ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේදී දිමිත්තා යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ ජීවත්වන මේ මසුන් වතුර විදිමෙන් වැඩිපුරම ගොදුරු කැර ගන්නේ දිමියන් වීම හේතුවෙන් මොවුන්ට දිමිත්තා යන නම ලැබී ඇත.
ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ හා ඉන්දු පැසිපික් කලාපයේ දක්නට ලැබෙන දිමිත්තා ඉංග්‍රීසි බසින් ආචර් ෆිෂ් යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිමිත්තන් සත්ත්ව විද්‍යාත්මකව ටොක්සෝටිස් කැටරියස් යනුවෙන් හැඳින්වේ. මෙම ඝනයට අයත් තවත් මත්ස්‍ය විශේෂ හයක් ලෝකය පුරා දැකිය හැකිය. ඒ අතිරින් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන විශේෂය හඳුන්වන්නේ විශාල ප්‍රමාණයේ ආචර් ෆිෂ් යනුවෙනි. එම මත්ස්‍ය විශේෂය සෙන්ටිමීටර 20 ක් පමණ විශාලව වැඩෙන අතර වරකට බිත්තර 20,000 ත් 150,000 ත් අතර ප්‍රමාණයක් දමයි.
ගොදුරු අල්ලාගන්නා අපූරු ක්‍රමය හේතුවෙන්ම මසුන් ඇතිකරන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය දිමිත්තා ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයකු නොවන බැවින් විසිතුරු මසුන් අපනයනය කරන්නන් විසින් ඔවුන් අල්ලා අළෙවි කිරීම සිදු කරයි.
අපේ යාළු මාළුවෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/269354
අපේ යාළු මාළුවෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/269724
අපේ යාළු මාළුවෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/271330
අපේ යාළු මාළුවෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/271559
අපේ යාළු මාළුවෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271675
අපේ යාළු මාළුවෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/276731

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිපාල මහත්තයා, බලාගෙනයි. කකුලේ බෝතල් කටු ඇනෙයි. අපේම අය ගොඩක් සුන්දර ස්ථාන දැනටමත් විනාශ කරලා තියෙන්නේ (නි)
සිරිපාල මහත්මයා පරිසරයට හානි වෙන්නේ නැතුව මාළු අල්ලන ක්‍රමය ගැන පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ? (නදී)
දිමිත්තා ලස්සන මාළුවෙකි. සිරිපාල කැත මිනිහෙකි. සිරිසේන හොඳ කෙනෙකි? (නදී)
අයියෝ සිරිපාල (නදී)
ලංකාවට ආවේනික මාළු රැකගත යුතුයි (නදී)
සිරිපාල අයියා ඔයා කියන ජාතියේ තැන් එකට දහයක් හොයල දෙන්නම්, මොකද කියන්නේ මාවත් සෙට් කර ගන්නවද? (නදී)
"දිමිත්තා" ලස්සන මාළුවෙක් වගේම ලස්සන නමක්. ලස්සන ගැහැණු ළමයි හඳුන්වන්නත් මේ නම පංකාදුයි! (නි)
ස්තුතියි ලංකාදීප...! (නි)
මගේ හීනය සති අන්තයේ නිවාඩු දවසක කැලෑවක් මැද දිය කඩිත්තක් ලග පොඩි කූඩාරමක් අටවාගෙන කෑමක් හදාගෙන මේ ව්ගේ අල්ල ගත්ත ගම් මාලු ටිකක් එහෙම බාබකිව් දාලා මොනාහරි බීලා පරිසරයේ සුවය විදින්න. මේ දෙසැම්බර් නිවාඩුවට මගේ හීනය හැබෑ වෙනවා නම් හරිම කැමතියි මම. පරිසරයට හානියක් නොවෙන විදියට මේ සේරම කරන්නේ. (නදී)
ස්තූතියි ලංකාදීප! (නි)