‘අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට වගේම රටේ සියලු දෙනාටම සහන දුන්නා. එදා ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ කාලෙ ලබාදීපු පාසල් නිල ඇඳුම් සහ පාසල් පොත් ටික ලබා දෙන්නකුට ග්‍රාමීය පාසලක් නගරයේ පාසලක් කියලා බැලුවේ නෑ. සියලු දෙනාටම ලබාදුන්නා‘ යැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ අද (6) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
‘නිල ඇඳුම් වගේම ජන සවිය ලබාදෙනකොටත් බලපු මූලික සුදුසුකම දේශපාලනය නෙමෙයි. එදා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන කොට නිවාස ලබාදුන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරක් නෙමෙයි. පක්ෂ භේදයකින් තොරව සුදුස්සාට ඒ ප්රතිලාභ ලබාදෙන්න කටයුතු කළා. නැවත ඒ තත්ත්වය වර්තමාන ආණ්ඩුව ඇති කරලා තියෙනවා‘ යැයි ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්න ඒවා ගැන කියලා වැඩක් නැහැ. දෙන්න පොරොන්දු වෙච්ච ඒවා දැන් දීලද තියෙන්නේත් කිවුවොත් හොඳයි. (නි)
ඒ කාලේ දීපු නිල ඇඳුම් වෙන්න ඇති තවමත් අඳින්නේ (නි)
සහන දෙන්න එතකොට රට අවුරුදු 40ක් උගසට තියලා ණය ගත්තේ (බ)
රටටම සහන දෙන්න තමයි ආණ්ඩුවක් හැටියට කරන්න ඕන. ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. (ම)
එතකොට දේපල හානි, ගෙවල් ගිනි තැබීම් වලටත් පක්ෂ පාට බැලුවේ නැද්ද? ඔබතුමිය කතාකරන්නේ මැරිලා ඉපදුනා වගේනේ. ඒ වුණාට අපි නම් මැරිලා ඉපදුනේ නැහැ තාම. (නි)
ඇත්තද? අනේ අපිට නම් එහෙම දෙයක් පෙනුනේ නැහැනේ (නි)
රටක් දියුණුකර දෙපයින් සිටින ජනතාවක් බිහිකරනවා වෙනුවට නිතරම ණය වෙමින් තරඟයට පිනට දෙන්නත්, එයින් පින් ලබා තමන්ගේ බඩවියත රැක ගැනීමත් හැර කිසිවක් අපට පෙනෙන්නට නැත. (නි)
එ් වුණාට රැකියා දෙනකොට පක්ෂ පාට බැලුවා විශේෂයෙන් ගුරුපත්වීම් දෙනකොට. (බ)
මොනවද දන්නැහැ දුන්නේ
හැමවිටම පවතින රජයක් පරාජය කරන්නේ සහන නොලැබෙනවිටය. ජනතා බදු මුදලින් මිස තම පුද්ගලික මුදලින් රජයක් සහන දෙන්නේද නැත (නි)
තිලාන්, රටෙන් අපිට නෙවෙයි අපෙන් රටට දීල තියෙන්නේ මොනවද කියලා ඔයාම හිතලා බලන්න. (ර)
රෝහණ, අපි රටට ඕනෑතරම් දීල තියනවා. දැනුත් දෙනවා. නමුත් ඔව්න් රටට මොනවද දෙන්නේ. (ර)
තිලාන් මොනවද දන්නේ නැහැ රටට දුන්නේ. (ර)
1977 බලයට ආ දවසේ සිටම ක්‍රියාකළේ කෙසේ හෝ ලබාගත් බලය රැකගැනීමටයි. රටට කළ යහපතට වඩා විනාශයක් රටට, සිංහලයාට කර තිබෙනවා. (නි)
නිල ඇදුම් ගැන කුමන කතාද? අනෙක් දේවලුත් ඒ වගේම තමයි. කතාවෙන් හුගාක් දක්ෂ අයට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ක්රීයාව. (අ)
ඔව්,ඔව්, අපි දැන් ඉන්නෙ ධර්මිෂ්ට සමාජයකනේ! (නි)
අනේ ඒ ගැන නම් ඉතින් මොකට කියනවද? (නි)
මත්තේගොඩ නිවාස සංකීර්ණයට ගිහින් බලන්න දුන්න හැටි. ජනවාරි 8 දිනුව විතරයි මහින්දගේ මුහුණ කටවුට් වලින් කපල දැම්ම. (අ)
ඒ වුණාට 2002 මේ ගොල්ලන්ගේ ආණ්ඩුවෙන් ටකරම් බෙදනකොට කළුතර නම් කොළ පාට නම් තමයි දුන්නේ.(අ)
සුරේෂ් රාජ්,හිතන්න අපි නොදුන්න නම් අපේ ශ්‍රමය,බදු, විදේශ විනිමය, අපේ දැනුම, කොහොමද අය රටට දුන්නාය කියන දේවල් දෙන්නේ? තිලාන් හරි මම එකග වෙනවා. (අ)
ඔයාල මොනවද දුන්නේ? කලින් හිටපු එජාප නායකයන් කරපු දේවල් මාර්කට් කරන්න ලෑස්ති වෙන්න එපා. කලින් නායකයො දුන්නු නිළ ඇඳුම්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය මිනිස්සුන්ට නොදැනෙන්න නැති කරගෙන යනවා. පරණ ණය ගෙවන කථා, හොරකම් කරපුව කියල රවට්ටන්න බෑ දැන්. (අ)
ඔයාල දීපුවා නිසා තමයි අපි දුක් විදින්නේ රාජ්‍ය පරිපාලනය බල්ලට දම්මේ ඕගොල්ලෝ 1977 දී (අ)
රෝහණ දන්නා දේවල් රෝහණ ඕව සටන්පාට පමණයි (අ)
නැතිවෙච්ච ජීවිත 60000 ගැන මොනවත් කියන්න නැද්ද (බ)