් සිටින අතරේ සැඳැල්ල ‘‘කතා බහට’’ අහදස් දැක්වීමට ඇය මැලි වුණේ නැහැ.
ආශා මොකද වුණේ?
අසනීප වෙලා රෝහල් ගතව ඉඳලා දැන් තමයි ටිකෙන් - ටික සුවය ලබමින් ඉන්නෙ.
මොකක්ද අසනීපය?
මුලින්ම හිතුවෙ නිකම්ම උණ රෝගයක් කියලයි. නමුත් පසුව බලද්දි තමයි දැන ගත්තේ ඩෙංගු කියලා. ඇත්තටම මම මේ වෙලාවෙ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. උණ රෝග ලක්‍ෂණ දිගටම තිබුනාම එය ගාණනකට නොගෙන ඉන්න එපා. ඒ ගැන උනන්දු වෙන්න කියලා මොකද ඩෙංගු රෝග ලක්‍ෂණ එක් එක්කෙනාට මතුවෙන්නෙ එක එක විදියටයි.
දැන් කොහොමද?
දැන් නම් සුවය ලබමින් ඉන්නෙ.
ආශා අපි කැමතියි ඔබගෙ පවුලේ විස්තර සැඳැල්ලට කියනවා නම්.?
මාපියන්ට අමතරව මට ඉන්නෙ අයියා විතරයි. එයා පශුවෛද්‍යවරයෙක්.
ඔබට හිතුණේ නැද්ද වෛද්‍ය අංශයෙන් ඉගෙන ගන්න?
නැත්තෙමත් නැහැ. විභාග කරන කාලයේදී හැමෝටම වගේ මටත් ඒ වගේ අදහස් තිබුණා. ඒත් මොන හේතුවකටද මන්ද මම උසස් පෙළට තෝරා ගත්තෙ කලා විෂයයන්. නමුත් ගෙදර අයගෙ පෙරැත්ත නිසා වාණිජ අංශය තෝරා ගන්න සිද්ධ වුණා. පසුව කැළණි සරසවියෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය ලබාගත්තා.
උපාධිධාරිණියක් වෙලත් රැකියාවක් නොකරන්නේ?
මොන දේ කලත් ජීවිතය වුණේ කලාවයි. ව්‍යාපාර අංශයේ මගේම දෙයක් කරන්න ඕනෑ වුණා. ඒ නිසා තමයි Adsinity (ඇඞ්සිනිටි) කියන අපේම ආයතනය පටන් ගත්තෙ. රූපවාහිනි දැන්වීම්, ප‍්‍රචාරණ කටයුතු මෙන්ම ප‍්‍රවර්ධන කටයුතු ආදී බොහෝ දේ ඒ ආයතනය මගින් සිදුවෙනවා. ”සුළඟ” ටෙලි නාට්‍යය පවා නිෂ්පාදනය කළේ ඒ ආයතනයයි.
අද ඔබ ගැන වැඩිපුර කතා වෙන්නෙ?
ඇත්තටම රන් සමනළයෝ නාට්‍යයේ කළ සමනලීගේ චරිතය නිසයි. රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටියදී පවා බොහෝ දෙනා කතා කළේ සමනලී කියලයි.
ක්ක්‍ෂ්ත‍්‍රයේ අය ආවද ඔබ බලන්න?
ඇත්තටම ගොඩාක් අයට කිව්වෙ නැහැ. මොකද හැකිතරම් විවේකීව ඉන්න කියලා වෛද්‍යවරු කිව්වා. නමුත් ‘‘හීන හතක්’’ වැඩ සටහන කරන්න තියෙන නිසා අයි.ටී.එන්. එකටත්, ලක්හඬ ගුවන්විදුලිය ගෙන එන ‘‘මා පැතූ සේ ආදරේ’’ නාට්‍යයට යන්න තියෙන නිසාත් ඒ ආයතනවලට දැනුම් දුන්නා.
