IMG-LOGO

අපේ රසිකයන් වැඩිපුරම ප්‍රියකරන්නේ 70 දශකයේ ගීතවලට

2016-09-14-ent-15

යොවුන් වියේ පසුවන ඔබ වැඩි වශයෙන්ම කණ්ඩායම් සංගීතයට ප්‍රියකරන බව අපි දන්නෙමු. ඒ අතරින් එළිමහන් සංගීතය තරුණ පිරිස් අතර වැඩි ප්‍රසිද්ධියක් උසුලයි. එළිමහන් සංගීත කණ්ඩායම් බොහොමයක් අද දැකගත හැකි අතර, වර්තමානයේ කැපී පෙනෙන එළිමහන් සංගීත කණ්ඩායමක් ලෙස "බයිපාස්" සංගීත කණ්ඩායම හඳුන්වාදිය හැක. ඔවුහු සුපුරුදු සංගීත රටාවෙන් මදක් බැහැරව එදා මෙදා තුර වයස් භේදයකින් තොරව හැමෝම ප්‍රියකරන ජනප්‍රියත්වයෙන් ගිලිහී නොයන 70 දශකයේ ගීත ගායනා කිරීමට යොමුවී සිටිති.

2016-09-14-ent-16මෙය ආරම්භ කර වසරක් ගතවන අතර, මෙහි සැම ශිල්පියෙකුම දිවයිනේ නමගිය ජනප්‍රියතම සංගීත කණ්ඩායම්වල සිටි ශිල්පීහු වෙති. මෙහි නායකයා ලෙස ෂානු ප්‍රේමරත්න කටයුතු කරන අතර, ඔහු තම සංගීත කණ්ඩායම පිළිබඳව පැවසීමට "තරුණයා" සමග මෙලෙස එක්විය.

"අපට අවශ්‍ය වුණේ පවතින සංගීත ප්‍රසංගවලට වඩා වෙනසක් කිරීමට. කොතරම් ගීත අලුතින් බිහිවුණත්, ඒවා ජනප්‍රිය වුවත්, අපේ රසිකයන් වැඩිපුරම ප්‍රියකරන්නේ 70 දශකයේ ගීතවලට. තරුණ පරපුරද ඒ ගීතවලට වැඩි කැමැත්තක් දක්වනවා. දශක ගාණක් පුරා එකසේ ජනප්‍රිය ගීත එළිමහන් ප්‍රසංගවලදී ගායනා කළොත්, ඒ සඳහා විශාල ඉල්ලුමක් වගේම හොඳ රසික ප්‍රසාදයක් ලැබෙයි කියන විශ්වාසය මත තමයි අපි "බයිපාස්" ආරම්භ කළේ.

ඒ බලාපොරොත්තුව අද ඉටුවෙලා තියෙනවා. ඒ සඳහා අප සමග සිටිය සෑම රසිකයෙකුටම අපි ස්තුති කරනවා. මේ වනවිට රටවල් ගණනාවක සංචාර අපට ලැබිලා තියෙනවා. පසුගිය කලායේ මාස දෙකක් කුවෙට්හි ප්‍රසිංග පැවැත්තුවා. ඒ වගේම ඩුබායි, කොරියා රටවල ප්‍රසංග කීපයකටම සහභාගි වුණා. ඉදිරියෙදිත් රටවල් කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉන් තේරෙනවා රසිකයන් එදා ගීතවලට මොනතරම් ප්‍රියකරනවාද කියන එක.

 

ඔබගේ සංගීත කණ්ඩායම එළිමහන් ප්‍රසංගවලට පමණද සහභාගි වන්නේ?

වැඩි වශයෙන්ම එළිමහන් ප්‍රසංග සඳහා සහභාගි වෙනවා. ඊට අමතරව විවාහ මංගල උත්සව සඳහා සහභාගි වෙනවා. ඒ වගේම Hotel වල පවතින උත්සව සඳහා විශේෂයෙන්ම සහභාගි වෙනවා.

 

"බයිපාස්" සංගීත කණ්ඩායම මිල අධික සංගීත කණ්ඩායමක්ද ?

අපි අපේ වටිනාකම දන්නවා. ඒ නිසා අපි සාධාරණ මුදලක් අය කරනවා. හැබැයි මුදලට වඩා සාධාරණයක්, වටිනාකමක් ලබාදීමයි අපේ එකම අරමුණ. මොකද අපිට රසිකයන් ඉතා වැදගත්. ඔවුන් සතුටු වුණේ නැතිනම් අපි කරපු දේ පලක් නැහැ.

 

"බයිපාස්" සංගීත කණ්ඩායමේ අරමුණ හැමදාම 70 දශකයේ ගීත පමණක් ගායනා කරන්නද?

අපිටම කියලා ගීත 05ක් නිර්මාණය කරලා තියෙනවා. එයින් එක් ගීතයක් "හිත කකියනවා" ගීතය. එහි රූප රචනය කළා. යූ ටියුබ්වල එය ප්‍රචාරය වෙනවා. ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

"බයිපාස්" සංගීත කණ්ඩායම 70 දශකයේ ගීතවලට වගේම ඔබ ප්‍රියකරන සෑම මාදිලියකම ගීතවලින් ප්‍රසංග රසගන්වන්ට කටයුතු කරන සංගීත කණ්ඩාමක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ ඉදිරි ගමනට අපි සුබ පතමු.

0768 4120 49

 

සටහන - ශාන් බන්දු වීරසිංහ

 

2016-09-14-ent-17



අදහස් (0)

අපේ රසිකයන් වැඩිපුරම ප්‍රියකරන්නේ 70 දශකයේ ගීතවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 307 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site