
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගය ආණ්ඩුව ගත්තේ මිනිස් ජීවිත සුවපත් කරන්න මිසක් අපිට බෙදා ගන්න නොවේ යැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රට ගොඩනගන දිශාව අයවැයෙන් පැහැදිලිවම දක්වා තිබෙනවා. සංඛ්‍යා, දත්ත, දර්ශන වලින් වැහිල තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත.මෙපමණ කලක් හැන්ද අතේ තිබුණු අය බෙදා ගත්තේ කොහොමද කියලා ජනතාව දන්නවා.ඔබලා අතේ හැන්ද තියෙන කොට වාහන පර්මිට්, විදෙස් සවාරි බෙදා ගත්තා.දැන් හැන්ද තියෙන්නේ අපේ අතේ. අපි බෙදන්නේ මහ ජනතාවට.කවදාවත් මුදල් වෙන් නොවූ ක්ෂේත්‍ර වලට අප මුදල් ලබා දෙන්නේ ඒ මනුෂ්‍යත්වය අපේ හිතේ තිබෙන නිසයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන්නේ කීපදෙනෙක් විතරක් කාලා ඇඳලා ඉන්න එකට නෙමෙයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිල්වින් සහෝදරයට ඩිෆෙන්ඩරය බෙදුවෙත් ඔය කියන හැන්දෙන්මද?
බෙදන්න කලින් රටේ ආදායම වැඩිකරගන්න උපායමාර්ග වලට යෑමයි වඩා සුදුසු. නැත්නම් තව තවත් ණය වෙනවා මිසක ගොඩ ඒමක් නම් පේන තෙක් මානෙක නෑ. මෙයාලගෙත් එහෙම සංවර්ධන , ජාතික ප්‍රතිපත්ති ගැන නම් මොකුත් දැක ගන්න බෑ. සහනාධාර දීලා රටක් ගොඩ එනව නම් දැන් ගොඩ ඇවිත්.
බෙදනවා බෙදිල්ලක් ලොවෙත් නැතිවෙන්න.
උඹ ඕනෑ විදියට බෙදාපන් රටටම බරක් නොවී!! වැඩකට නැති වංචනිකයන්ට පඩි උඹලගේ ගෙවල්වලින් ගෙනැල්ලා බෙදාපන්!!
ඔන්න ඕක තමයි අපි බලපොරොත්තු වෙච්ච වෙනස. නියමයි. තව අවුරුදු 20කින් බලුවත් ඕක තියෙයි කියලා හිතනවා.
ෆිනෑන්ස් කාරයන්ට පොල් කටු හැන්දෙන් බෙදලා. ඡන්දේ දුන්න ජනතාවට කන් හැන්දෙන් බෙදන්නේ ඇයි එහෙනම්.
මිනිස්සුන්ට නම් බෙදපු රෙද්දක් නෑ.කිකිලියක් පැය ගානක් කෙකර ගාල එක බිත්තරයක් දානව වගේ අවෘදු ගානක් ස්ටේජ් උඩ අනුන්ට බැනල පොරොන්දු දාහක් දීල කරගන්න බැරුව දගලනව.ජීවන බර අහස උසට.කිව්වෙ ඩබල් කැබ් පාවිච්චි කරන්නෙ කියල.ඒත් ඒකද කරන්නෙ?පාන්පිටි රු.10ක් අඩු කරල වැඩක් තියද.ප්‍රවහන වියදම් අඩු නොකර බඩු මිල අඩුවෙන්නෙ නැ.
බෙදයි බෙදයි ඕම යනකොට ජනතාව ලස්සනට ආන්ඩුවට බෙදයි වැඩි කල් යන්න කලින්
ඔවු අපිට කන් හැන්දෙන් බෙදුවේ. දුප්පතාට තව කෙළ වුනා. අලුත් ත්‍රී වීල් එකකුත් ලක්ෂ 40යි දැන්.