මේ විදියට ජීවිතේ අනපේක්‍ෂිත දේවලට මුහුණ දෙන්න වුණාම ජීවිතේ ගැන ඔබට දැනෙන්නෙ කොහොමද?
ඇත්තටම ජීවිතේ කියන්නෙ මේක තමයි. දුක-සැප-සතුට මේ සියල්ලට අපි මුහුණ දෙන්න ඕනෑ. එහිදී අපි හොඳ මිනිස්සු නම්, යහපත්ව ජීවත්වෙන අයනම් ස්වභාවධර්මය විසින් අපිව රැුක ගනීවි. ඒ ගැන මට තියෙන්නෙ ලොකු විශ්වාසයක්. ස්වභාවධර්මයට මම ඉහළින්ම ගරු කරන කෙනෙක්. ඒ නිසා සමාජයෙන් වුණත් උදව් හරි ලැබෙන බව විශ්වාසයි.
ආශා ඇත්තටම ඔබ කොහොම කෙනෙක්ද?
බොහොම සරලව ජීවත්වෙන කෙනෙක්. මේක්අප් දාලාවත් එළියට යන්න අකමැතියි. සමහර මගේ යාළුවො අහන්නෙ ඇයි එහෙම යන්නෙ කියලයි. ඒකට හේතුව සරල බවට ආසා කිරීම නිසයි.
ජීවිතයේ අරමුණ මොකක්ද?
කාටවත් කරදරයක් නොවී යහපත්ව ජීවත් වීමයි. කලාව සම්බන්ධ කරගෙන ජීවිතය ගෙවන්න කැමතියි. එහිදී වඩාත් වෙනස් හොඳ නිර්මාණ කිරීම තමයි අරමුණ. ඉදිරියේදී ඒ වගේ නිර්මාණ කිරීමට දැනටමත් අත්තිවාරම දාලයි තියෙන්නෙ.
කොහොම වුනත්! ක්‍ෂේත‍්‍රයේ අය එක්ක ඔබ එතරම් කුළුපග චරිතයක් නොවෙයි නේද?
හැමෝම මිත‍්‍රශීලියි. ඒත් ගොඩක් දුරට ඇසුරක් නැහැ. හැබැයි නිර්මාණයකට සහභාගි වන විට හැමෝම එක්ක බොහෝම සුහදශීලිව තමයි කටයුතු කරන්නෙ. මම හිතන්නෙ මම කාගෙවත් හිත් රිදවලා නැහැ.
අද මොන තරම් හොඳට හිටියත් කටකතා කියන දේ අහන්න ලැබෙන දෙයක්. ඔබ කොහොමද ඔබගෙ හොඳ නම
රැකගෙන සිටින්නේ?
කෙනෙක් ජීවත්වන විදිය සහ කරන කියන සියල්ල අනුව තව කෙනෙකුට තීරණය කරන්න පුළුවනි. ඒත් සමහර විට කෙනෙකුගේ දියුණුව ඉවසන්න බැරි වුණාම සමහර උදවිය බොරු දේවල්, අසත්‍ය දේවල් ප‍්‍රචාරය කරන්න පුළුවනි. ඒනිසා අසන කෙනා ඒවා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. කොහොම වුණත් හොඳට ජීවත් වෙනවා නම් ස්වාභාවධර්මය විසින් රැක ගනීවි. ඒක ඒකාන්තයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ අනාගතයක්...බුදු සරණයි.
නංගිගේ රූ සපුව නම් නියමයි
පරිස්සම් වෙන්න මගේ යාලුවනේ
ඔයාගෙ ඇස්දෙක තමයි ලස්සන ඒකයි ඔයාට කැමති
ආශා අක්කගේ රගපෑම නම් නියමයි
ඔයා කවුද අනේ .නිළියක්ද ?.මම අදමයි දැක්කේ ?
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා . සුභ අනාගතයකට ආසිරි....
