බුලත් හපයා යනු ශ්‍රී ලංකවේ ඉතා ප්‍රකට මාළුවෙකි. බ්ලැක් රූබි බාර්බ් Black Ruby Barb ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන බුලත් හපයා සත්ත්ව විද්‍යාත්මකව පන්ටිස් නිග්‍රොෆේෂිඒටස් Puntis nigrofasciatus ලෙස නම්කැර ඇත.
මුහුදු මට්ටමේ සිට මීටර 300ක් පමණ දක්වා උසකින් යුතු කැලණි හා නිල්වලා ගංඟා නිම්නය දක්වා තෙත් කලාපයේ සෙවණ සහිත පිරිසිදු ජලය ඇති ස්ථානයන්හි දක්නට ලැබෙන බුලත් හපයන් කළක සිට විසිතුරු මාළුවකු ලෙස අපනයනය කැරිණි. මහවැලි නිම්නයේ හා ගිනිගත්හේන ප්‍රදේශයේ ඇල මාර්ගවල ද එම ස්ථානයන්ට පිටතින් ගෙනගොස් දැමූ බුලත් හපයන් සිටින බව පරිසරවේදීහු කියති.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී මේ බුලත් හපයන් යොදා ටයිගර් බාෆ් නමැති මාළුවා බිහිකැර ඇත. ටයිගර් බාෆ් ලොව පුරා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ දී ඉතා ප්‍රකට මාළුවෙකි.
කුඩා කාලයේ දී සුදු පැහැයට හුරු රිදී පැහැති සිරුරකට හිමිකම් කියන බුලත් හපයාගේ සිරුරේ උඩු අතට විහිදුණු කලු පැහැති ඉරි දක්නට ලැබෙයි. මාළුවා වර්ධනය වෙද්දී රිදී පැහැය රක්තවර්ණයක් ගනී. අභිජනන සමයේ දී පිරිමි මත්ස්‍යයා වඩාත් දීප්තිමත් ස්වභාවයක් ගනී. සෙන්ටිමීටර හයක් හෝ අටක් පමණ දික්ව වැඩේ.
බුලත් හපයා නොගැඹුරු පිරිසිදු ජලයේ ජලජ පැලෑටි අතර වරකට බිත්තර 100ක් පමණ දමයි. දින දෙකකින් පමණ බිත්තර පුපුරා පැටවුන් එළියට පැමිණ පැය 24ක් පමණ ගත වෙද්දී හොඳින් පිහිනා යයි.
වැලිගොඩ දැමීම, මැණික් ගැරීම හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශ වී යයි. එමෙන් ම දැඩි ලෙස කෘමි නාශක භාවිතය ද බුලත් හපයාගේ පැවැත්මට දැඩි තර්ජනයකි. වනාන්තර විනාශ කිරීම හේතුවෙන් ගංඟාධාර දැඩි සූර්ය රශ්මියට නිරාවරණය වීම ද බුලත් හපයාගේ පැවැත්වමට විනාශකාරී ලෙස බලපා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ගොඩ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 600 විතර උසයි. මේ බුලත් හපයෝ එහෙ ඉන්නවා. ඒ කියන්නේ මීටර් 300 ට වඩා උස ප්‍රදේශ වලත් පැතිරිලා ඉන්නවා කියන එකනේ. (අ)
අපේ ගහෙත් බුලත් පය ඉන්නවා. හැබැයි මෙච්චර රතු පට නම් නැත (අ)
"සුරතල් මසුන්" ගැන ලියවුන එක්තරා වටිනා පොතක "බුලත් හපයා" ගැන කියද්දී අවේනික රට වසයෙන් සටහන් වෙන්නේ ශ්‍රී ලංකාව.එම පොතේ එවැනි ශ්‍රී ලංකාවට අවේනික සුරතල් මසුන් විසාල ප්‍රමාණයක ඉන්නවා.එත් අද වෙනකොට වැලිගොඩ දැමීම, මැණික් ගැරීම හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශ වීමෙන් . එමෙන් ම දැඩි ලෙස කෘමි නාශක භාවිතය ද වනාන්තර විනාශ කිරීම හේතුවෙන් ගංඟාධාර දැඩි සූර්ය රශ්මියට නිරාවරණය වීමෙන් අපිට අවේනික මසුන්ගේ පැවැත්වමට විනාශකාරී ලෙස බලපා තිබෙනවා. (ස)
අනේ අපේ මාළු ..කෙතරම් ලස්සනද යාලු (ස)