(පාලිත ආරියවංශ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකගනිමින් පොහොට්ටුව සමඟ එකතු වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (26) පැවසීය.
මහ ඇමැතිවරයා බදුල්ලේ පැවැති බණ්ඩාරනායක ගුණ සමරු උත්සවයකදී මේ බව කීය.
‘අපි එකතු වෙන්න ඕන වෙලාවට එකතුවෙනවා. හැබැයි එකතුවෙන්නේ පස්සේ දොරෙන් ගිහිල්ලා නෙවෙයි. අපි දැන් ගිවිසුම් හදනවා. අපි ලස්සනට එකතු වෙනවා. මාධ්‍ය සාකච්ඡාවකදී ඩිලාන් සහ එස් බී දිසානායක කිව්වා අපිට ඉතුරුවෙලා තියෙන්නේ ලක්ෂ 3යි කියලා. ඒ තුනත් නැතිවෙන්න කලින් අපිට පොහොට්ටුවට එන්නලු කියන වෙලාවට යන්න අපි සූදානම් නැහැ. ’
‘අපි යන්නේ ගිවිසුම් හදාගෙන අපේ ගෞරව හදාගෙන. අපේ ප්‍රාදේශීය සභා සභාපතිවරු නගර සභා මන්ත්‍රීවරු ඒගොල්ලන්ගෙත් ගෞරවය ආරක්ෂා වන විදියට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ගෞරව ආරක්ෂා වන විදියට අපි යන්නේ’ යැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිවැරදියි. ඔබ වැනි අය සිටිය යුතු තැන එතැනයි.
ඔව්. නැත්තන් කැඳත් නැහැ.
ඔය ලක්ෂ තුනෙන් 98%ක්ම 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ මහින්ද මහතාටයි...
නැතිව නැතිව..... අනාගත ළමා පරපුරට පරම ආදර්ශයක් වෙන්න ගුරුවරු කෙරෙහි ඇති ඉහලම මට්ටමින් ගෞරවය දක්වන හදපිරි සොම්නසින් සානුකම්පිත හදවතින් බලන මෙවන් කෙනෙක් පොහොට්ටුවට නැතිවම බැහැ. එච්චරයි අඩු .
කිසිම තේරුමක් නැහැ.
එහමනං ඇයි ගෝඨාට අභියෝග කලේ බදුල්ලේදී රැස්වීම් තියන්නයි බැහැ කියලා? අනික ඔබ බදුල්ලේ වුනාට තාම ඩිලාන් ගැන දන්නේ නැහැ. ඩිලාන්ට දිනන්න බැරි නිසානේ ගිය පාර ජාතික ලැයිස්තුවේ ආවේ.එස්.බී ත් එහෙම තමයි.
කිසිම සදාචාරයක් නැති ඔබ වගේ අය එකතු වුනොත් පොහොට්ටුවත් විනාශයි.
අපෝ මෙයා ආවොත් ඔක්කොම ඉවරයි.
තිබුන ගෞරවය නැති කරගෙන දැන් කයිවාරු ගහනවා.
ඔව් ඔව් ලස්සන මුනෙන්ම පේනවා මහජන සේවයට ඇප කැප වෙලා කියලා. මේවගේ අයනේ අපේ රටේ මහජන නියෝජිතයන් වෙන්නේ හැබෑටම.
මට වෙලාවකට හිතෙනවා අපේ රටේ බහුතරයක් ඉන්නේ මිනිස්සුද කියලා.. මේවගේ අය පාලනයට පත් කරන්න කිසිම දෙයක් පිළිබඳව අබමල් රේණුවක තරම් සංවේදී බවක් නැති හිස පුම්බාගත් අයවලුන්ගෙන් ගෙන් රටට වෙන විපත අති මහත්...
අර ගුරු මාතාවගේ ගෞරවය ආරක්ෂා කළ හැටි අපිට තවම මතකයි. අපි මැරිලා ඉපදුණේ නැහැ...
පොහොට්ටුවට ඇදගෙන නාන්න තමයි වෙන්නේ. ඒ අර ගුරුමාතාව දැනගස්සපු එකත් පොහොට්ටුව පිට යාවි...
එ්කත් කාලා දාන්නද එන්න හදන්නේ...? දේශපාලුවා යන යන පැත්තට යන ප්‍රතිපත්තියක් නැති මිනිස්සු ඉන්නකන් තුම්සේලාට හොඳයි. අපි නම් තුම්සේලා පස්සේ එන්නේ නැත. අපිට දේශපාලනය ගැන අපේම දර්ශනයක් තිබෙනවා. දේශපාලකයා ඊට ගැලපෙනවා නම් අපි එයාගේ පැත්ත ගන්නවා. ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා... නැතිනම් කඩේයනවා.