දැන් ඉන්න කැමරාශිල්පින්ට මොනවා වෙලාද මන්දා...අපරාදේනේ මේ මල් පොඩිකරන්නේ ?
නංගං යට ඉන්න සමිත අක්කත් ඉස්සර කිව්වෙ ඔය වගේ තමා...
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය... (ඔබට ඉක්මන් සුවය )
ඔබට ඉක්මන් සුවය ලැබේවා... !!
ඔයා හරිම ලස්සනයි.මම ඔයාට කැමතියි
ඉක්මන් සුවය පතනවා.. දෙවි පිහිටයි..!!
ඔයාට ඉක්මන් සුවය පතමි
කිරිමාටින් "සන්ජු ....."රූ සපුව " කිව්වේ .......මොකකටද ????????" පපුව පපුව කිරිමාටින් අයියේ පපුව......
හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී ඔබට කඳ සුරිදු පිහිටයි
හිටියොත් හොදට හැදී... දෙවියොත් නමට වදී... ඔබට කද සුරිදු පිහිටයි...!!
අක්කේ, ඔයාට ඉක්මනින් සුව වේවි!
සමනලී ටෙලි ඩ්‍රාමා එකේ ඔයා ගොඩක් අඩනවනේ
මෙතුමියගේ ස්වාමියා ගැන කවුරුවත් කියන්නේ නෑනේ.අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
සොදුරු කලාකාරිනියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි... යාලුවනේ මෝඩ කොමෙන්ට් දාන්නේ නැතිව හොද දෙයක් ලියන්න
ඔයා නම් අපි දන්නා තරමට හොද කෙනෙක් කියල තමා අපි දන්නේ .සුභ පතනවා ඔබට
නංගිගේ ඒ අදහස මමත් පිළි ගන්නවා
මම ආසම නිළියක්
අනේ මේ සිදෙවි කෙල්ල තදබල ලෙස රෝගාතුර උන එක ගැන මට හරි දුකයි....! මේ වගේ නිවුස් දාන්න එපා..මේ වගෙ සුන්දර යුවතියන්ට අසනීප උනා කියලා නිව්ස් කියෙව්වාම මට අඩෙනවා...මෙවැනි සුන්දර යුවතියන්ට කිසිදා කිසිම ලෙඩක් නොහැදෙවා...!
ඔයා ලස්සනයි.රංගනයත් විශිෂ්ඨයි...ඉක්මන් සුවය පතනවා....
මේ අපේ හිච්චි නගානේ
සොබාහදම මොකක් රැක්කත් නංගියේ.. ඔයාගෙ චරිතය රැකගන්න තියෙන්නෙ ඔයාටම තමයි...!!
සොබාදහම මොකක් රැක්කත් නංගියො ඔයාගෙ චරිතය ඔයාම තමයි රැකගන්න ඕන.. ඒකනම් කැත කර ගන්න එපා..
ඉක්මනට සුව වෙන්න!
එතකොට නංගිට ඩෙංගු හැදුනේ සොබාදහමේ වරදකින් නෙමෙයි නේ...!!
සුභ පැතුම්!
නංගියේ නරක මිතුරන් පිලිගන්න එපා......
ඇත්ත , හිටියොත් හොඳට හැදී...දෙවියොත් නමට වඳී
අපරාදේ මල් ටික..
සන්ජු ....."රූ සපුව " කිව්වේ .......මොකකටද ????????
අපි ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා ගොඩක් ලස්සන,අහිංසක කෙනෙක්
මල් මේ වගේ තලල පෙලල දාන එක පව් ?
අක්කේ, ගොසිප්9 බැලුවද?
හිතවත, ඔබට දෙවි පිහිටයි....!
සමනළී වගේම ඔයත් අහින්සකනම් ගොඩාක් හොඳයි....
අක්කේ ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
මේ කාලෙ එහෙම වෙන්නෙ නෑ. බලන්නකො කට්ටිය අපූරුවට ඉන්නෙ.