
(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ එක් ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන නොව සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
"යූත් ක්ලබ්" දිස්ත්‍රික් මණ්ඩල පිහිටුවීම අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ඒ අනුව Youth Club කිලිනොච්චි දිස්ත්‍රික් සම්මේලනය කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙරට තරුණ තරුණියන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බවත්, මෙරට තාරුණ්‍යයට ඔවුන්ගේ මාර්ගය තෝරා ගැනීමට youth club හරහා ප්‍රවේශයක් හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
Youth Club සමග සම්බන්ධ වීමෙන් රජය සමඟ සෘජු ව සම්බන්ධ විය හැකි ව්‍යුහයක් නිර්මාණය වන්නේ යැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ ඔස්සේ නව අදහස්, යෝජනා මෙන්ම විවේචන ද ඉදිරිපත් කිරීමට හැකි බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’ අපි වැඩ කරන්නේ එක ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන නොවේ’’
ගුණරත්න Sunday, 27 July 2025 04:15 PM
බු හා හා, ඒ වුණාට තනතුරු දෙන්නේ පක්ෂේ උන්ට.
පන්සිළු Sunday, 27 July 2025 04:18 PM
එහෙම කවුරු හරි වැඩ කළාද ?
ටිල්වින් සීයා Sunday, 27 July 2025 04:57 PM
අපි වැඩ කරන්නේ මොකක් හරි අපිට වැඩියෙන්ම ගෙවන ආගමටයි, ජාතියටයි. ඇයි අවුල්ද?
pakeer Sunday, 27 July 2025 06:50 PM
ඕනම කෙනෙක් මුලින් තැන දෙන්නේ තමන්ගේ කෙනාට... ඒක මූලික මානසික ගතියක්...
රනේ Monday, 28 July 2025 08:51 AM
විකෘති මනසින් ලියන comments කුමක් අදහස් කරන්නේ දැයි අපට නොවැටහෙන්නේ නොවේ. නමුත් ඒවායේ භාවිතයක් වර්ථමානය තුළ නොමැති බව ඔවුන්ට නොදැනේ. ඒ ඔවුන් මුදල් මත සහ පුහු විරුද්ධ මත පමණක්ම කටයුතු කරන නිසාමයි.