IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අපේ යාළු මාළුවෝ - 12

බුලත් හපයා යනු ශ්‍රී ලංකවේ ඉතා ප්‍රකට මාළුවෙකි. බ්ලැක් රූබි බාර්බ් Black Ruby Barb ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන බුලත් හපයා සත්ත්ව විද්‍යාත්මකව පන්ටිස් නිග්‍රොෆේෂිඒටස් Puntis nigrofasciatus ලෙස නම්කැර ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර 300ක් පමණ දක්වා උසකින් යුතු කැලණි හා නිල්වලා ගංඟා නිම්නය දක්වා තෙත් කලාපයේ සෙවණ සහිත පිරිසිදු ජලය ඇති ස්ථානයන්හි දක්නට ලැබෙන බුලත් හපයන් කළක සිට විසිතුරු මාළුවකු ලෙස අපනයනය කැරිණි. මහවැලි නිම්නයේ හා ගිනිගත්හේන ප්‍රදේශයේ ඇල මාර්ගවල ද එම ස්ථානයන්ට පිටතින් ගෙනගොස් දැමූ බුලත් හපයන් සිටින බව පරිසරවේදීහු කියති.

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී මේ බුලත් හපයන් යොදා ටයිගර් බාෆ් නමැති මාළුවා බිහිකැර ඇත. ටයිගර් බාෆ් ලොව පුරා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී ඉතා ප්‍රකට මාළුවෙකි.

කුඩා කාලයේ දී සුදු පැහැයට හුරු රිදී පැහැති සිරුරකට හිමිකම් කියන බුලත් හපයාගේ සිරුරේ උඩු අතට විහිදුණු කලු පැහැති ඉරි දක්නට ලැබෙයි. මාළුවා වර්ධනය වෙද්දී රිදී පැහැය රක්තවර්ණයක් ගනී. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යයා වඩාත් දීප්තිමත් ස්වභාවයක් ගනී. සෙන්ටිමීටර හයක් හෝ අටක් පමණ දික්ව වැඩේ.

බුලත් හපයා නොගැඹුරු පිරිසිදු ජලයේ ජලජ පැලෑටි අතර වරකට බිත්තර 100ක් පමණ දමයි. දින දෙකකින් පමණ බිත්තර පුපුරා පැටවුන් එළියට පැමිණ පැය 24ක් පමණ ගත වෙද්දී හොඳින් පිහිනා යයි.

 වැලිගොඩ දැමීම, මැණික් ගැරීම හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශ වී යයි. එමෙන් ම දැඩි ලෙස කෘමි නාශක භාවිතය ද බුලත් හපයාගේ පැවැත්මට දැඩි තර්ජනයකි. වනාන්තර විනාශ කිරීම හේතුවෙන් ගංඟාධාර දැඩි සූර්ය රශ්මියට නිරාවරණය වීම ද බුලත් හපයාගේ පැවැත්වමට විනාශකාරී ලෙස බලපා ඇත.  

Puntius-Nigrofasciatus-04



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 12

අමිල බළංගොඩ Sunday, 30 November 2014 10:41 AM

බලන්ගොඩ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 600 විතර උසයි. මේ බුලත් හපයෝ එහෙ ඉන්නවා. ඒ කියන්නේ මීටර් 300 ට වඩා උස ප්‍රදේශ වලත් පැතිරිලා ඉන්නවා කියන එකනේ. (අ)

:       0       0

කොරයිලා Sunday, 30 November 2014 10:52 AM

අපේ ගහෙත් බුලත් පය ඉන්නවා. හැබැයි මෙච්චර රතු පට නම් නැත (අ)

:       0       0

තිලක් ඩුබායි Sunday, 30 November 2014 12:36 PM

"සුරතල් මසුන්" ගැන ලියවුන එක්තරා වටිනා පොතක "බුලත් හපයා" ගැන කියද්දී අවේනික රට වසයෙන් සටහන් වෙන්නේ ශ්‍රී ලංකාව.එම පොතේ එවැනි ශ්‍රී ලංකාවට අවේනික සුරතල් මසුන් විසාල ප්‍රමාණයක ඉන්නවා.එත් අද වෙනකොට වැලිගොඩ දැමීම, මැණික් ගැරීම හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශ වීමෙන් . එමෙන් ම දැඩි ලෙස කෘමි නාශක භාවිතය ද වනාන්තර විනාශ කිරීම හේතුවෙන් ගංඟාධාර දැඩි සූර්ය රශ්මියට නිරාවරණය වීමෙන් අපිට අවේනික මසුන්ගේ පැවැත්වමට විනාශකාරී ලෙස බලපා තිබෙනවා. (ස)

:       0       0

අරුණ Sunday, 30 November 2014 01:15 PM

අනේ අපේ මාළු ..කෙතරම් ලස්සනද යාලු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site